තනි වුනා මම නිමේශයකට
පුදුම නිහැඩියාවක් !
ඇහෙන්න ගත්ත හදවතේ ගැස්ම ....
ලබ් ඩබ් ලබ් ඩබ් ........
කර්මාන්ත ශාලාවක් වගේ
එහෙනවා මම වගේම තවත් අය
මා වට කරලා .
කොළ පිටු පෙරළෙනවා සර සර ....
පෑන ගැටෙන , මත අතුල්ලා ගෙන, සූරගෙන මූන
ඇදගෙන කාබන් තීන්ත අලුත්ම අලුත් කොලවල .
සුදෝ සුදු කිරිපාට A4 කොලයක්
මගේ මෙසේ උඩ ..!
මොනවදෝ අකුරු ගොඩයි
ලස්සනට ප්‍රින්ට් වෙලා
කලුපාට තද තීන්තෙන් .
තිබුන ගොඩක් ප්‍රශ්නාර්ථ ලකුණු
බොහොමයක් පේළිවල අගට
මම තනිවෙලා ලෝකයක් නැති අවකාශයක
මේ කොළ ටිකත් එක්කල .
එබිලා බැලුවම එකට
තිබුන ලොකු ලංචනයක්
රාජ්‍යය ලංචනේ වගේ - ඉහලින්ම තද කළු තීන්තෙන්
"03 hours" විසික් වෙලා වැටුන දාපු සද්දෙට
ඇවිත් කෙනෙක් මගේ මෙසේ ලගට
ඕනෙද කොළ ?????
තවත් ?
මට ?
මොකටද ?
තම දීපු එකේ ලිවෙත් නැනේ ?
මම වගේම ගොඩක් ය ගණිතයට සමත් !
විනාඩියෙන් ගණන් කළා වහලේ සේරම උළු .
අනාගතය ...
අනන්තයකට විසි වෙනවා
මම ගන්දබ්බ වෙලා
පැය 3ක් ඇතුලත
කාලය නැවතිලා
දෝංකාර දෙනවා ඉස්සරහ එල්ලුණු බිත්ති ඔරලෝසු කට්ට .
මොනවා හරි ලියනවා මමත් .
ඔන්න පිටධිපති තුමෝ
කොර හරිය අවුරුද්දක්
මෙන්න මගේ උත්තර පත්තරේ
බලන්න ඔබ තුමාට .
පුදුම නිහැඩියාවක් !
ඇහෙන්න ගත්ත හදවතේ ගැස්ම ....
ලබ් ඩබ් ලබ් ඩබ් ........
කර්මාන්ත ශාලාවක් වගේ
එහෙනවා මම වගේම තවත් අය
මා වට කරලා .
කොළ පිටු පෙරළෙනවා සර සර ....
පෑන ගැටෙන , මත අතුල්ලා ගෙන, සූරගෙන මූන
ඇදගෙන කාබන් තීන්ත අලුත්ම අලුත් කොලවල .
සුදෝ සුදු කිරිපාට A4 කොලයක්
මගේ මෙසේ උඩ ..!
මොනවදෝ අකුරු ගොඩයි
ලස්සනට ප්‍රින්ට් වෙලා
කලුපාට තද තීන්තෙන් .
තිබුන ගොඩක් ප්‍රශ්නාර්ථ ලකුණු
බොහොමයක් පේළිවල අගට
මම තනිවෙලා ලෝකයක් නැති අවකාශයක
මේ කොළ ටිකත් එක්කල .
එබිලා බැලුවම එකට
තිබුන ලොකු ලංචනයක්
රාජ්‍යය ලංචනේ වගේ - ඉහලින්ම තද කළු තීන්තෙන්
"03 hours" විසික් වෙලා වැටුන දාපු සද්දෙට
ඇවිත් කෙනෙක් මගේ මෙසේ ලගට
ඕනෙද කොළ ?????
තවත් ?
මට ?
මොකටද ?
තම දීපු එකේ ලිවෙත් නැනේ ?
මම වගේම ගොඩක් ය ගණිතයට සමත් !
විනාඩියෙන් ගණන් කළා වහලේ සේරම උළු .
අනාගතය ...
අනන්තයකට විසි වෙනවා
මම ගන්දබ්බ වෙලා
පැය 3ක් ඇතුලත
කාලය නැවතිලා
දෝංකාර දෙනවා ඉස්සරහ එල්ලුණු බිත්ති ඔරලෝසු කට්ට .
මොනවා හරි ලියනවා මමත් .
ඔන්න පිටධිපති තුමෝ
කොර හරිය අවුරුද්දක්
මෙන්න මගේ උත්තර පත්තරේ
බලන්න ඔබ තුමාට .
ලස්සනද කවිය ?