ඊයේ මහා රෑ දෙගොඩ ජාමේ
හරි විකාරයි දැකපු හීනෙ
තවම සිහිවෙයි ඒ විකාරේ
ඒකමයි මං ලිව්වේ මෙ
හාත්පස ගන අදුරු අහසක
හරි මැදින් එක සීරුවේ
සිහින් එළියක් මැදින් වැටිලා
ඒ මැදින් ආ රුව රැයේ
අහස තරමට උසේ උසකට
කශේරුව සෘජු රුව මෙසේ
දෙඅත් බැදගෙන එබී බැලුවා
ඔරවා ඔරවා මගෙ දේසේ
මාව මතකද ගිරුම් සද්දේ
තවම රැව් දෙයි මගේ හිතේ
කවිය ලිව් උබේ පෑන මතකද
උඩ ගියා මං මහ රැයේ
දිනෙන් දින හරි අමුතු වැඩ වෙන
මෙන්න මේ වගේ කලියුගේ
මාව අමතක කරල උබ නිදි
නැගිටපන් දැන්වත් වදේ
කියල ගිගුරුම් සද්දේ දැම්මා
උඩ ගිහිල්ලයි ඇහැරුනේ
ඒ වෙලාවේ ඉදන් නිදි නැ
හිතෙනවා එක එක ඔහේ
ඔන්න එතකොට මතක් වුන මට
තරුණ කාලේ කල රගේ
ඉතින් අයෙත් පෑන අහුලන්
ඔන්න අවා අයෙ මෙහෙ
හ්ම්. ඒක හොඳා!
ReplyDelete