Tuesday, April 7, 2015

සිහින විකුණමි!

Image copied from:  http://how-to-become-rich.com/about-money/what-does-it-mean-when-you-dream-about-the-money.html

බිදවැටුන දා හිතේ දහිරිය - ගතේ දහිරිය සුන් කරන්
පසක්විය මට හරිම තේරුම - අසරණයි යන වචනෙ හුන්

ගතේ දහිරිය ගෙනා දහිරිය - හිතේ ගුලිකර එදා මං
මගේ දිවිමග මං ගියා ඔහෙ - බයක් තිබුනේ නෑ ඉතින්

රෝද පුටුවේ ගියත් අද මා - මගේ දිවියට ආදරෙන්
අහස් මාළිග ඔහේ ඉදිවෙයි - කරනු කවුරුද ඒක තහනම්

මගේ හීනේ අයිති මට නෙව - රකිනු කව්රුද මා නමින්
මගේ හීනේ රකින්නට මං - පොළේ මොරදෙයි මෙලෙස දැන්


මගේ හීනේ රකිනු රිසියෙන්  - අනුන් හීනේ මිළ කරන්
ලෑල්ලක ඇණ ගසා අමුණා - විකුණනව උන් හටම මං


ලොකු කෙලීගේ මගුල ගන්නව - ගොඩ ගියෝතින් ජයට මං
සැත්කමට අම්මගේ දෙයියෝ - මේකවත් අනෙ ගොඩ යමං

කාරෙකක් ගන්නවා අම්මප - පව්ලෙ නම්බුව රැක මෙමං
ග‍ෙයක් හදනව අපිට ඉන්නට - බොඩිමෙන් තොර ලොව සොයං

අනේ ලොකුවට එපා දෙයියෝ - දහක් වත් අද හම්බුනොත්
පොඩි එකාගේ හිත හැදෙන්නට - කලිසමක් වත් දෙනව මං

 
මේ වගේ තව දහක් උන්ගේ - හීන ඔක්කොම යට කරන්
සල්ලි කියනා පුංචි කොල ලොව - රජවෙලා දිවි බොද කරන්


මහතුනේ අද ඔබ දිණනවා - පුංචි රුපියල් විස්සකින්
අද අදින ඒ මහා ජය මළු - ඔබට මයි මේ ගෙනා මං

දොනෝ දාහක් රොක් වෙලා දැන් - තෝර තෝරා හීන උන්
අරන් යයි මිළ කරන් හීනේ - පුංචි රුපියල් විස්සකින්


අද නිදයි සුව යහනෙ සැනසී - හෙට දිණන ඒ අධිටනින්
තවත් දවසක් සැනසේවි යලි - හෙට ඇවිත් තව විස්සකින්