ඇරඹුමක් නැති දෙයක
අවසනක් දකින්නට
කාට නම් පුළුවනිද?
සදාකල් හමුවන්ට
ලෙන්ගතුව සෙනෙහසින්
මිතුරියේ පුළුවන්ද?
නුඹ මහට කව්රුදැයි
ලියන්නට පද පේලි
කොහෙන් නම් ගේන්නද?
මේ ඇරඹුම මිතුර
කියාදෙන්නට ලොවට
කවියකින් හැකිවෙයිද?
සදා කල් සිනාවෙමි
සෙවනැල්ල විලස හිද
නුඹ ලගින්, දැනුනාද?
එපා නුඹ හැරෙන්නට
සෙවනැල්ල සොයන්නට
පලක් ඉන් ඇතිවේද ?
නුඹේ ආදර කවිය
පිටු අතර ලියන්නට
නුබේ පොත හැරපන්න !
පන්හිදට ඉඩදෙන්න
ඒ කවිය හැඩවෙන්න
පිටුදිගේ දිවයන්න !
ඒ කවිය හැඩ වෙච්චි
රතු පාට තීන්තය
පන්හිදේ රුධිරයද ?
එපා එය විමසන්න..!
කවිය දැක හිනැහෙන්න..!
ඒ හිනා පොදට හැක..!
සෙවනැල්ල සනසන්න..!
නුඹ එ දෙස නොබලන්න..!