Saturday, December 15, 2012

මගහැරුනු කවිය..



අරමුණක් නොතේරුනු
බෑගයක් අතරැදුනු
මාවතක උදෑසන
බස් රියක අසුනු වුනු....

නෙතු පියන් අසරනවු
ඇගේ රූ සිහි නැගුනු
මගේ මේ ඇගිලි තුඩු
මෙසේ කවි පද ‍කෙටුන....

දිනෙක ඈ ඉල්ලුමට
කවි කමට සමු දුන්නු
සිහි වුනා ඒ මතක
හිත මගේ බොලද වුනු...

අවසනට මා ලගින්
ඉතුරු වී දුක නිවන
කවිය උබ හිනැහියන්
මෙමා වෙනුවෙන් ලොවට....

Sunday, July 15, 2012

තීරණය!


හැකි වුනානම් පපුව...
ඉරා පැන මොර දෙන්න....
මුවින් මා නුබට දුන් ....
තහංචිය වලකන්න ....


කියනු ඇත මොර දෙමින් උදුරාන !


අනේ තව එක් වරක්.....

හඩනු මා දුරකතනය....

නුබේ නමින්....

පෙර ලෙසම...

ලෙන් ගතුව!
 
15/07/2012

Thursday, June 21, 2012

සහස්‍රෙය් මවක දුටිමි!


176!

හෙට්ටියාවත්ත _ කරගම්පිටිය!

සිකුරාදා හවසක - වෙලාව 5.30!

අතොරක් නොමැති සෙනග!

එල්ලිලා හතර අත!



බෑගයක් උරයක.

අසුනක් නොමැත සරණට.

පැමින ඇත මැදි වියට.

අහම්බෙන් රැදුනා මනෙත.



පසෙකින් පුත් රුවන

නිම කරන් හවස කනිසම

දෑතින්ම අල්ලාන

මා ඉදිරි පස අසුන



කාටත් නොතේරුන

අයුරින් රැගෙන පොත

අකුරු නිම කල අයුරු පුත් සද

විමසු හැටි මා නෙතු පැහැරගෙන



හුස්ම ගන්ටත් නොමැති ඉඩකඩ

අතර හිටගෙන රැගෙන යුතු කම

දොරෙ හරිමින් මවක සෙනෙහස

සෙමෙන් විමසුව දැනුම් වගතුග



නෙතු කෙවෙනි අග රැදුන මේ වග

කලයේ මව් වරැන් පුදකොට

මෙලෙස කොටනෙමි වදන් කැටි කොට

කාලයට හසුනොවූ මව්ගුණ!

Wednesday, June 13, 2012


කවි පද මග හැරුනු
මා මටම හමු නොවුනු
කලක් ගොස් නිමා වුනු
කයිය නුබ අත හැරුනු

සමාජය පිලි ගත්තු
ජීවිතේ උර ගාපු
රුපියලට යටත් වුනු
ජීවිතේ උගස් වුනු

සෙන්චරිය පෙනි පෙනී
යලිත් නුබ මතක් වුනු
නිසා යලි පන නැගුනු
වදන් පොද වැක්කෙරුනු

කයිය මා නිම කෙරුනු
ලගදීම වෙනස් වුනු
තාලෙකින් එළි බසිනු
ඇති මිතුර බලන් ඉමු

Wednesday, May 9, 2012

ඈ.....
      දුන්නු .....
                ආදරේ ......
                         අදේට ......
                              නෙල්ලි ගෙඩියක්......
                                                   දැන් මට.....
                                                              අයිති නැති ......!

කොළඔ


ගගන සූරන සූර මන්දිර
පළිගු පෙන්වන නුබේ හැඩ තල
අසුරු සැරයෙන් ඇදෙන රිය සක
ඉතින් ආයුබෝවන් කොම්තොට

නේක අහරය අයැදමින් පොකැට්ටුව
ජීවිතය ඉල්ලමින් දිය පොද
වෑහෙමින් සීරුවට කරාමය
හිනැහෙමින් සුකුමොල මීටරය

ප්‍රභාශ්වර හිරු මඩළ
සූරමින් මැදුරු හිස
නද කරන් කන ලගින්
සිහිකරන් ජීවිතය

අග නුවර සිරි පුරය
නන් දෙසින් පැමිනි අය
හූල්ලන ජීවිතය
බොද කරන් මහ පොළව

සතිය ගෙව් මහ සෙනග
කෝ සති අන්තයට
කොළොම් තොට
හිදිලාය....



Thursday, April 26, 2012

ලියන්ඩ ඕන මට කවියක්....



කවි සිදුන තෙලි තුඩ
තවරමින් ලේ බිද
වැතිර හුනි සුදු කොලේ මත
මොරදෙමින් ඉල්ලමින් කවි පද

Sunday, April 15, 2012

කැටුව යා යුතුව ඇත....!

 
 
මා පෙම් කලෙමි එක් වරක්!
සම්තය නම් වූ රේඛාව!
පැන ගොස් ඇයත් මමත් !

ඉඩ දුනිමු හදවතට!
පියා නෙත් ලෝකයට!
විද ගතිමි ඇගෙන් ලද
උණුසුම් හැගුම් පොද!

ලොබ බැදිමි පළගැටි‍යෙකු සේ..

කාලය එළබ ඇත..
නික්ම යා යුතුව ඇත..
ඇයට හිමි ලෝකයම
ඇයට පුද දිය යුතුය..
සැගව යා නොහැක මට
ගුලි කරන් දුක් පොදිය..

කැටුව යා යුතුව ඇත
ඇයට හිමි ලෝකයට
සුරතින්ම අල්ලාන
ඇගේ නව ලෝකයට

දිරිය දෙනු මෙමා හට
අත් හරින නිමේශෙට
කැටුව ආ සුරත මා
ඒ ඇගේ ලෝකයට

නොවැටියන් කදුළු පොද
සිනා සී ලෙන්ගතුව.......!

Friday, March 30, 2012

නැවත මා මිතුරාය....

ලියන්නට කවියක්
නොමැත මට ඉතිරි වී
සිතන්නට අරමුණක්
නොමැත මා ඇස ගැටී
මා සිතම උරණ වී
මා සමග වෙර බදී
කියනු මා මේ තරම්
කෙලෙසකද දරැණු වී

මගේ තොල් සැලි සැලී
හිරකරන් හිත මගේ
ඉල්ලමින් රුවම ඒ
 සැනසු ඇස මගේ
කෙලෙසකද දරුණු වී
නැවත මා මිතුරාය
නුබේ හෙට ලෝකයේ
හිනැහියන් මිතුරියේ....!

දිනෙක නුබ ඉල්ලමින්
නොලියන්න කවි යලිත්
ඉපිලෙද්දි ප්‍රීතියෙන්
ස්නේහයේ සිත මගේ
කෙලෙසකද කිව මැනේ
ලියනු මා කවි යලිත්
අවසනදි මා වෙතින්
ඉල්ලුමට අද මෙසේ....!

Friday, March 16, 2012

ආදරයේ දේවදූතයට පාඩමක්...!


ආදරය දේව ත්‍යාගයකි..!
ඔහු කපටි දෙවියෙකි..!
ඔහුගේ ආහාරය දුක..කදුළ..වේ..!


දිනෙක නොවැරදී
ඔහු නුඔ කරාවිත්
සිනා මුසු මුහුනින්
නුඔට තෑති දෙනු ඇත.

ඉතින් අද පටන් නුඔ ..
ඔහුගේ ආහාරයක්..!


තෑග්ගත් අරගෙනම
හිනැහියන් සීරුවෙන්
නොහැගුනා සේ නුඔට
ලොවම නුඔ කොනිත්තන..!


ඉතින් නුඔ දිනුවොතින්...
අනෙකටත් උගන්නල...
ඌට හොද පාඩමක්...
කියා දෙමු හැමෝටම...
තෑගි විතරක් ගන්න...

Sunday, February 12, 2012

මේ system එක...


මේ system එක වැරදියි..!
ඒක උබත් දන්නව... මමත් දන්නව..

කොහේ හරි තියෙන ඒ වැරද්දත් එක්කම,
වෙනස් කරමු මේ system එක....!

ඉතින් ඔන්න system එක වෙනස් වුනා..
උබේ ආසාවන්... ‍මගේ ආසාවන්...
එන්න එන්නම වෙනස් වෙනව..!
ඒක තමයි system එක.!

මේ system එක ඇතුලෙ ...
system එක ආයෙත් වෙනස් වෙනව..!

වෙනස් වෙන system එකේ system එක..
වෙනස් කරන system එක...
උබත් මමත් තේරුම් ගත්ත දාට...
උබෙත් මගෙත් system එක...
වෙනස් වේවී..

ඒක තමයි මේ system එකේ තියෙන...
අපට අහුනොවුන system එක..!

අසම්මත ප්‍රේමය..!


සේනේ දොර හැරපී මි - ජීවිතේ රිය බදේ..!
නුබට මා ලැගුම් දුනි - එකම එක ආසනේ..!

අසම්මත ප්‍රේමයේ - පහස ලද රිය මගේ..!
මාවතේ වල්මත්ව - ඇදී යයි උමතු සේ..!

තදින් මිට මොළවාන - සීරුවෙන් පෙරදිනේ..!
අත් හලෙමි හැසිරවූ - මා රියේ කුබ සකේ‍..!


Thursday, January 26, 2012

අකුරු සතර...!



       ලියන්නට කවක්
         සෙව්වෙමි බෝ කලක්...!

      නොහදුනන වදනක්
         සොයමින් තේරුමක්....!

බලාහුන් පෑන
   ආසාව හඩවමින්...!

ඇවිදින් දිනක්
        පිටාර යනු මෙලෙසින්...!

හඩපන් දෑස
        නොහදුනන කදුළු ඇයි දැයි ?

    බැහැ! පෑන නවතියි
     ඇයි දැයි නොතේරෙයි...!

දිය හැකිද වදනක්
    හදුන්වනු මේ අසහනය...!

වදන නම් ඒ
       හැඩවූ අකුරු සතරක්...!

Sunday, January 22, 2012

සිහිනයක දිවි ගෙවමි...



මම ද ප්‍රාණියෙක් මි.
සිහිනයක සැරි සරන.
යතාර්ථය දැන දැනම
සිහිනයක රස සොයන.

යතාර්ථය සිහිනය වී
සිහිනය යතාර්ථය වූ කල

සැගවී අගුලු ලමි
යතාර්ථය අමතකව..