නුඹට මතක නම්!
විටෙන් විට එක්වුන,
sms මිතුරිය!
මේ කයිය පිටුවට!
විටෙන් විට එක්වුන,
sms මිතුරිය!
මේ කයිය පිටුවට!
පෙරදා අවසනට - ආ මැසේජෙට
ආ මුත් මසිතට - නොහැකි විය දෙන්නට
සවිස්තර පිළිතුරක් - නිදි වැදුනු නිසාවෙන්
නුඹ නැගූ පැණයට!
දන්ව නම් කියන්න
ලෝකෙම උතුම් වස්තුව?
ඇහුවා ඈ මගෙන්
කොටල මැසේජෙක!
අම්මා විය මගේ
එකම ක්ෂණික පිළිතුර!
පිළි ගනිමින් ඇයත්
නැවත එව්වා මෙලෙස
ගැහැණිය තමයි ලොව
එකම උතුම් වස්තුව
ඒ අවසන් වෙන්න
ආ මැසේජෙයෙ රැදුන!
නොහැකි වුනු යවන්නට
කියා මා සිත නැගුන
පිළිසදර ඒ නමින්
ලියමි මෙහි මෙලෙසින්ම!
ගැහැණිය උතුම්!
පිළි ගනිමි මම!
ගැහැණියට උතුම්!
තැන දුන්නේ කවුද?
ගැහැණියක පිරිමියක
වරින් වර විටින් විට
උතුම් වස්තුව වේය
එක් එක් කෙනා හට
තරැවක් වන්නට - නොහැක කිසිදිනක ලොව
නොමැති කල රසිකයන් - කරන්නට ඔහු තරැව!
ෆොන්සේක ගාමිණි අපේ තරැවක් නේද?
ගෙනිහිල්ල වැටුනොතින් අත්වැරදීමකින්,
කදවුරක් ඉදිරියට තලෙයිබාන් ගරිල්ලන්!
ඒ අවසන් කොටස රගපාන ඉදිරියේ
කැමරාව එල්ල වුන දෙනු පිනිස පනිවුඩය
ගරිල්ලන් ලෝකයට දන්දෙමින් ශිර්ෂය..!
උතුම් බව ලබන්නට තරැවක්ව සිටින්නට
ඇවැසි වේ යම් කෙනෙක් නුඹට බුහුමන් කරන
පිරිමයද ගැහැනියද පළක් නෑ ඒ හැගුම
රැග ගනින් නුබ පුදන ගරැකරන ඒ මිතුර!
ඒ වුනාට අවිවාදයෙන් පිලිගන්න ඕන දෙයක් නේද ලෝකයේ උතුම්ම වස්තුව අම්මා කියන එක ......
ReplyDeleteමේ මට දැනෙන හැටි .....
ලස්සනට ලියලා තියනවා .......
"රැ" කියන එක "රු" වුනා නම් හොඳයි නේද .. "රු" ටයිප් කරන්නෙ rq
නියමෙටම ලියලා තියනවා,...
ReplyDelete@කල්හාර
ReplyDeleteඑතකොට අප්පච්චිට මොකද වෙන්නේ මිත්රයා ?. මට එකඟ වෙන්න අමාරැයි.
ලස්සනට ලියලා තියෙනවා යාළුවා...
ReplyDeleteලොකේ උතුම්ම වස්තුව දෙමව්පියන්. ඒ අයගෙ කැපවීම ආදරය වෙන දේකට උපමා කරන්න පුලුවන්ද?
ReplyDelete@රොබින්,
ReplyDeleteඔබ හරි, මගේ අදහස වෙනස් කර ගත්තා .......
ස්තූතියි හැමෝටම!.සමාවෙන්න පරක්කු වුනාට!
ReplyDeleteමම මේම කියන්නම්..
ක්ෂණික පිළිතුර අම්මා!. හැබැයි ඒ හැගීමෙන්මද? ඒක තමයි අපි කාටත් කටට එන ගතානුගතික පිළිතුර!. මම කැමතියි බැම්මෙන් එපිට බලන්න. හැබැයි මේ පිළිතුරට පයින් ගහන්න තරම් එඩියෙකුත් නෙවෙයි මම. ඒ තැන අම්මට කියල වෙන් කරන්න පුළුවන් තැනක් නෙවෙයි. එක සාපේක්ෂයි.අම්ම නැති ළමයෙක්ට තාත්ත වෙන්න ඈති.තාත්ත නැති ළමයෙක්ට අම්ම වෙන්න ඈති. මේ දෙන්නම නැති ළමයෙක්ට ????????????
ප්රතිචාර මාව උත්තේජනය කරනව ස්තූතියි!
මුලින්ම ආවේ කිකිලිද බිත්තරේද ??..
ReplyDeleteකව්ද මේ හුනා කියල බලන්නයි ආවේ . කවි ලියන හුනේක්නෙව . මමත් කවි වලට ආසයි . .
ReplyDeleteහූනා ටිකක් අමුතුම හූනෙක්... හූන ගෙ ජීවිතේ වෙන එක එක දේවල් තව තව දේවල් හූන ගැන හූනම කියන කතා බලන්න එතකෙට හූන මොකෙක්ද කියල අහුවෙයි.
ReplyDeleteමේ පිටුවෙ මම ගැන මම ලින්ක් එකට යන්න..
http://sanath86thmamaganamama.blogspot.com/
මට පේන්නෙ මලය අපේ ඉස්කෝලෙ වගේ . අර පාරෙ යද්දි ගෑණු දරුවෙක් දැකල කෝල හිත් පහල වුණ කතාවෙන් මම ගෙස් කලේ :)
ReplyDeleteවෙන්ටැ.. මමත් එක්තරා පාසලක තමා ඔය ගාලු කොළබ පාරට මුහුන දාල තියෙන ටිකක් විතර ප්රසිද්ධ.
ReplyDelete