Sunday, January 16, 2011

කියවන්න . . .


තනිකමක් දැනෙනවද ?
    පුංචි නිහැඩියාවක් . . . . ?
මොනව තිබුනත් අසම්පූර්ණ ගතියක් . . . . ?

ඔව් . . . ඔබ අගුළු දමල. . .
    කළුවර දැව මුවා පතරංග ලෑලි . . . !!
අගලක්ම ගනකම !
      මළකඩ යකඩ පට්ටම , දෑමු ලොකු ඉබ්බෙක් . . . !

හිතනවද ?   හංගන්න පුළුවන් කියල ?
     ඔය ඇහෙන්නෙ . . .
        ඔය ඇහෙන්නෙ . . .
            හීනියට ශබ්දයක් ඇතුලතින් . . . !

එපා ඉඩදෙන්න ! ! !
  ඇරිස්ටෝටල්ට , ‍ෙලනින්ට , මාකස්ට . . . කාටවත්. . .
       තියා . . . ‍ෙබාදු වදනටවත්. . . !
කොටු කරන්න !
   යෝද කළුගල් කොටු පවුරු බැමි වලින් . . . !

ඉඩ දියන් නුඹට . . . නු‍ෙඹ්ම එකම එක ඹහුට. . .

ඇතුලතින් මොර නගන
    පවුරු බැමි ඇතුලතින් . . .!

නැගනියණි බැහැපන්න. . .
   ඔය සීනිබෝල සුරගන ලෝකයෙන් . . .
       පෙම් බදින කදුලටම . . . !
            සිහිකරන්  වියැකුනු පෙමක් ගැන . . . !

මල්ලියේ එපා ලැජ්ජවෙන්න. . . !
  පිලිගන්න කියනදේ  ඇතුලතින් . . . නුඹේ අර දොර තුලින්. . .
දැන දැනම එය නොවේ . . . !
   හඩ නගනු එපා නුඹ. . . !
     වීරයෙක් නුඹ කාඩ්බෝඩි. . . ! !
          ඔහොයියෝ ! ! !

මොර දියන් ! බැරිනම් ගිගිරියන් ! කම් නෑ ඒ හඩට. . . ඇතුලතින් එන . . .

‍ෙයාව්වනේ සිහින . . .!
     අද කලාද නුඔව . . . ??
ඉඩදෙන්න කාලයට
    විසදන්න නුඹේ ඒ ඉරනම . . . !
 ගසාපන් දුම්මල . . . නටාපන් බලි තොවිල් . . .
පන්නන්න නුබේ කළුකුමාර දොස් . . . !

කුහක කම . . . ! ! !
   පෑල දොරින් යනු ඇත . . .
හැරපන් නු‍ෙඕ දොර
    සහෝදර කමට ලෙන්ගතු . . . !!!

නිහඩයි . . . මමත් . . . නුඹත් . . . ! ! !
 කල හැකියි දෙයක් අපට . . .
     එන්න . . . !
        බෙන්ච් එකෙන් නැගිට එන්න . . . !
 ඔය සෙට් එකත් අරගෙනම එන්න . . . !

කාලය ඇවිදින් දෙයියනේ . . . ! ! !

සංවෘත කාලකන්නිකම . . .
   හැරදමා ගොඩ නගමු ආවෘතය තුල විවෘතය. . . !

එන්න අපි කතා කරමු . . . !
  ‍ෙසෟහුර්දත්වය ගැන . . . සෞන්දර්ය ගැන. . .
  පොතක් ගැන. . . නාට්‍යක් ගැන. . . කවක් ගැන. . .
  අපි ගැන . . . හෙට ගැන . . . ලෝකය ගැන. . .

දන්නව මම . . . !

   නොවැටෙන බව පිළිතුරු මේකට . . . !

නුඹ නාඩන් තෙලිතුඩ . . . ! ! !


               අවියක් . . . !
                    හමුවෙලා අවියක් . . . !

කවි කොලේ . . . !!!  හුලගට වැනෙන එල්ලිලා ඇල්ලපෙනෙත්තක . . . !

                      අරූ  ගහල
    අපිට . . . ! ! !      
                     මට. . . මට. . .
                               මං නම් නෑ ආයෙ ඕවට . . . !

පුළුවනි එහෙමත් පාවිච්චි කරන්න . . .
    ආයුදේ . . . එල්ලිලා වැනෙන ඇල්ලෙනෙත්තක සුළගට. . . !

නැතිනම් . . .

            කවියක් . . .
                   සදැස් පද ගොන්නකින් . . .
     වුවත් . . .
    
         ඇරඹුය හැකියි යුද්ධයක් . . .
            සෞහුර්ද විවෘත යුද්ධයක් . . .

අප වෙනුවෙන් . . .
    අප වෙනුවෙන්ම . . . ! ! !


11 01 2011   (තෙලිතුඩට ලියූවකි.)

No comments:

Post a Comment

කොමෙන්ටු දාන්න..