Saturday, March 26, 2011

final pepare~


තනි  වුනා  මම  නිමේශයකට
පුදුම  නිහැඩියාවක් !
ඇහෙන්න  ගත්ත  හදවතේ   ගැස්ම  ....
ලබ්  ඩබ්  ලබ්  ඩබ් ........

කර්මාන්ත  ශාලාවක්  වගේ 
එහෙනවා  මම  වගේම  තවත්  අය
මා  වට  කරලා .

කොළ  පිටු  පෙරළෙනවා  සර  සර ....
පෑන   ගැටෙන , මත  අතුල්ලා  ගෙන,  සූරගෙන   මූන 
ඇදගෙන   කාබන්  තීන්ත  අලුත්ම  අලුත්  කොලවල .

සුදෝ  සුදු  කිරිපාට  A4 කොලයක්
මගේ  මෙසේ  උඩ ..!
මොනවදෝ  අකුරු  ගොඩයි  
ලස්සනට  ප්‍රින්ට්  වෙලා
කලුපාට  තද  තීන්තෙන්  .
තිබුන  ගොඩක්  ප්‍රශ්නාර්ථ  ලකුණු
බොහොමයක්  පේළිවල  අගට

මම  තනිවෙලා  ලෝකයක්  නැති  අවකාශයක
මේ  කොළ  ටිකත්  එක්කල .
එබිලා  බැලුවම  එකට
තිබුන  ලොකු  ලංචනයක්
රාජ්‍යය  ලංචනේ  වගේ  - ඉහලින්ම  තද  කළු  තීන්තෙන්

"03 hours" විසික්  වෙලා  වැටුන  දාපු  සද්දෙට
ඇවිත්  කෙනෙක්  මගේ  මෙසේ  ලගට 
ඕනෙද  කොළ ?????
තවත් ?
මට ?
මොකටද ?
තම  දීපු එකේ  ලිවෙත්  නැනේ ?

මම  වගේම  ගොඩක්  ය  ගණිතයට    සමත්   !
විනාඩියෙන්  ගණන් කළා වහලේ  සේරම  උළු .
අනාගතය ...
අනන්තයකට  විසි  වෙනවා
මම  ගන්දබ්බ  වෙලා
පැය  3ක්  ඇතුලත
කාලය  නැවතිලා
දෝංකාර  දෙනවා  ඉස්සරහ  එල්ලුණු  බිත්ති  ඔරලෝසු  කට්ට .

මොනවා  හරි  ලියනවා  මමත් .
ඔන්න  පිටධිපති  තුමෝ
කොර  හරිය  අවුරුද්දක්
මෙන්න  මගේ  උත්තර  පත්තරේ
බලන්න  ඔබ  තුමාට .
ලස්සනද  කවිය ?

4 comments:

  1. නිහැඩියාව අතර ඇහෙන හඩ
    තනිවෙලා මම බොහෝ දෙනෙක් අතර
    උගත් දෑ අතර හෝරා තුනක්
    ගවුවෙමි ප්‍රශ්ණ අතර...

    ReplyDelete
  2. මේක බලන මමත් කලේ කටපාඩම
    මේ අනික් උනුත් කොරන්නෙ ඒක
    උඹට ඒක බෑ
    සොරි කොල්ලෝ...
    මට දීල තියෙන කොලේ
    මේ වාගෙ එකක් නෑ...
    මේ පාරත් ෆේල්..

    ReplyDelete
  3. දන්න නොදන්න දේ අතර
    හිරවෙලා පැටලිලා
    අහ‍න‍ දේ සෙට් වුනොත්
    ගොඩ ගියා ගොඩ ගියා..

    පාඩමක් කොප්පයක්
    ඕන අටමගයයක්
    රාහු නැත්තං කේන්දරේ
    සෙට් වුනොත් කනාවට හරි
    බලපු ටිකම ආවොතින්
    ප්‍රශ්ණයක් වැරදිලා
    දුන්නොතින් පින් ලකුණු
    ජීවිතේම ගොඩ

    මොක්ක්ද මන්ද සාධාරනේ....

    ReplyDelete

කොමෙන්ටු දාන්න..