Monday, June 2, 2014

කාගෙත් සුන්දරී වූ ඈ වෙත ලියමි.....


කාගෙත් සුන්දරී වූ ඈ වෙත ලියමි......

ඉස්සර බස් එකේ යද්දි
අතර මගදි ,
තැනින් තැන උබ දකිනකොට,
මටත් උබ එක්ක යන්න නොහිතුනාම නෙවෙයි.
ඒත් .....
ගොඩක් එවුන් උබත් එක්ක යන්න දගලනව දැක්කම,
 මම පස්ස ගැහුව.

“ඒක ඔච්චර හිතන්න දෙයක් නෙවෙයි!
ඉදපන්කො මම සෙට් කරන්න!“
එහෙම කිව්ව යාළුවෙක් එක්කල මමත් කෝම හරි අන්තිමට උබ ගාවට ආව.

ලේක් හවුස් එක දිහා හොරෙන් බල බල ,
උබත් එක්ක පැනගත්තු මං,
උබත් එක්ක ගල්කිස්සෙ බීච් එක අද්දරින් රෑ වෙනකල් එනකොට,
දැනුන දේ කියන්නෙ කෝමද මට තාම තේරුනේ නෑ.

මට උබ ගැන තියෙන්නෙ ,
මගේ උවමනාව ඉශ්ටකරගන්න හැගීම විතරමද?
කියල ආයෙත් හිතන්න මට ඕන වුනා.....

උබ ගැන කියන්න මට කථාවක් තියෙනව  කියල දැනෙන කොට,
තවගොඩක් උන්ට උබ ගැන කියන්න උන්ගෙම කථාවක් තිබුන.

කෝම වුනත් රුහුණු කුමාරි.....
මම උබත් එක්ක යන්න ලබන සිකුරාදත් එනව..

මීට මං,
ලිව්වෙ ගල්කිස්සෙ බීච් එක ලගදි.