Tuesday, March 31, 2015

~ඔන්නොහේ හැදුන කවිය~


මදුරුවන් හිග මදුරු දැල තුල
දහඩියෙන් තැවෙමින් ඇදේ
උඩ බලා ගෙන කොටමි කවිපද
දුරකථනයේ මෙමරියේ

සිතුම් පැටලී stuck වෙලා මන්
උඩබලන් ඉන්නාවෙලේ
සිතුන කවියක් ලියනවා මන් 
මොනාහරි ගැන ඔන්නොහේ

ආදරේ ගැන බර වැඩී මට
රින්ගන්න බෑ කවි පදේ
ඔහේ එනදේ ලියනවා මන් 
හැදෙයි කවියක් ඔන්නොහේ

code කොටලා දවල් කාලේ 
මොලේ encrypt වී ඇතේ
එන්නෙ නෑ හරි වචන ලස්සන 
මිරිකුවත් දැන් මගෙ මොලේ

බෝඩිමේ මා එක්ක ඉන්නා
අනිත්කොල්ලා ලග ඇදේ
සැනෙලි දැල්වෙයි මල් කඩන විට
හෙන වදින ලෙස කළුවරේ

අසල නිවසක සෙට්වෙලා උන් 
කියන බයිලා පද බොලේ
තාලයක් ගැන හැගීමක් වත් 
නැතුව ගුවනේ රැව් දෙතේ

බිත්තියෙන් වෙන් වෙලා තියෙනා
අනිත් බොඩිමෙ මේ වෙලේ
කොටන් ඉරනා ලෙසට ගුම් දෙයි
ටයිල් ලොරි ඩ්‍රයිවර් මලේ

වරෙන් කවි පද කොහේ හරි ඉද
පෙලින් පෙල තනිවූ ඇදේ
නින්ද නෑ ලග උඩ බලන් මං
ඉන්නවා තව ඔන්නොහේ

දෙනෝ දාහක් ඉන්නවා ඇති
මේ වෙලේ සුව සිහිනයේ
කී දෙනෙක් නම් ඇතිද මං වගෙ
උඩ බලන් තනි වූ ඇදේ

දුරකථනයේ නැගෙන එළියට
කවි කොටනකොට මං ඇදේ
අනිත් ඌ හිතනවා ඇති මං
මල් කඩනවා ඌ වගේ

ඉතිං සතුටුයි ඔන්න ඔහෙ මං
හැරුන කුරුමිණියෙක් වගේ
මෙට්ටෙ පෙරවන් කොට්ටෙ උඩ මං
නිදා ගන්නව ඌවගේ.