Thursday, January 26, 2012

අකුරු සතර...!



       ලියන්නට කවක්
         සෙව්වෙමි බෝ කලක්...!

      නොහදුනන වදනක්
         සොයමින් තේරුමක්....!

බලාහුන් පෑන
   ආසාව හඩවමින්...!

ඇවිදින් දිනක්
        පිටාර යනු මෙලෙසින්...!

හඩපන් දෑස
        නොහදුනන කදුළු ඇයි දැයි ?

    බැහැ! පෑන නවතියි
     ඇයි දැයි නොතේරෙයි...!

දිය හැකිද වදනක්
    හදුන්වනු මේ අසහනය...!

වදන නම් ඒ
       හැඩවූ අකුරු සතරක්...!

Sunday, January 22, 2012

සිහිනයක දිවි ගෙවමි...



මම ද ප්‍රාණියෙක් මි.
සිහිනයක සැරි සරන.
යතාර්ථය දැන දැනම
සිහිනයක රස සොයන.

යතාර්ථය සිහිනය වී
සිහිනය යතාර්ථය වූ කල

සැගවී අගුලු ලමි
යතාර්ථය අමතකව..