Sunday, July 24, 2011

ඇරඹුමක් නැති අවසානය..!




ඇරඹුමක් නැති දෙයක
          අවසනක් දකින්නට
               කාට නම් පුළුවනිද?


සදාකල් හමුවන්ට
ලෙන්ගතුව සෙනෙහසින්
                මිතුරියේ පුළුවන්ද?


නුඹ මහට කව්රුදැයි
          ලියන්නට පද පේලි
          කොහෙන් නම් ගේන්නද?


මේ ඇරඹුම මිතුර
     කියාදෙන්නට ලොවට
                කවියකින් හැකිවෙයිද?


සදා කල් සිනාවෙමි
     සෙවනැල්ල විලස හිද
              නුඹ ලගින්, දැනුනාද?


එපා නුඹ හැරෙන්නට
     සෙවනැල්ල සොයන්නට
                    පලක් ඉන් ඇතිවේද ?


නුඹේ ආදර කවිය
     පිටු අතර ලියන්නට
         නුබේ පොත හැරපන්න !


පන්හිදට ඉඩදෙන්න
     ඒ කවිය හැඩවෙන්න
               පිටුදිගේ දිවයන්න !


ඒ කවිය හැඩ වෙච්චි
            රතු පාට තීන්තය
                  පන්හිදේ රුධිරයද ?
                  එපා එය විමසන්න..! 
                  කවිය දැක හිනැහෙන්න..!
                  ඒ හිනා පොදට හැක..!
                  සෙවනැල්ල සනසන්න..!
                  නුඹ එ දෙස නොබලන්න..!

4 comments:

  1. වෙනස් අකාරයකට ලියවුන අපූරු පද ටිකක්.යොදාගෙන තියෙන වචන සරළ නිසා කියන්නට උත්සාහ කල දේ පැහැදිලියි.

    ඒත් මල්ලී ගැටළුවක් තියෙනවා. කවිය කියවද්දී ඔය තීම් එකේ ඉඩින් වැටෙන කොළ වැනි දේ නිසා කියවන්න බාධා ඇති කරනවා. ඒ ගැන පොඩ්ඩක් හිතා බලන්න. කියවන දේට බාධා ඇති උනාම ඒක කියවන්න එපා වෙනවා

    ReplyDelete
  2. ඔව් මට දෙතුන් දෙනෙක් කිව්ව.. ඔං අයින්කොලා.

    ReplyDelete
  3. ලස්සන පද ටික හොඳට ගලපලා තියනවා ...
    මොකක්ද මේ මවුස් පොයිටර් එකට කරලා තියෙන්නෙ ටිකක් අමාරුයි වගේ, මොකද තිබුන විදියටම තිබ්බොත් .....

    ReplyDelete
  4. පොඩි ආතල් එකක්. එකෙන් කරදරයි වගේ අයින් කරල දැම්ම ඕං...

    ReplyDelete

කොමෙන්ටු දාන්න..