Wednesday, February 23, 2011

sms මිතුරිය .....



දිනෙක පසුගිය..
  සනිටුහන් කල දිනයේ අවසන,
    ලැබුන sms පනිවුඩය
          නුබේ නමින් මා දුරකතනයට !


ඇරයුම් කරලා තිබුනි,
  බැහැල මොහොතකට ඔය,
       මහප්‍රාණ ලෝකයෙන්...
   ඇවිදින් යන්න මොහොතකට,
                මම ඉන්න..
"සීනිබෝල ලෝකෙට"
     වචනයෙන් හැදින්වෙන ඔයාගෙම,
  එක මොහොතකට...!

මොකක්ද මම දෙන උත්තරේ...??
    අහක දාන්න පුළුවන්ද ? ඒ අහිංසක ඇරයුම!
තේරැම් ගන්න පුළුවනි, නොකියැවෙන දේ...
   
උන් දෙන්න අහිංසකයි..
      නෑ තේරෙන්නෙ උන්දෙන්නට..
    අනේ යවන එකයි,
              පෙන්නන එකයි විතරයි....
 උන්ගෙ කාරිය.!


අහිංසක උන් කෝම තේරැම් ගන්නද?
  හිතක් කියල එකක් නෑනෙ ෆොන් වලට.!


අකුරෙන් අකුර ඇමිනිලා,
    වෙලා ඩිගිටල්..
           පැටලිලා සංඛ්‍යාත..
                  විසිවෙලා කණුවකින් කණුවකට..
        බයිටයෙන් බයිටය, මොන තරම් නම් දේ..
  කියනවද? නොතේරෙන්න.. ඩයලොග්ලට..!


ඇත්තටම උඔ සු‍විශේෂයි..
   ආයෙ කියන්න ඕන නෑ ඒක පුන පුනා..
සම්මතයක්.... සධාචාරයක්... සමාජයක්... ගුණ ධර්ම....
  වචන..! ඝාම්බීර..!


 හදා ගම්මු .. මේකටත් නමක්...!
   යාකරන උබෙත් මගෙත් දුරකතන...
           හදුනා නොගත් හරි හැටි තවම..
උබත් මමත් !!!

Friday, February 18, 2011

ඡන්ෙද්...


පුංචි ඡන්දය නමින් විරැවාදාවලිය ලත්

ඡන්දයක උණුසුමින් ලංකාව වෙනස් වී



දෑත් එක්කරන් ,එන උන් අප ලගට

පාමින් කිරිහට්ටියක් මුවග!

දෙ‍ගොඩ හරි නිදිමරන් , නොනිදන මෙන් වවුලන්

අලවති පෝස්ටර්, රකිත් උන් වෙර අරන් නිධන් මෙන්!



අහෝ මේ සුරපුරක් !

කෙතරම්ම ආලයක්

රකින අටියෙන් අපිව !!!

මැතක දිනෙක


මැතක දිනෙක

සම්මතයට එරෙහිව

මා අතින් සිදුවූ සිදුවීමක්

පත්කල කල මා ලැජ්ජාවට



එකෙනෙහිම

මෙහොතකින්

කමලා දාස්!

ඒ සොදුරැ ලැජ්ජාව

ෆ්ලෂ් කලා කොමඩ‍යේ

නගමින් සොදුරැ මතක හසරැල්

ඒ සොදුරැ නිවහෙන් ඒ අපූරැ රාත්‍රිය !

Saturday, February 5, 2011

උත්තානය.....!







රගන්නට නළුවන් නොමැති
බලන්නට රසිකයන් නැති නාට්‍යක් ගැන
පාඨකයන් නැතිමුත් කථාවක් ලියමි!


පෑන නතරවී කොළයත් අතත් අතර
පැටලිලා සිතුවිලි ගගක
අමුණනු වස් උගතෝකෝටිකයක් ගැන
වැකි- අකුරෙන් අකුර !


මළවුන්ගේ දේශයක- නොමළ වුන්
සොයයි කියන්න ඒ කතාව  !
දිනක මේ කතාන්දරය
කියූ වග නැතිමුත් පාඨකයෙක් !
 කියනු ඈත එන්නෙකුට
   අනාගතයෙන්---
සුලගට වැනෙන මේ කොල කැබැල්ල
  සොහොන් කොතක ඇමිණී !


ලෝකයක් නිහඩය ! පුංචි කෙදිරිලි
පමණයි එකිනෙකා මුමුණන
නොමළ යැයි කියන්නට සාධකයක්
නොමැති දේශයක සිරවී මළවුන් අතර!


දිනක මෑත - මතකයි නැගුනු හසරැල්
ජය ඝෝෂා ! මතකයන් දළු දමයි
හාරමින් හදවත රැධිරය වෑහෙන---


පංචිම පුංචි අන්ධ බලාපොරොත්තුවක්
අනාගතයෙන් එන්නවුන් ගැන
කුමක් කරමුද උන්ට
 කිමද දෙන දායාදය උන්ට !
මෙළ විලා මිටට!පස් පිඩක්!
 පිරිනමයි අනාගතයට
  මේ මළවුන්ගේ දේශයෙන්--!


කල යුතුව ඇත යමක්--
  කීරි නැගෙයි හදවත---
   දෙනෙත බරවේගෙන එනව---


මොර නගමි පැලෙන තුරැ ගිරිය
 නැගිටියව් නිදන මිනී වලවල් වලින්-- !!!


මා මටම පහර දෙයි--!
මේ මළවුන්ගේ දේශයේ
 මාද මළ එකකු මෙනි--
  කව්ද කියනු මා නොමළ බවට සාධකය !


එකම එක කොල කෑල්ල
මේ වැටෙන සුලගට සොහොන් කොත මත!
  කිසිවෙකු නෙත නොගැටෙන!
  ගැටුනද නොගැටුනා බදු--!!!


(එක්තරා මා ගැවසෙන සුන්දර මතක ගොන්නක් රැදි ස්ථානයක, ආරාජිකත්වයට එරෙහිව නැගී සිටිනු වස් ලියැවුනි)....

Wednesday, February 2, 2011

ඊයෙ ආපු සුලි සුළග..!


නිල හැරුනු දම් පැහැයට.
ගගන පුරා වැසුනි වලාවක් පියාපත්..
කළු පුංචි, සියක් ගණනක්...!
කාක්කොද ? වවුලන්ද ?
ලිහිනි ! ලිහිනි ! ලිහිනි රෑනක් බං !!


ලාවට අදුරැ වුනු සැදෑවක්...
නිල්ලට ඇදුනු තුත්තිරි ඇතිරිල්ලක්...
උස මිටි පිලිවෙළ රැක්ක පුවක් පොළු 3ක්..
හිරිගඩු පිපෙන හීතල සුළගක්!

3 දෙනෙක් එක්වී කෙලිති කිරිකැට්..!
සීමිත ඉඩක..

ඇවිදින් පනිවුඩයක්.. හඩ නගියී මිතුරියක්..
යන්න නිවෙස් වෙත...
එනවළු චන්ඩ මාරැතයක්..
කව්ද කීවෙ උඹට..?

නිකුත් කලාළු පනිවුඩයක්..!
කාලගුනෙන් ...!
තියෙනවලු අවදානමක්..!
එන්ඩ චන්ඩ මාරැතයක්..!

නැගුනි හඩ එකක් හැර එකක්..
පෝලිමට..! දුරකතන වල මිතුරන්ගෙ.
පනිවුඩ, කෝල් එන්ට විගහනිය ගෙදර !

නැගුනා රැව් කටින් කට..
එනව නෙව මහා මාරැතයක්..!
යවල ප්‍රචාරයක් ! සභාවෙන් ප්‍රාදේශිය..!
නිවනක් නෑ ෆෝන් වලට..
ගෙදර උන්දලෑ හඩගානව එන්ට කියල ගෙදර...!

බලං උන්න රෑ එලිවෙනකං හුගක්වෙලා..
හීතල හීන් මදනල අතරෙ..
එනකං චන්ඩ කුමරැ..!
කවදාවත් නැති චිමිනි ලාම්පුව
හැඩවෙලා අලුතෙන් මේසෙ උඩ..
සූදානමින් හදිසි සේවයට..!

මකත් කරමින් අතීතය..
දිනෙක මේ වහලයම
රග දුන් අයුරැ චන්ඩ කුමරැට
සිහි කරමින් පිහිනූ හැටි
තනිකරන් තෙමුනු හතර බිත්ති..!