Wednesday, June 13, 2012


කවි පද මග හැරුනු
මා මටම හමු නොවුනු
කලක් ගොස් නිමා වුනු
කයිය නුබ අත හැරුනු

සමාජය පිලි ගත්තු
ජීවිතේ උර ගාපු
රුපියලට යටත් වුනු
ජීවිතේ උගස් වුනු

සෙන්චරිය පෙනි පෙනී
යලිත් නුබ මතක් වුනු
නිසා යලි පන නැගුනු
වදන් පොද වැක්කෙරුනු

කයිය මා නිම කෙරුනු
ලගදීම වෙනස් වුනු
තාලෙකින් එළි බසිනු
ඇති මිතුර බලන් ඉමු

1 comment:

  1. කයියට හපනෙක් වගේ..ඔන්න හුනෝ මාත් එකතු උනා,,

    ReplyDelete

කොමෙන්ටු දාන්න..