Wednesday, December 31, 2014

ඉපදියන් උන් තවත්

එදා සරසවිදොරින් 
නික්මෙද්දි මහ මගට
සමාජයෙ තිබුනා තැනක් 
කියමින්   “උගත්තු“

එදා හඩ නගන විට 
සරසවි කොළුවෙක් මෙපුර
තිබුනා තැනක් දැන උන්ට
කියමින් “උන් කියන්නෙත් ඇත්ත“

දශකයක ටත් අඩු 
කාලයක් ඇතුලදි
වෙනස් විය සියල්ල...

අද සරසවි දොරින් 
නිත්මෙද්දි මහ මගට
සමාජයෙ තියෙනව මතයක්
කියමින් “කාළකන්නි“..

එදා මා කුඩා කල
 කලාවට තිබු ආදරය
අද කොහිද විකිනිලා 
මොඩ හැතිකරය ලග

දළුදාල වැඩෙන 
අදහස් කියින දේට
වදිනකොට බැටන් පාර 
ඉරිතලයි මහ පොළොව

කාලයේ වියරුවට පෑගිලා හැගීම්
කාලයේ වියරුවට පෑගිලා උගත් කම්
කාලයේ වියරුවට පෑගෙන එකෙක් මත
මොර දෙමින් ඉපදියන් තව නව දහක් උන්

Tuesday, December 30, 2014

වැහි බින්ද

Image copies from: https://garrettalloway.wordpress.com/photography/you-were-born-in-a-rain-drop/

වැටුනොතින් වැහි බින්දු - නියං සා මිහි මතට
වැහි බින්ද වටී වී - සාගරයක් තරම
වැහි බින්ද වුනත් ලොව-  තියෙන්නට උගේ තැන
බනින්නට එපා එන - ඉඩෝරෙට උබෙ ලොවට

ඉවසපන් වැටෙන කන් - වැහි බින්ද උබ මතට 
වැටුන දා වැහි බින්ද - බලන් උන් උබ මතට
සාගරය වෙනුවෙන් නම් - බලා හුන්නේ උබත්
නොදැනේවි උබ මතට - වැටුන බව වැහි බින්ද


Saturday, October 25, 2014

ගන්ධබ්බය!


Image coppied from: fumar-porros.deviantart.com

බිදෙන් බිද වැහි බින්දු අතරින්

හෙණ වදිනු දුටුවෙමි අහස් ගැබ.


වෙනදා හැඩූ හති නොඅල්ලා

නිහඩ විය අදුරු කර

සැනසීම දුක ගෙනා

නිතර හැඩූ දුරබනුව.


නිහඩ වී ජීවිතය

ගන්ධබ්බ කර මාව.

ආයෙත්ම හඩනු නුබ

ඈ නමින් දුරබනුව -

සැහැසි වදනක් දෙකක් හෝ 

අහස් කුස හෙණ විලස.


අනේ නිහඩයි සියල්ල

ගන්ධබ්බ කර දිවිය.

තවම නෑ හැගීමක්

කිම කරනු ඈ නැතිව!

Monday, June 2, 2014

කාගෙත් සුන්දරී වූ ඈ වෙත ලියමි.....


කාගෙත් සුන්දරී වූ ඈ වෙත ලියමි......

ඉස්සර බස් එකේ යද්දි
අතර මගදි ,
තැනින් තැන උබ දකිනකොට,
මටත් උබ එක්ක යන්න නොහිතුනාම නෙවෙයි.
ඒත් .....
ගොඩක් එවුන් උබත් එක්ක යන්න දගලනව දැක්කම,
 මම පස්ස ගැහුව.

“ඒක ඔච්චර හිතන්න දෙයක් නෙවෙයි!
ඉදපන්කො මම සෙට් කරන්න!“
එහෙම කිව්ව යාළුවෙක් එක්කල මමත් කෝම හරි අන්තිමට උබ ගාවට ආව.

ලේක් හවුස් එක දිහා හොරෙන් බල බල ,
උබත් එක්ක පැනගත්තු මං,
උබත් එක්ක ගල්කිස්සෙ බීච් එක අද්දරින් රෑ වෙනකල් එනකොට,
දැනුන දේ කියන්නෙ කෝමද මට තාම තේරුනේ නෑ.

මට උබ ගැන තියෙන්නෙ ,
මගේ උවමනාව ඉශ්ටකරගන්න හැගීම විතරමද?
කියල ආයෙත් හිතන්න මට ඕන වුනා.....

උබ ගැන කියන්න මට කථාවක් තියෙනව  කියල දැනෙන කොට,
තවගොඩක් උන්ට උබ ගැන කියන්න උන්ගෙම කථාවක් තිබුන.

කෝම වුනත් රුහුණු කුමාරි.....
මම උබත් එක්ක යන්න ලබන සිකුරාදත් එනව..

මීට මං,
ලිව්වෙ ගල්කිස්සෙ බීච් එක ලගදි.

Monday, April 28, 2014


ගාලු පුරවර බලා දිවයන
සියක් උන් තෙරපෙච්චි බසයක
තුනේ අසුනේ ඇතුල් කෙලවර
ඉබේ ලියැවුනි මෙසේ කවි පද

සියක් උන් එක එකා තෙරපී
ඉහල ගත් පය තබනු නොහැකී
මුවින් නොම බැන උනුන් හිදිතී
කවන්දය මෙහි සිත නොමැත මෙහි

අනෙක් දෙදෙනා නිදි සුවෙන් ඇත
විරූපී ඒ බලනු රිසි නැත
ජීවිතේ ඇති අරුත පසිදනු
නුබට හැකි නම් කියාදෙනු මට

ඉදිරි අසුනේ නැවුම් යුවලක්
ජීවිතේ සොදුරුව කියාදෙත්
ලගින් හිටගෙන යනෙන උන්ගේ
ජීවිතේ සෙදුරුව විදිති නෙත්

කළුතරින් ඒ නැගපු යුවතිය
දුටුවතින් මා පහන් විය සිත
ඇපල් පණුවන් කනව මයි යන
පසක් විය ඒ සැනෙන් නියමය

දවස තිස්සේ ඔට්ටුවුනු ඒ
කෝඩ් ලොකෙන් බැහැර වුනු මන්
ගෙදර යන මේ බස් එකේ උන්
දැකල හොල්මන් ඔන්න නිදි මන්