Saturday, March 26, 2011

final pepare~


තනි  වුනා  මම  නිමේශයකට
පුදුම  නිහැඩියාවක් !
ඇහෙන්න  ගත්ත  හදවතේ   ගැස්ම  ....
ලබ්  ඩබ්  ලබ්  ඩබ් ........

කර්මාන්ත  ශාලාවක්  වගේ 
එහෙනවා  මම  වගේම  තවත්  අය
මා  වට  කරලා .

කොළ  පිටු  පෙරළෙනවා  සර  සර ....
පෑන   ගැටෙන , මත  අතුල්ලා  ගෙන,  සූරගෙන   මූන 
ඇදගෙන   කාබන්  තීන්ත  අලුත්ම  අලුත්  කොලවල .

සුදෝ  සුදු  කිරිපාට  A4 කොලයක්
මගේ  මෙසේ  උඩ ..!
මොනවදෝ  අකුරු  ගොඩයි  
ලස්සනට  ප්‍රින්ට්  වෙලා
කලුපාට  තද  තීන්තෙන්  .
තිබුන  ගොඩක්  ප්‍රශ්නාර්ථ  ලකුණු
බොහොමයක්  පේළිවල  අගට

මම  තනිවෙලා  ලෝකයක්  නැති  අවකාශයක
මේ  කොළ  ටිකත්  එක්කල .
එබිලා  බැලුවම  එකට
තිබුන  ලොකු  ලංචනයක්
රාජ්‍යය  ලංචනේ  වගේ  - ඉහලින්ම  තද  කළු  තීන්තෙන්

"03 hours" විසික්  වෙලා  වැටුන  දාපු  සද්දෙට
ඇවිත්  කෙනෙක්  මගේ  මෙසේ  ලගට 
ඕනෙද  කොළ ?????
තවත් ?
මට ?
මොකටද ?
තම  දීපු එකේ  ලිවෙත්  නැනේ ?

මම  වගේම  ගොඩක්  ය  ගණිතයට    සමත්   !
විනාඩියෙන්  ගණන් කළා වහලේ  සේරම  උළු .
අනාගතය ...
අනන්තයකට  විසි  වෙනවා
මම  ගන්දබ්බ  වෙලා
පැය  3ක්  ඇතුලත
කාලය  නැවතිලා
දෝංකාර  දෙනවා  ඉස්සරහ  එල්ලුණු  බිත්ති  ඔරලෝසු  කට්ට .

මොනවා  හරි  ලියනවා  මමත් .
ඔන්න  පිටධිපති  තුමෝ
කොර  හරිය  අවුරුද්දක්
මෙන්න  මගේ  උත්තර  පත්තරේ
බලන්න  ඔබ  තුමාට .
ලස්සනද  කවිය ?

Friday, March 11, 2011

විගාගේ.... තනිවු බ්ලොග්...


එදා මෙදා තුර මාගේ ජීවිතයේ
මෙතෙක් දුරක් ආ සකි සද වරින් වරේ
ඔන්න ආයෙ ඇවිදින් ඌ යලිත් වරේ
ඔළුව ගිනි අරන් ආයෙත් ඔන්න මලේ

ජිවිතයෙන් අඩක් ගෙවු උඔ මිතුරේ
වරෙක මාව දනගස්වයි නුබේ බලේ
වරේක මාව හිනි පෙත්තේ තියු මලේ
ඇත්වත් බැරි නැතුවත් බැරි නුබේ බලේ

ආයෙත් මේ දවස් වල මට නු‍ඹේ බලේ
පේනව තරැත් එක්කල නිරන්තරේ
ගෙවා වසක් කල කී දෑ මනිනු ලෙසේ
ආයෙත් ඉතින් උබ ඇවිදින් මෙන්න වදේ

නාඩා ඉදින් බලොග් මිතුරේ CYBER යේ
හිටපන් ටිකක් ඌ යනකන් කලින් වගේ
ලැබුන ඉඩක් තත්පරයක් මමත් මලේ
උබ තනිතොකරමි සතතයි මේං කැටේ