Thursday, December 30, 2010

අවුරැද්දක් ඉවරයි......

කාලය කියන්නේ .... නොනවතින දෙයක්..!
ඇහුවාම වචනෙ ... “කාලය”...!
නැගෙන්නෙ හිතට ශබ්දයක්..! ගැඹුරැ නිහඩක් මැදින්...!


ටික්.....! ටික්.....! ටික්.....! ටික්.....!


සමහරැන්ට යන්නෙ වේගයෙන් ..!
සමහරැන්ට ගෙවාගන්න බැරි හෙමින්..!
වෙලාවකට කටු 3ක..!
එල්ලිලා පැද්දෙන බට්ටෙක්ගෙ..!
ලොකුවට වැටෙන ඩිජිටල් අංක 4ක,
වෙන්වෙලා එකට උන් තිත් 2කට.!
නැතිනම් සිනිදුවට වැටෙන වැලි රළක,
හිරවුන වීදුරැ හැඩ 2ක් මැද ..!


ගෙවී ගියා මටත් ඔහු..!,
විටෙක වේගයෙන්, විටෙක බෝම හෙමින්...!
දහසකුත් එකක් මුහුණු
කැටයම් කලා.. කාබන් කඩදාසියක...,
මතකයේ විචලනය වෙමින් වේගයෙන්....!


අගයක් නොමුති අංකයම දෙපාරක්,
යෙදුන දෙක , ඒක මැදින්,
එකක් හැර එකක් ලෙස...!
2 0 1 0


අහවරයි නුඹත් දැන් ,
එනව හෙට තව එකෙක්..!
නුඹ ආපු එදත් මං..!
පැතුව මේ වගේමම,
සමුදීල නුඹට පෙර
නුඹ මෙන්ම ආ ඹහුට....!


ඉතින් මම නාකි වී....
තවත් එක ඇරඹුමක් ....!
ආයුබෝවන් නුඹට....
හෙටින් එන නව වසර....!!!

31.12.2010

පරිප්පු ........


පරිප්පු ........
            හරියට ආදරේ වගේ .....!
ආදරේ නැති ජීවිතේ ...
            පරිප්පු නැති හෝටලේ වගේ .....!

කඩල පරිප්පු ... මයිසූර් පරිප්පු ...!
නැති වුන දාට පරිප්පු.. මොනා වේවිද ???
උයන්න දෙයක් නැති වුනාම ගම් වල....
     කියනව නිකමට වගේ ............
“ උයන්න පරිප්පු ඇටයක් නෑ ගෙයි ...!”

කැන්ටිමේ .. කැම්පස් එකේ ..
  කියාදෙනව අනින්‍ය ජීවිතේ..
     ගමන් කරන හැටි සංසාරේ අපි ...
         පාවෙනව වගේ පරිප්පු දීසියේ ....

හැදුන අම්මට අසනීපයක් ...!
     බඩේ අමාරැවක් ...!
කෑවහම පරිප්පු ..! ඔන්න එයැයිට දිරවන් නැහැ !!!
දවසක් දෙකක් නෙවෙයි .. හැමදාම වගේ ලගදි ඉදන් ....!

බැරිම තැන ගියා මං එක්කගෙන එයාව ..
ඩොක්ට ආන්ටි ලගට පවුලෙ...!
ඇහුව විස්තර ලෙඩාගෙ....

කියන්නත් මොකක්ද වගේ ..!
    අමාරැ වෙනවනෙ බඩ...!
         කෑවහම පරිප්පු.....!!!

මට නම් හිනහත් එක්ක..!
    නෑ පුදුම වුනේ ඩොක්ට..!
       කියනව එයා මෙහෙම ..!

“ ඕක ඇලජි එකක්.. ! මේ දවස්වල කොමන් ..!
     ගේන පරිප්පු මෙහේට ..!, දානව ඩයි එකක් ඒකට ..!
        දිරවන්නෙ නෑ බොහෝ අයට ...!
           ආව ගොඩක් අය මා ලගට ..!

දෙනව මං පෙති ටිකක් ඇලජි එකට..!
     ෆාමසියෙන් ගන්න...! 120යි ගාන ....! ”

දැන්නම් අම්ම සනීපෙන් ...!
     හිතුන මට අහන්න ...!
           සනීපෙන්ද අම්ම   $$^%^%$$@*&%&^  ???
     පරිප්පු ගේන එකාගෙ ලංකාවට  !!!
         
          30.12.2010

Tuesday, December 14, 2010

මම මැරිල .......


දිනක් එයි නික්මෙන්න  - ලොකයෙන් හැමොගෙන්
ලස්සනද කැතයිම ද  - තවම හදුනා නොගත්
මගේ මේ ශරිරය  - නුඹට සමු දී මෙමා
පිටව ගුවනට නගිමි - පවුරු බැමි බිද දමා.

හඩනු ඇත වැළපෙමින් - පෙරළෙමින් මව්පියන්
දකිමි මම ඉහල සිට -  බෙරිවෙච්ච නෙත් දෙකින්
යහළුවන් යෙහෙලියන් - එක හැල්මෙ සුදු  වතින්
මගේ දෙන ලගම වී  - හිදී උන් නිදි මරන්

තනි නොවූ මා මටම -  වටිනු ඇත දකින විට
කොතෙක් නම් දෙනා විත්  - හඩනු සැටි පෙනෙන විට
උනගෙ හද වෙගයෙන්  - ගැහෙන සැටි පෙනෙන විට
එන්න හිත හඩනු ඇත -  නැවත මා දෙන වෙතට

පළමු දින රාත්‍රිය - දෙවන දින සෙනග ගොඩ
දෙවන දින රත්‍රිය - මිතුරු කැල වැඩක් බර
අදිනු ඇත කටවුට් - සුදුපාට ඉටිකොලේ කළු පාට තීන්තෙන්
මටම ඇඩෙනා ලකට -  හදනු ඇත තොරන් උන්

කුස්සියේ අගු පිලේ - මා මිතුරියන් උන්
ලහි ලහියෙ උයනු ඇත - තේ කෝපි හදනු ඇත
ඉදහිටල අපේ උන් - අතර නෙත් තෙමෙනු ඇත
විහිළුවෙන් මම නටපු - රැගුම් සිහි නැගෙන විට.

පුවක් ගස් බිම හෙලා - සුදු වැල්ල අතුරලා
දෙන මිහිදන් කරන - සොහොන් කොත සදනු ඇත
නිදිමරන් වැඩ අතර - කතාවක් කියෙනු ඇත
සිනාවක් නැගෙනු ඇත - මම බලා හිදිනු ඇත

දෙවැනි දින හමාරය - එළිවෙන්නෙ තෙවැන්න ය
දැන් මටත් නොමති මෙනි - හැගීමක් boring ය
අලසවම ඇවිදිල්ල - මළ බෙරය වයන අය
මමත් උඩ යන හඩට - මළ බෙරත් වැයෙන්නෙය

සුදෝ සුදු වියන් මග - කටවුට් ද කවිද සොද
එකම සුදු යායක්ය - මම අහසෙ දකින සද
දහවලත් පසු වේය - දැන් දැන් නැගේ හඩ
මළ ගෙදර විලපය - හඩන ඉකි බිදින හඩ

සැදෑ හිරු මිලානික  - අපරදිග සමුදුරින්
ලේ රතට  පෙනෙනු ඇත - අහසෙ සිට බලුවොතින්
පෝයකට නොගිය මම - ගමේ පන්සල් දොරින්
වැඩිය හිමි දෙසූ බණ - ඇසෙනු ඇත රැව් දෙමින්

පෙට්ටියක බහලළු මගේ - දෙන කර මතින්
රැගෙන යනු ඇත මගේ - ළගම උන් සොහොයුරන්
හඩනු ඇත මව් පියන් - නැසියන් මිතුරියන්
මම බලා හිදිනු ඇත - නිකටෙ දෙඅතම තියන්

ඒ මහා උලෙළ මළ - ඉවර විය යට කරන්
මෙපමණම කාලයක් - පෙනි හුන් මා නමින්
දැන් මා නමින් මෙහි - නැත කිසියම් කෙනෙක්
නෑ සොහොයුරන් සහ  - මව්පියන් අතර දැන්


හත් දවසෙ, තුන් මසෙ - පිරිතටද බණ දාට
නැවත රැස් වේය උන් - මා නමින් සිනැසෙමින්
දැන් කව්ද මා නමින් - නැත කිසිම සදහනක්
ඇත එකම එක අයෙක් - සොහොනෙ පිපි මල් මිටක්.

මෙතෙක් මම බලා හුන් - අහසෙ සිට පවෙමින්
හැපුන කපුටෙක් ඇගේ - ආ 60 වෙගයෙන්
මේ මගේ මළ ගෙදර - දැකල මම හිනෙකින්
වැටිල ලියවුන කවක් - ඇදේ පොළු පෙරළමින්

15/12/2010

සිතුවිල්ල ....


මලානික සිතුවිලි ගගක්
තෙරපිල තෙරපිල පලුවෙන් වියරුවෙන්
මොනද ඉල්ලන්නෙ හඩමඩල නුබ මගෙන් ?

එකම දේ හැමදාම
පිලුනු වු විලාසින
විලිස්සමින් කැට පතට
නම් වු හදවතට !!

අපරාජිත වුවත්
පරාජිත හැගිමක්
කුමන අරුමයද මේ
අදුරු වු භිරුමක් !

සහනයක් නැති කමට
වචනෙ නම් අසහනය
කියනු නුබ හද මෙමට
එයද වචනය නුබට ?

නිවුටන් ගෙ පළවැන්න
කියන විට යතර්තය
අසමතුලිතය නිතර
දුවන බව හැල්මෙම !

ආවර්තිතවෙ
නිශ්ක්‍රිය උන් සැවොම
චරිත නම් නොවේ උන්
සන්තෘප්ත නිසවෙන් !

ඩොල්ටන් කි ලෙසට
නැසි ඇත ලොව සැවොම
සන්තෘප්ත වු බැවින්
එයද මෙ ලො දහම ?

ඉතින් හද මඩල නුබ
ඉල්පියන් ගිගිරියන්
මොරඩදමින් වැලපියන්
සන්තෘප්ත වෙනු බහැ

15/12/2010

Monday, December 13, 2010

?





යනකොට වදින්නට සිරිපා සමනළයෙක්  !
     හමු වුනාලූ මගදි වන බඹරෙක්  !
ඇහුවාලූ සමනළය බඹරගෙන් !
       " නුඹ ඇයි මල් හඩවන්නෙ ? "
 අහිංසක තාලෙන් !


හිනා වුනාලූ බඹර මහ හඩින් !
   " නුඹ කරපු දේම තමයි ඉතින් ! "
කිව්වලූ බඹර උජාරුවෙන්  !
"


ඒත්    !!!
             අහිංසකයි අපි
      නෑ ලොකු වෙනසක් පෙන්නෙ අනිත් අයට !


නිසා නපුරු නුඹ !
     පේනව ඒක මුලූ ලෝකෙටම !!! "


කීවලූ යන්න සැරසිලා සමනළය බඹරට !

කැවුත්තේ දෙදරුම !



ඉබේ වැවුන කොන්ඩෙ !
  ඉබේ වැවෙන නිසා වැවුන රුවුල  !
    වවුලෙක් වගේ ? නොනිදන   !
      දකින්න නැති නිසා වැඩිපුර ගෙදර !
         නැති වුනාද නුබට නුබේ පුතාව  ??


වයසයි දැන් ටිකක් නුඹට !
   දුර්වලයි ටිකක් විතර !
      නැතිවුනාද නුඹේ ආත්ම විශ්වාසය
          තිබුන වෙනද නුඹට නුඹේ පුතා ගැන  !!


නැතිදා හපන්නට දත්   !
   දන්නව මමත් තපින්නට වෙන බව ගිනි !
      උක් දඩු වලටත් !


දස දහසක් දෙයියෝ සමාකරන්ඩ   !
   අහිතකින් නෙවෙයි වැඩි වුනේ හඬේ සැර !
      අහනකොට අහනකොට
                
කවවදද උඹේ ඹ්ක ඉවර වෙන්නෙ ?
       දිගටෝම !
යතාර්ථය මා ගිනියම් කල නියාවෙන්   !


නුඹ දකින ටයිකෝට් හීනය මා ගැන  !
දැන සිටින මුත් නොමැති අතපෙවෙන මානයක !
කියන්නද කෝම කටක් හැර මං නුඹට  !


ඉඩ නොහරින්නම් දැනෙන්නට නුඹට
   රග පොවන බව
     කදෝ පැණි චරිතයක් නුඹ !
   සුන්දර ලෙසින් දකින රුදු ගිනි දැල්ලක


කුමරු තිස් කළ ලෙසට මරණස දුටුගැමුණු හට
   කොත් නිම කරමි පිළියෙන් සුදෝ සුදුවට  !


තිස් තුන්කෝටියක් දෙයියෝ
   දිරි දෙන්ඩ අයියෝ
       ගොඩ යන්ඩ  !


 ලේ නහර කකියවමි
    එළි කරන්නට සිහිනය දකින නුඹ  !!!


13/12/2010

Wednesday, December 8, 2010

අනේ අපේ හාමුදුරුවනේ !





‍පුංචි කාලේ දහම් පාසල් යන කාලෙ
  තිබ්බා පුදුම භක්තියක්  !
මඩ වලක වුනත් දණ ගසා නමදින්න හිතෙන තාලෙ  !


අහෝ කාලයා මට කල හදිය !!!


දැන් පුදුම අරුමයක් !
  නෑනෙ කිසිම භක්තියක් එන්නෙ හදවතට !


ලේ නහර කකියගෙන යන දුකක් ! වේගයක් !
   එන්නෙ දැන් දකිනකොට !


අනේ දහසකුත් එකක් සමාවෙන්ඩ දෙයියෝ !
   අපේ හාමුදුරුවනේ    සමාවෙන්ඩ !


 නුඹට තිබුන ගෞරවේ හදවතේ යස අපුරුවට 


       හොරු අරන් දුවාපි    !


චීවරේ විතරයි ඉතුරු ! වදින්නද ඒකට මං !!!




ඒ කාලේ රෑප පෙට්ටියේ බැලූවහම 
  හැම නාලිකාවකම පාහේ 
     හාමුදුරුවෝ උන්නා බණ දෙසන !


මේ ලගදි දැම්මාම  !
  හේරත් අත්තනායක , හරිස්චන්ද්‍ර උන්නැහේ,
      සිල්වා සරත් එන් ,
කියපි  හිටගෙන බණ  !
    අපෙ හාමුදුරුවො උන්නා වැඩල !
 ජතහඬේ ! තුලාවේ ! රතු ඉරේ ! 




නහුතයක් පාලි ගාථා !
        මටත් කටපාඩම් තිබ්බා පොඩි කාලෙ !
 කියෙව්වාම ඔයටික කටපාඩමේ


      මමත් සිරිමත් මගෙ සකි !!!


අනේ අපේ හාමුදුරුවනේ ඒපා දෙසන්න ඔය ගාථා  !
   හූදී ජනයාට නෑ තේරෙන්නෙ  ඕව !!!

කියා දෙන්න අපෙ හාමුදුරුවනේ උන්ට !!!
    හිතන්න හරියට !
        හරිදේ හරියට ! වැරදි දේ වැරදියට !
    දකින්න ජීවිතේ ල ජීවිතේ විදිහට !


ඒ පිනම ඇතිවේවි
   බුදුවෙන්නම නෙවෙයි
       නිවන් යන්නටත් නෙවෙයි 
  අඩුම තරමෙ සෝවාන් වෙන්නට වත්   !



අනේ අපෙ හාමුදුරුවනේ
   ගමකට දෙක ගානෙ තියෙනකොට පන්සල්ල
      ඒපා දේවාල අරින්න  !


 පුලූවනි නුඹට මුලූ රටම හදන්න


        දුර්වලයට කියල දෙන්න
      
           හරිදේ දකින්න
     
        උන්ට ජීවත් වෙන්න !


අන්න එදාට පුලූවන් වදින්න
  දණ විතරක්යැ
      මුලූ සරුවාන්ගෙම බිම ඔබාගෙන !
මතු මත්තේ බුදුවේවා !
       අනේ අපේ හාමුදුරුවනේ !


06/12/2010

අවුරුදු සැමරුම ඇවිදින් sms කතන්දරේ !

තත්පර කට්ට දුවල දුවල
විනාඩි කටු පහුකරගෙන
වමනෙට එන්න වගේලූ
පැය කට්ටට කැරකිලාම


ජැනුඅරි මැයි ඔක්ටෝබර් 
  නොවැම්බරේ දෙසැම්බරේ 
    හත්තිලව්වෙ හතිත් වැටිල 
      කොල ඉරලම කැලැන්ඩරේ 


ටික් ටික් ටික් ටික් ගාලම
 දිව ගිලිලලූ ඔරලෝසුවෙ 
   අවුරුදු ගනනින් ගෙවිලා
    නොදැනිම මේ කතන්දරේ 


දවසක අවිදින් සිදුවුනු
 වැරදුනු sms සිද්දේ 
  වැරදුනු sms මිතුරිගෙ
    මම කිව් ඒ කතන්දරේ


මට හිතෙනා හැමදෙයක්ම
  මම ඔයැයිට කිව්වෝතින්
    ඕන කෙනෙක් කියල යාවි
     මූට පිස්සු හැදිලා .............!!!


හිතල බැලූව මම ආයෙත්
 මොනාද අපි අවුරුදු ගානක් කියවල තියෙන්නෙ ??
  කාපු බීපු දේ ඇරුනම
       ලෝකෙ ගානෙ !!  හැම මගුලම !  


කිව්ව මම ඈට ! ලියන්න කියල පොතක්  !!
  ඇහුවහම හැමදාම ! දැන් කෝමද පොතේ තත්වෙ ??
       ආඳ වගේ ලිස්සනවා ඇහුන්නෑලූ ඒ ප‍්‍රශ්නේ !


ලියනවාලූ ..  කිව් හින්දා මං !
ඉරනවාලූ! .. කියවන්න බැරිනිසා කාටවත් !
ආයෙත් ලියනවාලූ! ..  අහන නිසා මං !
ආයෙත් ඉරනවාලූ! .. තේරුමක් නැති නිසා ආයෙත් ! 

මට පුලූවන් වෙස් ගන්නට
 පිස්සෙක් ! උගතෙක් ! විප්ලව වාදියෙක් !
    සමහර විටක පොඩි එකෙක් !!

අහෝ ඇලෙක්සැන්ඩර් ග‍්‍රැහැම්බෙල් !!!
    ණයගැතියි මම නුඹට !
  නුඹ නොහිටින්න කෝමද හම්බවෙන්නෙ
       මේකි මට !


   මිතුරියක් !!!
        sms මුතුරියක් !!!


06/12/2010