Wednesday, May 9, 2012

කොළඔ


ගගන සූරන සූර මන්දිර
පළිගු පෙන්වන නුබේ හැඩ තල
අසුරු සැරයෙන් ඇදෙන රිය සක
ඉතින් ආයුබෝවන් කොම්තොට

නේක අහරය අයැදමින් පොකැට්ටුව
ජීවිතය ඉල්ලමින් දිය පොද
වෑහෙමින් සීරුවට කරාමය
හිනැහෙමින් සුකුමොල මීටරය

ප්‍රභාශ්වර හිරු මඩළ
සූරමින් මැදුරු හිස
නද කරන් කන ලගින්
සිහිකරන් ජීවිතය

අග නුවර සිරි පුරය
නන් දෙසින් පැමිනි අය
හූල්ලන ජීවිතය
බොද කරන් මහ පොළව

සතිය ගෙව් මහ සෙනග
කෝ සති අන්තයට
කොළොම් තොට
හිදිලාය....



3 comments:

  1. දුහුවිල්ලෙන් වැසි පොළොවද
    දුම් රොටු වලින් වැසි ගගනද
    දමා අන් කවරත
    යම්ද මලයෝ උපන් බිම හැර

    ReplyDelete
  2. උපන් බිම මව් වටී
    කොළොම් තොට වෙත ඇදී
    නන් දෙසින් ආ සැටී
    දැනුනාද මා සකී....

    ජීවිතය සොයාගෙන
    පොකැට්ටුව පුම්බන්න
    තත්වයක් හදාගන්න
    කෝම හරි ජීවත් වන්න..

    වසරකට මොන තරම්
    උන් ඇවිත් කොළොම් තොට
    අගු පිළක බෝඩිමක
    සොයනවද ජීවිතය..

    ඉතින් මේ කියකට
    හමු වුනිද ජීවිතය..
    අපේ හද මඩල තුල
    රැව් නැගෙන සුන්දරව..!

    ReplyDelete
  3. මට කවි ලියන්ට බැරියෝ..... :(

    පොකට්ටු පුම්බන් නම් කොළඹ ජීවත් වෙනව බොරු.. කලිසමත් නැතුව ආපහු ගමට යන්නයි වෙන්නෙ

    ReplyDelete

කොමෙන්ටු දාන්න..