Thursday, September 24, 2015

ජීවිත වෙළදාම ...

Image from : http://www.reviewcentre.com/reviews100014.html

කාලය ඇවිදින් නාඹර දිවියට
සිතත් කයත් පුල පුලා සිටී

ජීවිත ගමනේ තුන්මං හන්දිය
වැරදුනොතින් යලි හැරෙනු බැරී

ශිෂ්ඨාචාරයෙ දරුනුම අංගය
එක එක නම් ඇත කියනු සරී

හැම මගුලම මේ මගුල හින්දමයි
තේරුම කවුරුත් කියනු නැතී

උපන් දා ඉදන් ටික ටික ටික ටික
ලොකු වෙනකොට හැම දේම සකී

නොකියා කයලා හැමෝම ඕකට
ලෑස්ති කරනව නේද සකී

හොදට ඉගෙනගෙන හොද හොද රැකියා
හොයාන බාගෙට මැරෙනු සකී

ඒ ඒ තනතුරෙ වරුනෙ විකුණලා
තවකෙක් දිවියට සොයන හැටී

දැක්කම මට මේ මොකද්ද කියලා
හිතන්න ගත්තම පිස්සු හැදී

අකුරෙන් අකුරට අමුණල කවියක්
හදලා කියනව මේකෙ හැටී

මිනිසා මේ ලොව හැදුනු දා පටන්
මේ ලොව එක සම්බන්ධයක් ඇතී

ඕක කරන්නට ශිෂ්ඨ ක්‍රෙම් යැයි
සම්මත වුනු එක දෙයක් ඇතී

ඕන්න ඕකට එක එක එක නම්
හැදිලා ලොව කියවෙනව ඇතී

හැගීම් විකුණන ජීවිත බිස්නස්
site පවා අද දකිනු ඇතී

කාලය පැනලා ගුඩුපොල් වුනාම
හදිස්සි හින්දා කරනු ඇතී

විසිතිස් ගානක් එක්ක ගිහිල්ලා
අවුලක් වුනාම සද්ද නැතී

ගමේ ගොඩේ ලග එවුන් එක්ක බෑ
ඒ හින්දා විකිනෙනව ඇතී

තනතුරු සල්ලිය මාන්නෙ හින්දා
සමහරු විකිනෙයි ලන්සු වෙවී

මනුස්ස ජීවිත හැගීම් දැනීම් බොල
ලන්සු තියල අද සේල් වෙවී

සේරම අස්සෙ කරන්නෙ එක දේ
නේද ඉතින්මේ මගුල් ඇතී

හැගීම් දැනීම් සහ මනුස්ස කම දැන
තවත් කෙනෙක් ගැන සිතනු සකී

එහෙමත් බැරිනම් කොරන්න එක දේ
කොරන්න තව ක්‍රමගොඩක් ඇතී

තවකෙක්ගේ දිවි බිස්නස් අතහැර
කෙහෙල් ගහක කොටපන් මල්ලී.....

Tuesday, April 7, 2015

සිහින විකුණමි!

Image copied from:  http://how-to-become-rich.com/about-money/what-does-it-mean-when-you-dream-about-the-money.html

බිදවැටුන දා හිතේ දහිරිය - ගතේ දහිරිය සුන් කරන්
පසක්විය මට හරිම තේරුම - අසරණයි යන වචනෙ හුන්

ගතේ දහිරිය ගෙනා දහිරිය - හිතේ ගුලිකර එදා මං
මගේ දිවිමග මං ගියා ඔහෙ - බයක් තිබුනේ නෑ ඉතින්

රෝද පුටුවේ ගියත් අද මා - මගේ දිවියට ආදරෙන්
අහස් මාළිග ඔහේ ඉදිවෙයි - කරනු කවුරුද ඒක තහනම්

මගේ හීනේ අයිති මට නෙව - රකිනු කව්රුද මා නමින්
මගේ හීනේ රකින්නට මං - පොළේ මොරදෙයි මෙලෙස දැන්


මගේ හීනේ රකිනු රිසියෙන්  - අනුන් හීනේ මිළ කරන්
ලෑල්ලක ඇණ ගසා අමුණා - විකුණනව උන් හටම මං


ලොකු කෙලීගේ මගුල ගන්නව - ගොඩ ගියෝතින් ජයට මං
සැත්කමට අම්මගේ දෙයියෝ - මේකවත් අනෙ ගොඩ යමං

කාරෙකක් ගන්නවා අම්මප - පව්ලෙ නම්බුව රැක මෙමං
ග‍ෙයක් හදනව අපිට ඉන්නට - බොඩිමෙන් තොර ලොව සොයං

අනේ ලොකුවට එපා දෙයියෝ - දහක් වත් අද හම්බුනොත්
පොඩි එකාගේ හිත හැදෙන්නට - කලිසමක් වත් දෙනව මං

 
මේ වගේ තව දහක් උන්ගේ - හීන ඔක්කොම යට කරන්
සල්ලි කියනා පුංචි කොල ලොව - රජවෙලා දිවි බොද කරන්


මහතුනේ අද ඔබ දිණනවා - පුංචි රුපියල් විස්සකින්
අද අදින ඒ මහා ජය මළු - ඔබට මයි මේ ගෙනා මං

දොනෝ දාහක් රොක් වෙලා දැන් - තෝර තෝරා හීන උන්
අරන් යයි මිළ කරන් හීනේ - පුංචි රුපියල් විස්සකින්


අද නිදයි සුව යහනෙ සැනසී - හෙට දිණන ඒ අධිටනින්
තවත් දවසක් සැනසේවි යලි - හෙට ඇවිත් තව විස්සකින්

Tuesday, March 31, 2015

~ඔන්නොහේ හැදුන කවිය~


මදුරුවන් හිග මදුරු දැල තුල
දහඩියෙන් තැවෙමින් ඇදේ
උඩ බලා ගෙන කොටමි කවිපද
දුරකථනයේ මෙමරියේ

සිතුම් පැටලී stuck වෙලා මන්
උඩබලන් ඉන්නාවෙලේ
සිතුන කවියක් ලියනවා මන් 
මොනාහරි ගැන ඔන්නොහේ

ආදරේ ගැන බර වැඩී මට
රින්ගන්න බෑ කවි පදේ
ඔහේ එනදේ ලියනවා මන් 
හැදෙයි කවියක් ඔන්නොහේ

code කොටලා දවල් කාලේ 
මොලේ encrypt වී ඇතේ
එන්නෙ නෑ හරි වචන ලස්සන 
මිරිකුවත් දැන් මගෙ මොලේ

බෝඩිමේ මා එක්ක ඉන්නා
අනිත්කොල්ලා ලග ඇදේ
සැනෙලි දැල්වෙයි මල් කඩන විට
හෙන වදින ලෙස කළුවරේ

අසල නිවසක සෙට්වෙලා උන් 
කියන බයිලා පද බොලේ
තාලයක් ගැන හැගීමක් වත් 
නැතුව ගුවනේ රැව් දෙතේ

බිත්තියෙන් වෙන් වෙලා තියෙනා
අනිත් බොඩිමෙ මේ වෙලේ
කොටන් ඉරනා ලෙසට ගුම් දෙයි
ටයිල් ලොරි ඩ්‍රයිවර් මලේ

වරෙන් කවි පද කොහේ හරි ඉද
පෙලින් පෙල තනිවූ ඇදේ
නින්ද නෑ ලග උඩ බලන් මං
ඉන්නවා තව ඔන්නොහේ

දෙනෝ දාහක් ඉන්නවා ඇති
මේ වෙලේ සුව සිහිනයේ
කී දෙනෙක් නම් ඇතිද මං වගෙ
උඩ බලන් තනි වූ ඇදේ

දුරකථනයේ නැගෙන එළියට
කවි කොටනකොට මං ඇදේ
අනිත් ඌ හිතනවා ඇති මං
මල් කඩනවා ඌ වගේ

ඉතිං සතුටුයි ඔන්න ඔහෙ මං
හැරුන කුරුමිණියෙක් වගේ
මෙට්ටෙ පෙරවන් කොට්ටෙ උඩ මං
නිදා ගන්නව ඌවගේ.