ගගන සූරන සූර මන්දිර
පළිගු පෙන්වන නුබේ හැඩ තල
අසුරු සැරයෙන් ඇදෙන රිය සක
ඉතින් ආයුබෝවන් කොම්තොට
නේක අහරය අයැදමින් පොකැට්ටුව
ජීවිතය ඉල්ලමින් දිය පොද
වෑහෙමින් සීරුවට කරාමය
හිනැහෙමින් සුකුමොල මීටරය
ප්‍රභාශ්වර හිරු මඩළ
සූරමින් මැදුරු හිස
නද කරන් කන ලගින්
සිහිකරන් ජීවිතය
අග නුවර සිරි පුරය
නන් දෙසින් පැමිනි අය
හූල්ලන ජීවිතය
බොද කරන් මහ පොළව
සතිය ගෙව් මහ සෙනග
කෝ සති අන්තයට
කොළොම් තොට
හිදිලාය....
දුහුවිල්ලෙන් වැසි පොළොවද
ReplyDeleteදුම් රොටු වලින් වැසි ගගනද
දමා අන් කවරත
යම්ද මලයෝ උපන් බිම හැර
උපන් බිම මව් වටී
ReplyDeleteකොළොම් තොට වෙත ඇදී
නන් දෙසින් ආ සැටී
දැනුනාද මා සකී....
ජීවිතය සොයාගෙන
පොකැට්ටුව පුම්බන්න
තත්වයක් හදාගන්න
කෝම හරි ජීවත් වන්න..
වසරකට මොන තරම්
උන් ඇවිත් කොළොම් තොට
අගු පිළක බෝඩිමක
සොයනවද ජීවිතය..
ඉතින් මේ කියකට
හමු වුනිද ජීවිතය..
අපේ හද මඩල තුල
රැව් නැගෙන සුන්දරව..!
මට කවි ලියන්ට බැරියෝ..... :(
ReplyDeleteපොකට්ටු පුම්බන් නම් කොළඹ ජීවත් වෙනව බොරු.. කලිසමත් නැතුව ආපහු ගමට යන්නයි වෙන්නෙ