Tuesday, November 2, 2010

මා මිතුරනි මේ අහන්න....




සහොදරය සහෝදරිය
ඒපා ඇමති සිත් තලන්න
නුඹ ආවේ ඉගෙන ගන්න
අම්මලාගෙ සිත් හදන්න

හෙට එන උන්ටත් කියන්නෙ
සමාජයෙන් වැඩැක් නැතේ
නුබට පුතේ හෙටක් ඇතේ
ඒක ඇත්තෙ ඇමති හිතේ

මගේ මිතුරනි මේ අහන්න
දේශපාලනේ කරන්න
හොදනෑ නොවැ ඉගෙන ගන්න
ඇමතිලාගෙ හිත් රිදෙයිනේ
නුඹ ආවේ ඉගෙන ගන්න

අහිංසකම අම්මලාගෙ
හිතේ අපිත් ගොඩම කියල
මගේ පුතා හරි හපනා
විශ්ව විද්දියාලෙ ගියා
අද හෙට එලියට එනවා
ඌ ලොකු ලොක්කෙක් වෙනවා

මගෙ මිතුරනි මේ අහන්න
ඇස් කන් දෙක පියා ගන්න
ඔන්න ඔහේ ඉගෙන ගන්න
දෙන මගුලක් ඉගෙන ගන්න
ඒපා ලොක්කො හිත් තලන්න

සොහොයුරියනි මේ අහන්න
ලොක්කන් හට ඉඩහරින්න
නුඹෙ කන්‍යාභාවය බලන්න
හැකිනම් සහතිකත් ගන්න
නොදැක්ක වගෙ ඉගෙන ගන්න

ඇමතිලාගේ ලොකු එවුන්ගෙ
ප්ලෑන් වලට වැඩ කරන්න
උබට පුතේ හෙටක් ඇතේ
හද මාමා කිරිගෙනෙතේ

අන්තර් මන්තරේ වගේ
ශිෂ්‍ය කි‍්‍රයා අකැප පුතේ
රට කිරීම ලොක්කො කොරයි
ඔහොම හිටින් නිදන් පුතේ

නුබෙ අම්මා හඩයි පුතේ
අන්කල්ලා තලයි පුතේ
ඒ හින්දා පුන්චි පුතේ
නුබ නිදපන් දොය්ය පුතේ

නැන්දෙ මාමෙ මේ අහන්න
ඇමති කියන දේ අහන්න
ඒපා වැරදියට හිතන්න
අනේ අපට සමාවෙන්න
අපේ ඇමති මාමලාට
අනාගතේ හදාදෙන්න
උපදින උන්ටත් කියන්න
අපි වාගේ නොහැසිරෙන්න

Monday, November 1, 2010

විරහව හා විදවීම...




ආදරය ! පුංචි  ගල්  කැටයක්  ....!
ජීවිතය  ගැබුරු  නිසල  විලක්  යයි  සිතන්න ....

පුංචි  නමුත්  ගල්  කැටයට  පුළුවන් ... විලම  රැළි නංවන්න .. 
     සුන්දරකරන්න ....

 දිනක ! ,
        ඒ  රැළි  නිවිලා  යාවි ...
              අයෙත්  විල  නිසල  වේවි .
                    අයෙත්  ඒ විල ! ,
             ගැඹුරු , නිසල , ගුප්ත , විලම  වේවි ..!

නිසැකවම  දිනක්  ඒවි  ....
   ඒ  විල  හිදිලා  යන .
                      
                 එත් ...‍


   ඈත   අතීතයේ  .. දිනෙක මේ  විලෙත්  රැළි  නැගුන  බව  කියන්න ,
        පුංචිම  පුංචි  ගල්  කැටයක්  පතුලේ  ඉදිවී ....

ගැඹුරු ,නිසල ,ගුප්ත්  කම  ගබුරේම   
හැමදාමත්  ඒ  ගල්  කටය  සුරැකිව  හිදිවී ........
මේ  විලෙත්  රැළි  නැගුන  බව  ලෝකයට  කියන්න ...
  එත්  විල  ??????????