Monday, November 27, 2023

අවනඩුව

 බෙදලා දීලා හැමෝටම මං

මාව උන් ඉල්ලුවම ගානට

හැරිලා බැලුවම මටත් ඩිංගක්

ඉතුරු නෑ ඇබිත්තක් වත් මට


ලඟදි දවසක ගැනි ඇහුවම

තමුසේ මොනවද කළේ මා හට

ආව ගොන්නක් තල්ලු කරගෙන

 හිතත් අස්සෙන් කඩන් එළියට


කටෙන් පැන්නොත් උන්ව එළියට

කනෙන් රිංගන් එයා අස්සට

පුපුරනවා සත්තයි ගොඩක් සද්දෙට

ඇහෙනවා පොඩි එකා ඒ හඬ


ඉතිං මොකටද මගේ වෙනුවෙන්

නැගෙන සිතුවිලි දාල එළියට

හඩක් නගලා බේරාගන්නට

පොඩි එකා බය වෙනවා දැක්කම


සුවහසක් මිනිසුන් හිතෙන් තව

මෙහෙම හිතනවා ඇතිනේ නිහඬව

කියලා මවුණා  කන්දකුත් උස

පිරිමි උඩුකය දැවුණු අව්වට


උපහරක් වී එහෙව් පිරිමිට

ලිව්වා මේ කව බිත්තියේ තද

උබත් ඒ වගේ කන්දකුත් උස

එකෙක් නම් හිනැහියන් මේ දැක 




Saturday, November 11, 2023

කාලේ තාලෙට අලුත් Business

 


දැකල කලෙක ඉඳන් මන් මේ - බුකියෙ බහුරු කෝලම්

අදුන ගත්තා මරුම බිසිනොස් - idea පොඩ්ඩක්

හරිම අඩුවට පොඩිම මිලකට - ඇඩෙන විදිහට මං 

ඔබට ඕනම වැකිය දාලා හදලා දෙනවා - ඔබට පෝස්ටුවක්


දකින්නට වත් වසර ගානක් නොගිය - තම පිය මව්

ඔබට ඕනෙද කියා දෙන්නට වටිනා කම ගැන

- දෙමව්පිය සැලකුම්

හදලා දෙන්නම් ඇඩෙන ගානට දුක හිතෙන - කවියක්

දාලා ෆිල්ම් එකෙන් කපලා ගත්තු - මරු සෙරුවක්


ඔබට ඕනෙද කියා දෙන්නට - සහෝදර කැක්කුම්

ඔබේ සොයුරත් මරා ගත්තත් - ඉඩම් ගන්නට ගොස්

ඔන්න හදලා දෙන්න පුළුවන් - නියම පෝස්ටුවක්

දාලා දෙන්නම් ඔයැයි කියනා - ලස්සනම වැකියක්


හිතේ තියෙනා කුහක කම් ටික - වහන්නට ක්‍රමයක්

ලෝකේ උන්දැලා රවට්ටන්නට - පුංචි මරු වැකියක්

අන්ත අසරණ වයස උන්දෙක් - ගේ ගනිපු සෙරුවක්

දාලා හදලා දෙන්නේ මන් - හරි ඇඩෙන පෝස්ටුවක්


ඔබේ කේලාම් කියන හතුරා - තවම ලිස්ට් එකේ නම්

ඌට ඇනෙන්නට එක එක දේවල් - ලෝකෙට කියනවා නම්

ඔන්න ඇවිල්ලා නියම චන්ස් එක - හදලා මම දෙන්නම්

හරිම ගානට නියමෙට ගැලපෙන - වදනක් මම දෙන්නම්


හිතේ තියෙන කුණු හැම වහන්නට - ලෝකෙට කියමුද බං 

ලස්සනම බුදු රූපයක් දමලා - 

දම් පද මම දෙන්නම්

පුංචි හමුරු නමක් රූපේ - background දෙන්නම්

හිත් නිවෙන බැක් සවුන්ඩ් දාලා - සුපිරියට දෙන්නම්


ඉතින් ඔහෙලට ලෝකේ හදනට - 

ආදර්ශමත් වගේ පෙන්නන් ඉන්නට

එක එකා page වලින් දාපුව - ගලපා ගලපා ඉන්නේ නැතිවම

කෙලින්ම කියන්න මොකද්ද ඕනැ - හදල දෙන්නම් සනිකයෙන්


ඉතින් කාලෙට ගැළපෙනා - ඔයා වෙනුවෙන්මයි ගෙනා

ලොකු ගණන් ගන්නැ මේමා - ඉන්බොක්ස් එන්න කෝ මෙයා 

Like දාලා ෆලෝ කරලා - 

සප් එකක් දෙන්නකෝ මෙයා


ප.ලි.

මගෙන් බුසිනොස් කොරණ අයට මං

වෝරොන්ටියකුත් දෙනව seasonal

ඉතින් බල බල ඉන්න මොකටද 

ඉක්මනින් ඉන්බොක්ස් කොරන් 


ඔන්න මන් දෙන පෝස්ට් දැකලා - කිවෝතින්  කව්රුත් මුකුත්

සනික inbox දාන්නකෝ මන් - දෙනව එකට පිළිතුරක්


"මගේ බිත්තියේ දන්නේ මන් - මට අවැසි ඇමූනුම් ගොඩක්"

" ඒවා බලලා ගන්නේ මොකටද - ඔහෙල හිත් කරදර වගක්"


ඔන්න ඔය වගෙ දෙනව වැකියක් - කින්ඩියක් වගේ පෝස්ටුවක්

ගන්නවා මන් පුංචි ගානක් - ඒවගේ එකකට ටිකක්

ඉතින් කොහොමත් නැගලා යනවා - මේ වගේ බුසිනෙස් ගොඩක්

ඔන්න ඔහේලා හින්දමයි මේ - එන්න hurry up ඉතිං 

Thursday, June 1, 2023

අනේ බුදු හිමියනි බුදු දහම බේරා දෙන්න


Source: https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.dailymirror.lk/assets/uploads/image_318e64ebcd.jpg
 

අනේ බුදු සාදු මගේ බුදු සාදු 

අපේ දහමට මටත් දැන් දැන් 

බයයි බුදු සාදු 


ඔබේ දහමට අයිති කම් ඇති 

තෙද බලැති මැති ඇමති රුචියට 

හරිම අවිහින්සකම වූ ඒ 

අපේ දහමත් යටයි දැන් සාදු 


පුංචි දේටත් රිදෙනවලු සාදු 

උන්ට පමණක් අයිති ලු සාදු 

ලොවම තේරුම් ගත්ත වුව ඒ 

බුදු දහම අනතුරේ ලු සාදු 


වචනයක් වුව උන්ට ඕනෑම 

විදිහටම අපි කිව්වේ නැත්නම් 

ඔබේ ආගමේ නමේ විකුණන් 

දඩුකදේ උන් ගහනවලු සාදු  


ඔබේ දහමත් අදහන්නට වුව 

අපිට දැන් දැන් බය හිතෙයි සාදු 

Friday, May 19, 2023

භූතයෙක් මම



ඉතින් මං ගැන කියනවා නම්

ඇත්තටම මම භූතයෙක්....

පුංචි සිරිලක් මුහුදේ නැතිවුණ

කැස්බ පැටියෙක් භූතයෙක්....


හරිම සතුටින් හිටියේ මං මෙහෙ

හැමෝ එක්කම සමගියෙන්

හිටපු හැටියේ වතුර කළු වුණ

හුස්ම හිරවෙල මරුණ මන්....


නැවක් ඇවිදින් ගිනිත් ගත්තලු

තෙලුත් හැලුනළු ඒ වටේ

නැවත් ගිළුනළු අපිත් මරුනළු

ඒත් ඒ හින්දා නෙවේ


වාරකන් හින්දලු ඉතින් ඒ

මමත් දැක්කා පත්තරේ

ඒත් අවුරුදු සියක් හිටි උන්

මැරුනේ මේ පාරම ඔහේ


අපිව මැරුණට නැවේ කට්ටිය

වන්දියක් දෙනවාලු බොලේ

අන්න ඒකත් හොරා කාලලු

ඇහුණ ඒ ගැන මැති සබේ


ඒකේ නඩුවත් අහන හැටි ගැන

අවිස්සිනකොට වටපිටේ

ආගමක් ගැන කොනක් අල්ලන්

උණුන් ගුටි ඇන ගති වදේ


මෙහෙව් කෙලියක් වෙලා තිබිලත්

මෙහෙ මිනිසුන් මේ වගේ

රැවටෙනා හැටි දකිනකොට නම්

පුදුම කල කිරුමක් හිතේ


භූතයෙක් වත් වෙලා මේ රටේ

ඉන්න එක දැන් හිතේ මගේ

ලජ්ජා හිතෙනා හින්දා හෙට මං

යනවා ඉතියෝපිය රටේ..


යන්න කලියෙන් ඔන්න ඔහෙලට

කියලා යන්නයි මේ වගේ

ලිව්වේ කවියක් ඇරන් ඉන්නට 

දේ ඇස් දැන්වත් මිනිසුනේ...









 

Thursday, April 20, 2023

නැවත ආවෙමි


 ඊයේ මහා රෑ  දෙගොඩ ජාමේ 

හරි විකාරයි දැකපු හීනෙ 

තවම සිහිවෙයි ඒ විකාරේ 

ඒකමයි මං  ලිව්වේ මෙ  


හාත්පස ගන අදුරු අහසක 

හරි මැදින් එක සීරුවේ 

සිහින් එළියක් මැදින් වැටිලා 

ඒ මැදින් ආ රුව රැයේ 


අහස තරමට උසේ උසකට 

කශේරුව සෘජු  රුව මෙසේ 

දෙඅත් බැදගෙන එබී බැලුවා 

ඔරවා ඔරවා මගෙ දේසේ 


මාව මතකද ගිරුම් සද්දේ 

තවම රැව් දෙයි මගේ හිතේ

කවිය ලිව් උබේ පෑන මතකද 

උඩ ගියා මං මහ රැයේ 


දිනෙන් දින හරි අමුතු වැඩ වෙන 

මෙන්න මේ වගේ කලියුගේ  

මාව අමතක කරල උබ නිදි

නැගිටපන් දැන්වත් වදේ 


කියල ගිගුරුම් සද්දේ දැම්මා 

උඩ ගිහිල්ලයි ඇහැරුනේ 

ඒ වෙලාවේ ඉදන් නිදි නැ 

හිතෙනවා එක එක ඔහේ 


ඔන්න එතකොට මතක් වුන මට 

තරුණ කාලේ කල රගේ 

ඉතින් අයෙත් පෑන අහුලන් 

ඔන්න අවා අයෙ මෙහෙ  

Wednesday, September 7, 2016

සාධාරනීකරණය!

ජීවිතේ හරියට ... ස‍දැස් කවියක් වගේ !


එකවගේ රාමුවකට අකමැති වුනාට!
නීති රීති වලට අකමැති වුනාට!
ලස්සන දකින්න හදන්නෙ ... 
පද හතරෙ එළිසමේ අස්සෙමයි !


පද හතරකින් එළිසමේ රැක්කට!
හැම වචන ටිකම ... ලස්සන සදැසක්ම කියන්න බෑ!
හැබැයි පද හතරයි ... එළිසමෙයි නැතුව!
සදැස් හැදෙන්නෙත් නෑ!


ඉතින්....!

ජීවිතේ හරියට ... ස‍දැස් කවියක් වගේ !

Monday, May 16, 2016

නුඹව මාරු කරන්නට කාලය අැවිත්......


සැමදා නිශායම නුඹ වෙත එන්නෙමි මා
නුඹමත වැතිර ජීවිත සුව විදිනෙමි මා
මෙතුවක් කලක් නුඹ සමගින් සැතපුනු මා
කවියක ලියමි නුඹ සිහිකර හැගුමන් මා


මා ළය නැගෙන හැගුමන් නුඹ තරම
දන්නේ කව්ද පවසන්නට නෑ මතක
ලෝකෙට හොරෙන් මා විදිනා සුව සිහින
නුඹමයි කෙනා මෙ හැම හරියට දන්න


හැඩුවෙමි දිනක් මතකද නුඹ මත වැතිර
මුළු ලොව නොදත මුත් නුඹ දන්නව නේද
දෝරෙ ගලා මා වැළපුන හැටි වැතිර
ඉවසා මගේ කදුළැල් බිව් හැටි මතක


සිහිනෙන් මෙමා කරනා කෙළි දැන හැදින
නුඹ හිනැහුනා මා හරි හැටි දැන හැදින
හැගුමන් දරුණු වැනු තැන මා හට හැගුන
මිරිකා නුඹේ වත විකුවෙමි වරින් වර


ලෝකෙම රුදුරු ලෙස ඇතිවිට ජය ගන්න
නුඹ මත වැතිර සිතුවෙමි රෑ එළිවෙන්න
මා ජීවිතේ ගත් බොහො තීරණ වලට
නුඹ මට සහය වුනු හැටි සිහිවෙයි සිතට


මේ කව ලීවෙ මගේ හිත මට කියන නිසා
වෙන කව්රුවත් මේ වෙන තුරු නොසිතු නිසා
මනුසත් සතා ජන්මෙන් කුහකයකු නිසා
නුඹව මාරු කරනෙම් හිස ඇම්ම නිසා




ආමන්ත්‍රණය -

නින්දට වැටුනු විට - නින්ද අහලක වත් නැති විට
නුඹ වැළදගෙන නුඹ ගැන සිතුවෙමි
නුඹට උපහාර පිනිස නුඹ ගැන ලීවෙමි.



Image from: https://www.google.lk/url?sa=i&rct=j&q=&esrc=s&source=images&cd=&cad=rja&uact=8&ved=0ahUKEwjnpeDPjt_MAhVGr48KHaWlDgsQjRwIBw&url=http%3A%2F%2Fgarfieldhavemann.aminus3.com%2Fimage%2F2010-11-30.html&bvm=bv.122129774,d.c2I&psig=AFQjCNEQOQ8GLw09FXj0ZWQ0qf-AxRiN-g&ust=1463505915863456

පොලිසිය මාරයි.... තේරුම්ගන්න අමාරුයි!



පොලිසිය මාරයි....
තේරුම්ගන්න අමාරුයි!

උන් හරි හොදයි.....
මහවැස්සෙ තෙමි තෙමී පාරෙ!

නීතිය රකින්නනේ...........!

මම වරදක් කලේ නෑ .... ඇත්තටම
උන් මට උසාවි ලිව්වා!

උන් හරි ළාමකයි.......
තේරුම්ගන්න අමාරුයි!

මට පුදුමයි ඔය ඇදුම යටින් ඉන්නෙ මිනිහෙක්ද?

එහෙම කියල කෙහොමද?
උබ වුනත් වෙනස් වෙන්නෙ නැද්ද?
උන්ට ප්‍රශ්ණ!
උන් උන් ගැනත් බලන්න එපැයි!

එහෙම කොහොමද?
නීතිය සාධාරණ වෙන්නෙ නැද්ද?

උඹටත් තේරෙන්නෙ නැද්ද?
උඹත් පගාව දුන්නෙ නැද්ද?
උඹ වැරදි නොකලත්!

ඒ සිස්ටම් එකේම නෙවෙයිද දැන් උඹත්?
උඹ දැන් වෙනස්!

අන්න ඒ වගේ තමයි උනුත්!

උන් හරි ළාමකයි......
ඒ වගේම හොදයි......
තේරුම් ගන්න අමාරුයි....
නීතිය සාධාරණයි.....

පොලිසිය මාරයි......
තේරුම්ගන්න අමාරුයි!

Image from: https://www.google.lk/url?sa=i&rct=j&q=&esrc=s&source=images&cd=&cad=rja&uact=8&ved=0ahUKEwjC183fiN_MAhUKpo8KHVilDawQjRwIBw&url=http%3A%2F%2Fnewsfirst.lk%2Fenglish%2F2015%2F05%2Fspecial-traffic-plan-for-john-kerrys-visit-to-sri-lanka-police%2F92591&bvm=bv.122129774,d.c2I&psig=AFQjCNGRdxmUT6sM-yDoz9gQa-AUxE_EqA&ust=1463504337406855

සක්ර්බර්ග් වෙත....






දයාබර සක්ර්බර්ග්,
වේදනාවෙන් ලියමි
දිව්රා කියන්ණෙමි
නිකමටවත් මුණනොගැසේවා යි පතමි
කිමද මා කේන්තියෙන්මි.

ඈ හා ඡායාරූ ගත්තේ සොදුරු හැගුමිනි
ඈ නේක හැඩ ගන්වා සොදුරුව වින්දෙමි
ඈ හා සැහැල්ලුවෙන් දුව පැන්නෙමි
මතකය සමරනු වස් දුරකථනයේ
රූ ගත්තෙමි.

අසරණ මා වැඩට හිරවුනි
අසනීපෙනි
ගත් මතක නුබේ මූහුණුපොතේ දමනු 
දිනෙන් දින පසුවුනි.

අනේ මා හිතාමතා නොකලෙමි
ඈ මා හා අමනාප වී ගොසිනි.

අනේ අපි දුවපැන්න අපූරුව 
ඈ හැඩ ගැන්වූ අපූරුව
මේ සෙදුරු මතකය
නුඹේ බුකියට පැරදුනි.

මා දරුණු කේන්තියෙන්මි
ඇයට බනිනු අකමැත්තෙමි
මිනිසාගේ හැගුම් නුඹේ බුකියට පැරදුනි.

නැවතත් අවධාරණයෙන් කියමි
නිකමටවත් මුන නොගැසෙන්නැයි ඉල්ලමි
නුඹව දුටු තැන ගුටි කෙලින්නෙමි
මා පැරදුණු බුකියේ නුඹට ලියා තබමි.

මිනිසාගේ හැගීම් නැවත ඉල්ලමි
තවත් උන් වෙනුවෙන් 
වසා දමන්නැයි ඉල්ලමි.

අවසනට ලියමි
උඹට බුදුසරණයි පතමි
මෙයින් මා නවතිමි
නැවතත් නොලියමි.

මෙයට හිතවත් හූනා..........


image from:
https://www.google.lk/url?sa=i&rct=j&q=&esrc=s&source=images&cd=&cad=rja&uact=8&ved=0ahUKEwi_nN3Hgt_MAhXMr48KHe1oB14QjRwIBw&url=http%3A%2F%2Fwww.mirror.co.uk%2Ftech%2Fyou-clever-or-smarmy-enough-7425767&bvm=bv.122129774,d.c2I&psig=AFQjCNED-XKmTGCWl8D3ms4HGjDLuzLmPA&ust=1463502611474699

උඹව මතක් වෙලා....





කයිය 

උඹ මගෙ යටි හිත වගේ


කාලයක් උඹ එක්කම උන්න
ළදරුවෙක් වගේ


ටිකෙන් ටික ලොකුවෙලා
අරමුණු වැඩිවෙලා
උඹව අමතක වුනා


ගොඩක් දේ වුනා
උබට හොරා


හැල්මෙ දිව්ව
ගොඩ එන්න
ඉලක්කයක් හිතන් විද්ද ඊතලේ වගේ

අද කොහේ හරි වැදිල
ඉලක්මෙ නොවයි

මං හිතන්නෙ මට රිදිල
ඒ නිසා උඹව මතක් වෙලා

ගොඩක් මං දිව්රුව උඹ එක්කම ඉන්නව කියල
ඒ හැම පාරම දන්නෙම නැතුව උඹ අතහැරිල
ඒ නිසා මේපාර දිවුරන්නෙ නෑ ඉන්නවමයි කියල
මට හිතෙනව ආයෙත් ඉදිවි කියල
ආයෙම උඹව දාල දුවයි කියල



සටහන -

වරෙක ආදේශය යතාර්ථය පහදන අතර
වරෙක යතාර්ථය ආදේශයම විය හැක.


Image copied from:


Thursday, September 24, 2015

ජීවිත වෙළදාම ...

Image from : http://www.reviewcentre.com/reviews100014.html

කාලය ඇවිදින් නාඹර දිවියට
සිතත් කයත් පුල පුලා සිටී

ජීවිත ගමනේ තුන්මං හන්දිය
වැරදුනොතින් යලි හැරෙනු බැරී

ශිෂ්ඨාචාරයෙ දරුනුම අංගය
එක එක නම් ඇත කියනු සරී

හැම මගුලම මේ මගුල හින්දමයි
තේරුම කවුරුත් කියනු නැතී

උපන් දා ඉදන් ටික ටික ටික ටික
ලොකු වෙනකොට හැම දේම සකී

නොකියා කයලා හැමෝම ඕකට
ලෑස්ති කරනව නේද සකී

හොදට ඉගෙනගෙන හොද හොද රැකියා
හොයාන බාගෙට මැරෙනු සකී

ඒ ඒ තනතුරෙ වරුනෙ විකුණලා
තවකෙක් දිවියට සොයන හැටී

දැක්කම මට මේ මොකද්ද කියලා
හිතන්න ගත්තම පිස්සු හැදී

අකුරෙන් අකුරට අමුණල කවියක්
හදලා කියනව මේකෙ හැටී

මිනිසා මේ ලොව හැදුනු දා පටන්
මේ ලොව එක සම්බන්ධයක් ඇතී

ඕක කරන්නට ශිෂ්ඨ ක්‍රෙම් යැයි
සම්මත වුනු එක දෙයක් ඇතී

ඕන්න ඕකට එක එක එක නම්
හැදිලා ලොව කියවෙනව ඇතී

හැගීම් විකුණන ජීවිත බිස්නස්
site පවා අද දකිනු ඇතී

කාලය පැනලා ගුඩුපොල් වුනාම
හදිස්සි හින්දා කරනු ඇතී

විසිතිස් ගානක් එක්ක ගිහිල්ලා
අවුලක් වුනාම සද්ද නැතී

ගමේ ගොඩේ ලග එවුන් එක්ක බෑ
ඒ හින්දා විකිනෙනව ඇතී

තනතුරු සල්ලිය මාන්නෙ හින්දා
සමහරු විකිනෙයි ලන්සු වෙවී

මනුස්ස ජීවිත හැගීම් දැනීම් බොල
ලන්සු තියල අද සේල් වෙවී

සේරම අස්සෙ කරන්නෙ එක දේ
නේද ඉතින්මේ මගුල් ඇතී

හැගීම් දැනීම් සහ මනුස්ස කම දැන
තවත් කෙනෙක් ගැන සිතනු සකී

එහෙමත් බැරිනම් කොරන්න එක දේ
කොරන්න තව ක්‍රමගොඩක් ඇතී

තවකෙක්ගේ දිවි බිස්නස් අතහැර
කෙහෙල් ගහක කොටපන් මල්ලී.....

Tuesday, April 7, 2015

සිහින විකුණමි!

Image copied from:  http://how-to-become-rich.com/about-money/what-does-it-mean-when-you-dream-about-the-money.html

බිදවැටුන දා හිතේ දහිරිය - ගතේ දහිරිය සුන් කරන්
පසක්විය මට හරිම තේරුම - අසරණයි යන වචනෙ හුන්

ගතේ දහිරිය ගෙනා දහිරිය - හිතේ ගුලිකර එදා මං
මගේ දිවිමග මං ගියා ඔහෙ - බයක් තිබුනේ නෑ ඉතින්

රෝද පුටුවේ ගියත් අද මා - මගේ දිවියට ආදරෙන්
අහස් මාළිග ඔහේ ඉදිවෙයි - කරනු කවුරුද ඒක තහනම්

මගේ හීනේ අයිති මට නෙව - රකිනු කව්රුද මා නමින්
මගේ හීනේ රකින්නට මං - පොළේ මොරදෙයි මෙලෙස දැන්


මගේ හීනේ රකිනු රිසියෙන්  - අනුන් හීනේ මිළ කරන්
ලෑල්ලක ඇණ ගසා අමුණා - විකුණනව උන් හටම මං


ලොකු කෙලීගේ මගුල ගන්නව - ගොඩ ගියෝතින් ජයට මං
සැත්කමට අම්මගේ දෙයියෝ - මේකවත් අනෙ ගොඩ යමං

කාරෙකක් ගන්නවා අම්මප - පව්ලෙ නම්බුව රැක මෙමං
ග‍ෙයක් හදනව අපිට ඉන්නට - බොඩිමෙන් තොර ලොව සොයං

අනේ ලොකුවට එපා දෙයියෝ - දහක් වත් අද හම්බුනොත්
පොඩි එකාගේ හිත හැදෙන්නට - කලිසමක් වත් දෙනව මං

 
මේ වගේ තව දහක් උන්ගේ - හීන ඔක්කොම යට කරන්
සල්ලි කියනා පුංචි කොල ලොව - රජවෙලා දිවි බොද කරන්


මහතුනේ අද ඔබ දිණනවා - පුංචි රුපියල් විස්සකින්
අද අදින ඒ මහා ජය මළු - ඔබට මයි මේ ගෙනා මං

දොනෝ දාහක් රොක් වෙලා දැන් - තෝර තෝරා හීන උන්
අරන් යයි මිළ කරන් හීනේ - පුංචි රුපියල් විස්සකින්


අද නිදයි සුව යහනෙ සැනසී - හෙට දිණන ඒ අධිටනින්
තවත් දවසක් සැනසේවි යලි - හෙට ඇවිත් තව විස්සකින්

Tuesday, March 31, 2015

~ඔන්නොහේ හැදුන කවිය~


මදුරුවන් හිග මදුරු දැල තුල
දහඩියෙන් තැවෙමින් ඇදේ
උඩ බලා ගෙන කොටමි කවිපද
දුරකථනයේ මෙමරියේ

සිතුම් පැටලී stuck වෙලා මන්
උඩබලන් ඉන්නාවෙලේ
සිතුන කවියක් ලියනවා මන් 
මොනාහරි ගැන ඔන්නොහේ

ආදරේ ගැන බර වැඩී මට
රින්ගන්න බෑ කවි පදේ
ඔහේ එනදේ ලියනවා මන් 
හැදෙයි කවියක් ඔන්නොහේ

code කොටලා දවල් කාලේ 
මොලේ encrypt වී ඇතේ
එන්නෙ නෑ හරි වචන ලස්සන 
මිරිකුවත් දැන් මගෙ මොලේ

බෝඩිමේ මා එක්ක ඉන්නා
අනිත්කොල්ලා ලග ඇදේ
සැනෙලි දැල්වෙයි මල් කඩන විට
හෙන වදින ලෙස කළුවරේ

අසල නිවසක සෙට්වෙලා උන් 
කියන බයිලා පද බොලේ
තාලයක් ගැන හැගීමක් වත් 
නැතුව ගුවනේ රැව් දෙතේ

බිත්තියෙන් වෙන් වෙලා තියෙනා
අනිත් බොඩිමෙ මේ වෙලේ
කොටන් ඉරනා ලෙසට ගුම් දෙයි
ටයිල් ලොරි ඩ්‍රයිවර් මලේ

වරෙන් කවි පද කොහේ හරි ඉද
පෙලින් පෙල තනිවූ ඇදේ
නින්ද නෑ ලග උඩ බලන් මං
ඉන්නවා තව ඔන්නොහේ

දෙනෝ දාහක් ඉන්නවා ඇති
මේ වෙලේ සුව සිහිනයේ
කී දෙනෙක් නම් ඇතිද මං වගෙ
උඩ බලන් තනි වූ ඇදේ

දුරකථනයේ නැගෙන එළියට
කවි කොටනකොට මං ඇදේ
අනිත් ඌ හිතනවා ඇති මං
මල් කඩනවා ඌ වගේ

ඉතිං සතුටුයි ඔන්න ඔහෙ මං
හැරුන කුරුමිණියෙක් වගේ
මෙට්ටෙ පෙරවන් කොට්ටෙ උඩ මං
නිදා ගන්නව ඌවගේ.

Wednesday, December 31, 2014

ඉපදියන් උන් තවත්

එදා සරසවිදොරින් 
නික්මෙද්දි මහ මගට
සමාජයෙ තිබුනා තැනක් 
කියමින්   “උගත්තු“

එදා හඩ නගන විට 
සරසවි කොළුවෙක් මෙපුර
තිබුනා තැනක් දැන උන්ට
කියමින් “උන් කියන්නෙත් ඇත්ත“

දශකයක ටත් අඩු 
කාලයක් ඇතුලදි
වෙනස් විය සියල්ල...

අද සරසවි දොරින් 
නිත්මෙද්දි මහ මගට
සමාජයෙ තියෙනව මතයක්
කියමින් “කාළකන්නි“..

එදා මා කුඩා කල
 කලාවට තිබු ආදරය
අද කොහිද විකිනිලා 
මොඩ හැතිකරය ලග

දළුදාල වැඩෙන 
අදහස් කියින දේට
වදිනකොට බැටන් පාර 
ඉරිතලයි මහ පොළොව

කාලයේ වියරුවට පෑගිලා හැගීම්
කාලයේ වියරුවට පෑගිලා උගත් කම්
කාලයේ වියරුවට පෑගෙන එකෙක් මත
මොර දෙමින් ඉපදියන් තව නව දහක් උන්

Tuesday, December 30, 2014

වැහි බින්ද

Image copies from: https://garrettalloway.wordpress.com/photography/you-were-born-in-a-rain-drop/

වැටුනොතින් වැහි බින්දු - නියං සා මිහි මතට
වැහි බින්ද වටී වී - සාගරයක් තරම
වැහි බින්ද වුනත් ලොව-  තියෙන්නට උගේ තැන
බනින්නට එපා එන - ඉඩෝරෙට උබෙ ලොවට

ඉවසපන් වැටෙන කන් - වැහි බින්ද උබ මතට 
වැටුන දා වැහි බින්ද - බලන් උන් උබ මතට
සාගරය වෙනුවෙන් නම් - බලා හුන්නේ උබත්
නොදැනේවි උබ මතට - වැටුන බව වැහි බින්ද


Saturday, October 25, 2014

ගන්ධබ්බය!


Image coppied from: fumar-porros.deviantart.com

බිදෙන් බිද වැහි බින්දු අතරින්

හෙණ වදිනු දුටුවෙමි අහස් ගැබ.


වෙනදා හැඩූ හති නොඅල්ලා

නිහඩ විය අදුරු කර

සැනසීම දුක ගෙනා

නිතර හැඩූ දුරබනුව.


නිහඩ වී ජීවිතය

ගන්ධබ්බ කර මාව.

ආයෙත්ම හඩනු නුබ

ඈ නමින් දුරබනුව -

සැහැසි වදනක් දෙකක් හෝ 

අහස් කුස හෙණ විලස.


අනේ නිහඩයි සියල්ල

ගන්ධබ්බ කර දිවිය.

තවම නෑ හැගීමක්

කිම කරනු ඈ නැතිව!

Monday, June 2, 2014

කාගෙත් සුන්දරී වූ ඈ වෙත ලියමි.....


කාගෙත් සුන්දරී වූ ඈ වෙත ලියමි......

ඉස්සර බස් එකේ යද්දි
අතර මගදි ,
තැනින් තැන උබ දකිනකොට,
මටත් උබ එක්ක යන්න නොහිතුනාම නෙවෙයි.
ඒත් .....
ගොඩක් එවුන් උබත් එක්ක යන්න දගලනව දැක්කම,
 මම පස්ස ගැහුව.

“ඒක ඔච්චර හිතන්න දෙයක් නෙවෙයි!
ඉදපන්කො මම සෙට් කරන්න!“
එහෙම කිව්ව යාළුවෙක් එක්කල මමත් කෝම හරි අන්තිමට උබ ගාවට ආව.

ලේක් හවුස් එක දිහා හොරෙන් බල බල ,
උබත් එක්ක පැනගත්තු මං,
උබත් එක්ක ගල්කිස්සෙ බීච් එක අද්දරින් රෑ වෙනකල් එනකොට,
දැනුන දේ කියන්නෙ කෝමද මට තාම තේරුනේ නෑ.

මට උබ ගැන තියෙන්නෙ ,
මගේ උවමනාව ඉශ්ටකරගන්න හැගීම විතරමද?
කියල ආයෙත් හිතන්න මට ඕන වුනා.....

උබ ගැන කියන්න මට කථාවක් තියෙනව  කියල දැනෙන කොට,
තවගොඩක් උන්ට උබ ගැන කියන්න උන්ගෙම කථාවක් තිබුන.

කෝම වුනත් රුහුණු කුමාරි.....
මම උබත් එක්ක යන්න ලබන සිකුරාදත් එනව..

මීට මං,
ලිව්වෙ ගල්කිස්සෙ බීච් එක ලගදි.

Monday, April 28, 2014


ගාලු පුරවර බලා දිවයන
සියක් උන් තෙරපෙච්චි බසයක
තුනේ අසුනේ ඇතුල් කෙලවර
ඉබේ ලියැවුනි මෙසේ කවි පද

සියක් උන් එක එකා තෙරපී
ඉහල ගත් පය තබනු නොහැකී
මුවින් නොම බැන උනුන් හිදිතී
කවන්දය මෙහි සිත නොමැත මෙහි

අනෙක් දෙදෙනා නිදි සුවෙන් ඇත
විරූපී ඒ බලනු රිසි නැත
ජීවිතේ ඇති අරුත පසිදනු
නුබට හැකි නම් කියාදෙනු මට

ඉදිරි අසුනේ නැවුම් යුවලක්
ජීවිතේ සොදුරුව කියාදෙත්
ලගින් හිටගෙන යනෙන උන්ගේ
ජීවිතේ සෙදුරුව විදිති නෙත්

කළුතරින් ඒ නැගපු යුවතිය
දුටුවතින් මා පහන් විය සිත
ඇපල් පණුවන් කනව මයි යන
පසක් විය ඒ සැනෙන් නියමය

දවස තිස්සේ ඔට්ටුවුනු ඒ
කෝඩ් ලොකෙන් බැහැර වුනු මන්
ගෙදර යන මේ බස් එකේ උන්
දැකල හොල්මන් ඔන්න නිදි මන්

Thursday, April 4, 2013

සමුගැණිමක් නොවෙයි - farewell !


පැමිණීමත් - නික්ම යාමත්
 මිතුරෝය..!

දිනෙක - පැමිනියෙමි 
ආ ලෙසින් - නික්ම යමි.

පැමිනීම සිනහවේත් - නික්ම යාම - කදුළේත්
මිතුරන් බව දනිමි.

පැමිනීමට - සිනහවත් 
නික්මීමට - කදුළත් 
ඵලක් නැති බව හගින්නෙමි.

මා උන් කල - මා සිටි බව,
දැනුනා නම්..,
 ඒ ...
අගයන්නෙමි.!


ඉතින් මා යන්නෙමි - ආ ලෙසින් යන්නෙමි
ලොවට රහසින් - සොරකමක් කළෙමි
නුබට රහසින් - මා එකතු කල, 
මතකයන් රැගෙන යමි.


 ආමන්ත්‍රණය: නුඹලාට!

Monday, February 18, 2013



එන්න...!
මා නුඹව රැගෙන යමි.
දෑතිතින්ම අල්ලාන....!
මගේ ෆැන්ටසියට.!

එන්න..!
රැගෙන යමි
සුරත ගෙන..
මා දකින සුන්දර ලෝකයට..!

ඉතින් විදින්න ..
ඒ.. සුන්දරත්වය..!
සත්තයි නුඹ ලොබ බදියි දැන්..
මේ ෆැන්ටසියට...!

ඔව් නුබට ලෝබයි..
දැන් මේ ලෝකය නුඹේ...

ඉදින් තව දුරටත් ... නුඹ නරඹන්නකු නොවේ..!
මේ ෆැන්ටසිය නුබේ.....!

දැන් නුඹට දැනෙනව..
දැන් නුඹ පිය නගනව..
දැන් නුඹට තියෙනව..
අරමුණක් .. මාවතක්..
මේ......
ෆැන්ටසියෙන් උත්තේජනය වුනු.
උඹම තොරගත්..!

දැන් ඉතින් කෝ .. කොහිද ?
රැගෙන ආ මා සුරත.!

අත හැරිල නේද ?

නොදැනීම......!.


දැනුනද නුඹට අතහැරැණු බව..?
සත්තයි නුඹ උරණ වෙයි..
මා එක්ක.!

නාවාට... පිය නගන්නට..
ඒ නුඹේ මාවතේ.. නුඹ සමග... නුබේ ෆැන්ටසියට.!

සත්තයි නවතිමි මම.!
නුඹට අවසරයි යන්නට.!
නුඹේ මාවත දිගට.!

රැගෙන එමි තවකෙක් හැකිනම්..!
මේ ෆැන්ටසියට
වාරු තිබුනොත් දෙපයට..
තව දුරටත්..

එයයි මාගේ කාර්යය!

සුභ ගමන් අල්තීනායී..!

පොප්ලරයෝ සිටියෙතින්..!
කියයි ලෝකයට..
අප ද සිටි වග..!

Wednesday, January 2, 2013

welcome 2013 !


ගියා එකක්
ආව තව එකක්
වෙයං ඕන එකක්
නෑ මහා ලොකු හිතක්


Saturday, December 15, 2012

මගහැරුනු කවිය..



අරමුණක් නොතේරුනු
බෑගයක් අතරැදුනු
මාවතක උදෑසන
බස් රියක අසුනු වුනු....

නෙතු පියන් අසරනවු
ඇගේ රූ සිහි නැගුනු
මගේ මේ ඇගිලි තුඩු
මෙසේ කවි පද ‍කෙටුන....

දිනෙක ඈ ඉල්ලුමට
කවි කමට සමු දුන්නු
සිහි වුනා ඒ මතක
හිත මගේ බොලද වුනු...

අවසනට මා ලගින්
ඉතුරු වී දුක නිවන
කවිය උබ හිනැහියන්
මෙමා වෙනුවෙන් ලොවට....

Sunday, July 15, 2012

තීරණය!


හැකි වුනානම් පපුව...
ඉරා පැන මොර දෙන්න....
මුවින් මා නුබට දුන් ....
තහංචිය වලකන්න ....


කියනු ඇත මොර දෙමින් උදුරාන !


අනේ තව එක් වරක්.....

හඩනු මා දුරකතනය....

නුබේ නමින්....

පෙර ලෙසම...

ලෙන් ගතුව!
 
15/07/2012

Thursday, June 21, 2012

සහස්‍රෙය් මවක දුටිමි!


176!

හෙට්ටියාවත්ත _ කරගම්පිටිය!

සිකුරාදා හවසක - වෙලාව 5.30!

අතොරක් නොමැති සෙනග!

එල්ලිලා හතර අත!



බෑගයක් උරයක.

අසුනක් නොමැත සරණට.

පැමින ඇත මැදි වියට.

අහම්බෙන් රැදුනා මනෙත.



පසෙකින් පුත් රුවන

නිම කරන් හවස කනිසම

දෑතින්ම අල්ලාන

මා ඉදිරි පස අසුන



කාටත් නොතේරුන

අයුරින් රැගෙන පොත

අකුරු නිම කල අයුරු පුත් සද

විමසු හැටි මා නෙතු පැහැරගෙන



හුස්ම ගන්ටත් නොමැති ඉඩකඩ

අතර හිටගෙන රැගෙන යුතු කම

දොරෙ හරිමින් මවක සෙනෙහස

සෙමෙන් විමසුව දැනුම් වගතුග



නෙතු කෙවෙනි අග රැදුන මේ වග

කලයේ මව් වරැන් පුදකොට

මෙලෙස කොටනෙමි වදන් කැටි කොට

කාලයට හසුනොවූ මව්ගුණ!

Wednesday, June 13, 2012


කවි පද මග හැරුනු
මා මටම හමු නොවුනු
කලක් ගොස් නිමා වුනු
කයිය නුබ අත හැරුනු

සමාජය පිලි ගත්තු
ජීවිතේ උර ගාපු
රුපියලට යටත් වුනු
ජීවිතේ උගස් වුනු

සෙන්චරිය පෙනි පෙනී
යලිත් නුබ මතක් වුනු
නිසා යලි පන නැගුනු
වදන් පොද වැක්කෙරුනු

කයිය මා නිම කෙරුනු
ලගදීම වෙනස් වුනු
තාලෙකින් එළි බසිනු
ඇති මිතුර බලන් ඉමු

Wednesday, May 9, 2012

ඈ.....
      දුන්නු .....
                ආදරේ ......
                         අදේට ......
                              නෙල්ලි ගෙඩියක්......
                                                   දැන් මට.....
                                                              අයිති නැති ......!

කොළඔ


ගගන සූරන සූර මන්දිර
පළිගු පෙන්වන නුබේ හැඩ තල
අසුරු සැරයෙන් ඇදෙන රිය සක
ඉතින් ආයුබෝවන් කොම්තොට

නේක අහරය අයැදමින් පොකැට්ටුව
ජීවිතය ඉල්ලමින් දිය පොද
වෑහෙමින් සීරුවට කරාමය
හිනැහෙමින් සුකුමොල මීටරය

ප්‍රභාශ්වර හිරු මඩළ
සූරමින් මැදුරු හිස
නද කරන් කන ලගින්
සිහිකරන් ජීවිතය

අග නුවර සිරි පුරය
නන් දෙසින් පැමිනි අය
හූල්ලන ජීවිතය
බොද කරන් මහ පොළව

සතිය ගෙව් මහ සෙනග
කෝ සති අන්තයට
කොළොම් තොට
හිදිලාය....



Thursday, April 26, 2012

ලියන්ඩ ඕන මට කවියක්....



කවි සිදුන තෙලි තුඩ
තවරමින් ලේ බිද
වැතිර හුනි සුදු කොලේ මත
මොරදෙමින් ඉල්ලමින් කවි පද

Sunday, April 15, 2012

කැටුව යා යුතුව ඇත....!

 
 
මා පෙම් කලෙමි එක් වරක්!
සම්තය නම් වූ රේඛාව!
පැන ගොස් ඇයත් මමත් !

ඉඩ දුනිමු හදවතට!
පියා නෙත් ලෝකයට!
විද ගතිමි ඇගෙන් ලද
උණුසුම් හැගුම් පොද!

ලොබ බැදිමි පළගැටි‍යෙකු සේ..

කාලය එළබ ඇත..
නික්ම යා යුතුව ඇත..
ඇයට හිමි ලෝකයම
ඇයට පුද දිය යුතුය..
සැගව යා නොහැක මට
ගුලි කරන් දුක් පොදිය..

කැටුව යා යුතුව ඇත
ඇයට හිමි ලෝකයට
සුරතින්ම අල්ලාන
ඇගේ නව ලෝකයට

දිරිය දෙනු මෙමා හට
අත් හරින නිමේශෙට
කැටුව ආ සුරත මා
ඒ ඇගේ ලෝකයට

නොවැටියන් කදුළු පොද
සිනා සී ලෙන්ගතුව.......!

Friday, March 30, 2012

නැවත මා මිතුරාය....

ලියන්නට කවියක්
නොමැත මට ඉතිරි වී
සිතන්නට අරමුණක්
නොමැත මා ඇස ගැටී
මා සිතම උරණ වී
මා සමග වෙර බදී
කියනු මා මේ තරම්
කෙලෙසකද දරැණු වී

මගේ තොල් සැලි සැලී
හිරකරන් හිත මගේ
ඉල්ලමින් රුවම ඒ
 සැනසු ඇස මගේ
කෙලෙසකද දරුණු වී
නැවත මා මිතුරාය
නුබේ හෙට ලෝකයේ
හිනැහියන් මිතුරියේ....!

දිනෙක නුබ ඉල්ලමින්
නොලියන්න කවි යලිත්
ඉපිලෙද්දි ප්‍රීතියෙන්
ස්නේහයේ සිත මගේ
කෙලෙසකද කිව මැනේ
ලියනු මා කවි යලිත්
අවසනදි මා වෙතින්
ඉල්ලුමට අද මෙසේ....!

Friday, March 16, 2012

ආදරයේ දේවදූතයට පාඩමක්...!


ආදරය දේව ත්‍යාගයකි..!
ඔහු කපටි දෙවියෙකි..!
ඔහුගේ ආහාරය දුක..කදුළ..වේ..!


දිනෙක නොවැරදී
ඔහු නුඔ කරාවිත්
සිනා මුසු මුහුනින්
නුඔට තෑති දෙනු ඇත.

ඉතින් අද පටන් නුඔ ..
ඔහුගේ ආහාරයක්..!


තෑග්ගත් අරගෙනම
හිනැහියන් සීරුවෙන්
නොහැගුනා සේ නුඔට
ලොවම නුඔ කොනිත්තන..!


ඉතින් නුඔ දිනුවොතින්...
අනෙකටත් උගන්නල...
ඌට හොද පාඩමක්...
කියා දෙමු හැමෝටම...
තෑගි විතරක් ගන්න...