Saturday, December 24, 2011

නත්තල් පැතුම...


දවසක පායලා එක තරුවක්...
    වෙනස් කලා මුළු ලෝකයක්...!

ආයෙමත් ඇවිදින් දවසක්...
        ඒ වගේ පායපු තරුවක්.... !

ඉතින් මා මිතුර....
ඇත්තමයි කියන්නම්....
වෙනස් වෙයි ලෝකයක්....
නුඹ සතු....

ඉතින් පැතුමයි මගේ...
පායපන් තරුවක්.....
ඒ වගේ නුඹෙ ලොකයටත්....!


Sunday, December 11, 2011

කණමැදිරි වියෝව...


අන්දකාරය කියන්නේ....
         භයංකාර භෞතිකයක් නෙවෙයි....!


අන්දකාරය කියන්නේ....
              ආලෝකයේ ශුන්‍යය.....!


අන්න ඒ හින්දයි...
         කණාමැදිරියටත් ....
                 වටිනාකමක් තියෙන්නෙ...!


අන්දකාරය...
        තවදුරටත් අන්දකාරමය වේනම්...


   කණමැදිරි වියෝව...
                              භංකාරයක්ම තමයි....!

Monday, November 28, 2011

නොකී කව...!




දිනෙක මා මියගිය
මිහිදන් කරව දෙන මිහිමත
සුවිසල් දවග කොත් මත
නොලියා කුරුටු බොරුවට
පැළ කරන් වතුසුදු ඉතක් මා මත

දිනෙක ඒ මුල් මත
ඇදී යලි මිහි මත
හිනැහෙමි ලොවට ලෙස අද
එයයි මා උන් බවට සාධක

අවිදින් ඒ දිනට
නුඹට හැකිනම් ඒවෙත
කියපන් නොකී කව
කියා ගත නොහුන් මා වෙත

ඉතින් මා හිනැහෙමි
නුඹට මල් පුද දෙමි
යලිත් මා දිවි ගෙවමි
ලෝකයට සිනාවෙමි.

Thursday, November 3, 2011

අරමුණක්..!



නොමැත මට අරමුණක්!

සොයාදෙන්නට හැකිද අරමුණක්!

නොවෙන තව

අරමුණෙක අරමුණක්!

න්‍යාය...!


චිත්‍රයක් අදින්නට කියූ කල
තිතක් ඇන්දෙමි
උන් නොපිලිගති......

තිතක් ඇද
ඒ චිත්‍රයකැයි 
උන්ට පසක්කොට දුනෙමි
දැන් උන් පිලිගෙනය....

Tuesday, October 18, 2011

කවිය....


කවියකින් පහර දී ...
තුවාල කෙලෙමි හදවතක්..!

ඉතින් ඉන් වෑස්සෙයි...
බිදෙන් බිද රතුපාට...
කැටි වෙච්චි අකුරු....!!!

Thursday, October 13, 2011

මිලිටරිය හා ලංකාව








දිනෙක නුබ         සෙබලාය
තව දිනෙක            විරුවාය
එකල නුබ              මිතුරාය
වරෙක නුබ           මරුවාය


ඕං නුඹ              ගොවියාය
තව වරෙක          වෙළදාය
පෙදරේරු              වඩුවාය
සැනින් මැති         රැක්කාය


පොලීසිය              කුමටාය
නුඹ කැරළි            නැවතීය
තව නොයෙක කිව නොකී...
දේටමත්                  ඕනෑය


ඉතින් අපි              කුමටාය
උබට හැකි දේ         බෝය
හෙට රටම උබ          ගේය
උබ මොනවා කලත්...
උබ අපේ              විරුවාය   !!!

Thursday, October 6, 2011

මං කවියෙක් වෙන්නද ?




නුඹට කවියෙක් වන්නටද ඕනෑ??

 එපා....!!!

ඔහොම නැවතියන්....!!

පුළුවනිද උඹට රසිකයෙක් වෙන්න...???



විදිය හැකි කවියක්....?
දැකිය හැකි ලෝකයක්...?
පොලොවෙ දෙපයම ගහන්..?
මැව්ව හැකි විශ්වයක්....!

මිනිස් කම විදගන්න...
ඇත්ත දැක නැගිටින්න...
හරි වටියි එහෙනම්...

කවියෙකුට වඩා මේ...
අද අපිට ඕනෑ....
රසිකයකු බුද්ධිමත්...
හරි වටියි එහෙනම්..
ඉතින් බොට අවසරයි...!!!

Thursday, September 29, 2011

Daisy




මලක් විය නුඔ
සිතුවමක් 
නුඔ අදින ලදි මා හද ගැඹුරින්

ආදරය, තනන බව ලෝකයක්
කියා දුනි නුඔ
නොදැන නුඹවත්

දුරින් හිද ආදරය කලෙමි
නුඹ සෙව් මා නුඹට හමුවී
ඔහුගෙන්
බලා උනිමි මම පෙර ලෙසම ආදරෙන්
නුඔ තනන ලෝකය ඔහු සමග

අදුරු ලෝකය මා සතු
අදුරු පැහැගති 
කාළ වර්ණ ටියුලිප් මළක මෙන්

දෛවය ක‍්‍රීඩා කල අපුරුව
වින කැටුනි මා අදුරු ලොව 
තැනූ නුඹ ඔහු සමග
උහිංසක ඒ සොදුරු ලොවට

නොහැකි වුනි නුඹට හදුන ගන්නට
මිතුරකු වූ පසුත් 
මා බව ඒ නුඹ සෙවු ලෝකය


පුංචි සමණලිය
නුඹ නමින් දිවුරමි
තලා පොඩිකර දමමි
කාළ වර්ණ ඒ ටියුලිප් මල
නොහැකි වන ලෙස 
නැවත කිසිදා පිපෙන්නට
නුබත් නැති
 ඔහුත් නැති 
   මමත් නැති 
        ලෝකයේ කිසි දිනෙක


මලක් විය නුඔ
සිතුවමක් 
නුඔ අදින ලදි මා හද ගැඹුරින්

ආදරය, තනන බව ලෝකයක්
කියා දුනි නුඔ
නොදැන නුඹවත්

දුරින් හිද ආදරය කලෙමි
නුඹ සෙව් මා නුඹට හමුවී
ඔහුගෙන්
බලා උනිමි මම පෙර ලෙසම ආදරෙන්
නුඔ තනන ලෝකය ඔහු සමග

අදුරු ලෝකය මා සතු
අදුරු පැහැගති 
කාළ වර්ණ ටියුලිප් මළක මෙන්

දෛවය ක‍්‍රීඩා කල අපුරුව
වින කැටුනි මා අදුරු ලොව 
තැනූ නුඹ ඔහු සමග
උහිංසක ඒ සොදුරු ලොවට

නොහැකි වුනි නුඹට හදුන ගන්නට
මිතුරකු වූ පසුත් 
මා බව ඒ නුඹ සෙවු ලෝකය


පුංචි සමණලිය
නුඹ නමින් දිවුරමි
තලා පොඩිකර දමමි
කාළ වර්ණ ඒ ටියුලිප් මල
නොහැකි වන ලෙස 
නැවත කිසිදා පිපෙන්නට
නුබත් නැති
 ඔහුත් නැති 
   මමත් නැති 
        ලෝකයේ කිසි දිනෙක

Tuesday, September 6, 2011

උබලාගෙ ඉරණම් සලකුණ...



12 යි 20 ට  ඔරලෝසුවෙ
එලියට ගියේ හුජ්ජ බරට

හීනියට තෙමුනු බැළතණ යා‍යෙ
බයවුනේ මං උබට!

අම්මා පල්ල මේ මහරෑ
මක් කරනවද හීතලේ?
මාසයක් වත් නැද්ද උබට?

හිරිකිතයි කියන්නත්
සමාවෙයන් බැලුවට
උස්සල පස්ස ගාත්
තියෙනවද පුංචි ඇණයක්?

ඒතමයි සළකුන
විසදෙන උ‍බේ ඉරණම!

සමාවෙයන් බලු රාල
කොහෙන් ආවත් උබ
අවසරයක් නෑ මට
විසදන්න උබේ ඉරණම
නෑ තිබ්බෙ සලකුණ

තාමත් කූං - සර - සර
කෝ මේ රෙද්ද?
සීතලයි අද හරිම
වැහුනාම කන්දෙක
සනීපෙට නිදි මම!

Friday, September 2, 2011

කුරිරු හදවත...!




මා කුරිරු හදවතින් 
උදුරාන ගෙන තියා
පසෙක වී බලා ඉමි
දිනුම කාටද කියා


බුද්දියත් කොළුකමත්
එකම ඉරකින් තියා
වේන් සැරසෙන් යා
ගිනි පිදිමි වැර තියා


මා කුරිරු හදවත
නුබේ මුව හැරතියා
මහ හඩින් හිනැහියන්
මා පසෙකින් තියා


දිනුම කවුරුන් වුවත්
මගෙන් හරි අර්ධයක්
මට අහිමි කර තියා
ඉතින් උබ හිනැහියන්
නුඹම මට රුදු වෙලා.....

Tuesday, August 30, 2011

හීන...



ඒ හීන මගේ.!
නුඔට අයිතියක් නෑ ...
දකින්ඩ එපා කියන්න....!
හීන කියන්නෙ...
යතාර්ථයට කලින්....
ගන්ධබ්බය......!

බය වෙන්ට කාරී නෑ..
යතාර්තයට පොඩියක් එහායින්..!
උබ කැමති නම් ,
පුළුවනි යතාර්තය කර ගන්ටත්..!

Sunday, August 7, 2011

උන් දිනුම්...


කවි පද හිදීල!
මට මාව නැති වෙලා!
උන් දිනුව...!
මම පරාදයි...!
දැන් ඉතින් උබ තනිවෙයිද මට බයයි..
ඉදින් මම එනකන්...
ආයෙමත් වෙර අරන්...!

Sunday, July 24, 2011

ඇරඹුමක් නැති අවසානය..!




ඇරඹුමක් නැති දෙයක
          අවසනක් දකින්නට
               කාට නම් පුළුවනිද?


සදාකල් හමුවන්ට
ලෙන්ගතුව සෙනෙහසින්
                මිතුරියේ පුළුවන්ද?


නුඹ මහට කව්රුදැයි
          ලියන්නට පද පේලි
          කොහෙන් නම් ගේන්නද?


මේ ඇරඹුම මිතුර
     කියාදෙන්නට ලොවට
                කවියකින් හැකිවෙයිද?


සදා කල් සිනාවෙමි
     සෙවනැල්ල විලස හිද
              නුඹ ලගින්, දැනුනාද?


එපා නුඹ හැරෙන්නට
     සෙවනැල්ල සොයන්නට
                    පලක් ඉන් ඇතිවේද ?


නුඹේ ආදර කවිය
     පිටු අතර ලියන්නට
         නුබේ පොත හැරපන්න !


පන්හිදට ඉඩදෙන්න
     ඒ කවිය හැඩවෙන්න
               පිටුදිගේ දිවයන්න !


ඒ කවිය හැඩ වෙච්චි
            රතු පාට තීන්තය
                  පන්හිදේ රුධිරයද ?
                  එපා එය විමසන්න..! 
                  කවිය දැක හිනැහෙන්න..!
                  ඒ හිනා පොදට හැක..!
                  සෙවනැල්ල සනසන්න..!
                  නුඹ එ දෙස නොබලන්න..!

අතීතෙට ගොහින්...



ගෙනිහිල්ල දැම්මොතින්
උබ බෝම අතීතෙට...

දැන් උබට විසි පහයි
ඔන්න උබ දකිනවා
ලස්සන ම කෙල්ලක් ...

ඒ මූණ... ඒ මූණ...
උබ දැන් පිස්සුවෙන්
හරිම ලෙන්ගතු හුරැව
ආදරය හිතුන උබට...

තවත් ඉන්නව කොල්ලෙක්
දැකල පුරුදුයි වගෙ ඌත්
ඌටත් විසි හතක් ඇති..

දැන් ඉතින් කතාවේ - දුෂ්ටයා තමයි මේ....

උබත් ඇ වෙනුවෙන්
ඌත් ඈ වෙනුවෙන්
ඈ උබට පුරැදුයි
ඌත් ඒ වගෙමයි...

මේ ප්‍රේම යුද්ධයෙන්
ඕන් උබ දිනුවා...
දැන් ඈගෙ ආදරේ
ඔං උබගේමයි....

දන්වද කව්ද මේ
උබේ මේ සුන්දරිය ?
අත්තම්ම වුනා නම්
ඒ උබේ අතීතය..

කව්ද එතකොට මේ
කතාවේ දුෂ්ටයා
ඒ උබේ මුත්තමයි 
වුනානම් එහෙමම

දෙයියනේ දැන් ඉතින්
උබ කොයිද ? උබ කොයිද ?
වෙච්චි පට ලැවිලි ගොඩ!

ඒ හින්ද කෙල්ලකට
ලයින් දානව නම් එහෙම
පොඩ්ඩක් හිතාපන්
දැකල පුරුදුද එහෙම ?
දැකල නැති වුනත් පෙර..!



.... සටහනක් ....

Saturday, July 23, 2011

මට ඕන කවිය...!



උබට පුළුවනි නම්.......
මගේ..
හදවතට වෙඩිතියපන් !
මට ඕන කවිය,
ලේ එක්ක ගලාවිද බලන්න...!

මගේ ජීවිත කවිය...!



ජීවිතය මේ මගේ,
 කවියක් නම්...!

පද එකට පැටලිලා
එළි සමය මග හැරිල
පද ගාන වැරදිලා
තාම පද හොයනවා

උබට පුළුවන් වුනොත්
සක්ක පදයක් දෙකක්
හොයල දෙනවද පලීස්
කියන්නට මටත් හෙට

මේකත් අරුත් ඇති කවියක්..!

Thursday, July 21, 2011

කුණුහබ්බ ...!


චවනයකට කළ හැකි ...
දෙයක් ඇත !
පෙන්වීම යමෙකු දරන අදහස !

චවන චවන වචන ...
එකතු වුනාම ...!
කියනව කතන්දරයක් අපූරු .........
මිනිහෙක් ගැන !
දෙයක් ගැන !
කාගෙන් හරි පිටවුන....
ලෝකයට එයා ගැන !

හොද වචන නරක ඒව ...
ජාති දෙකක් ළු ලෝකෙ ....
පුංචි කාලෙ අමම කිවව ...
ස්කොලෙ දි ටීචර් කිව්ව ...

ඒ කියන්නෙ ජාති දෙකක් - මේ ලෝකේ ...
ඉන්නවා ළු මිනිස්සු !
කියා පාන ඒ අය ගැන ...
මේ ලෝකෙට වචන වලින් !.



සටහන.
 නගෝ කවියෙකු වෙන්න... නමින් මෙහි ඇති පොස්ට් එකට ලැබී තිබූ කොමෙන්ටුවක් පාදක වුනි.

Monday, July 18, 2011

නගෝ කවියෙක් වෙන්න.......!


අකුරෙන් අකුරට බැදෙනා
වචනෙන් දම් වැල් සැදුනා
ඒ වැල් පද වැල් ගෙතුනා
එතකොට කවි පද සැදුනා

අකුරට අකුරක් බැදුනට
වචනෙට තව ඇමිනුණාට
ඒ වැල් එක් රැස් කෙරුවට
නගෝ බැරිය කවි නෙලනට

කවියෙක් වන්නට ඕනේ - කියල නුඹට හිතෙනව නම්
වචන අකුරැ කෝම වෙතත් - පද ගැලපිලි කොහොම වෙතත්
නුඹෙ හදවත හදාරපන් - ලෝකය ගැන හදාරපන්
ගහට කොලට හාද වෙයන් - මහ පොලොවට පය තියපන්

සංකීර්ණයි....!


ලෝකය සරලයි .........

අපි සංකීර්ණයි ........
සරල වෙන තරමට .....,
අපිට හිතෙනව සංකීර්ණයි කියල ....!
අපි අපිව තේරැම් ගත් තරමට ...
ලෝකය සරලව පෙනෙයි ...!

Wednesday, July 6, 2011

prestige


නුඹත් මමත්
අප දෙදෙනාමත්
මැජික් කරුවන් වන්නෙමු....

දනිමි මමත්
දනියි නුඹත්
සරල බව ඇති තරම්...

නොවන බව
නුඹ නුඹත්
මා මමත්
පෙන්වන ලෝකයට
ගරු කරන්නට තරම්
නුඹ මටත්
මම නුඹටත්
චරිතය සංකීර්ණ...

දැන දැනත්
සරල බව
ඇත් තරම්
යලි යලිත්
වෙලෙන අපූරුව
මයාව
මේ අපත්
ලෝකයත්..!

Tuesday, June 21, 2011

හැකි නම් සොයා දෙන්න....



මා කුමක්ද ?
මා කලයුත්තේ කුමක්ද ?
නුඹට පවසනු හැකි නම් ...!


මම ද මම සොයමි....
සොයා දෙන්නට නුඹට හැකිනම්...


මා ගෙන් පලක් කිම?
මා විය යුත්තේ කුමක්ද ?
පැටලී අගක් මුලක්
ලෙහන්නට නුඹට හැකිනම්......


රගමින් උනුන් අභි මුව
විසුළු චරිතය මා පණ පොවන
පැසසෙයි විටින් විට
නුඹ මුවින්........
කරමින්, චරිතයක් !
මා නුඹලා අතර වැජබෙත්


විටෙක බර වෙන සොයමින් මා සැගවුනු
දළු නැගෙයි විටින් විට
බුර බුරා සොයන මා ඹහුද ?


හැකිනම් සොයා දෙනු
මා සොයන මා මෙමට
සැගවිච්ච නුඹ අතර මුවා වුනු විසිළුවට...


අමතකයි මා මටත්
නුඹ නිසා රගන මම
චරිතයද ඇත්තටම ?

Saturday, June 18, 2011

උත්තානය.....! .......... 2


පෑන ඇවිදින් මුමුනමින්
කියන්න නැවතත් ඒ වග
දිනෙක කියූ ඒ මළවුන්ගේ දේශයේ අදෝනාව....

මූසල පුසුබබට ඉවකරන දෛවය !
සරදම් කරන අපූරුව...
ගත් පෑනද අවසන් විය ලියා පද එකහමාරක් ..!

හදවත බරවේ.. නගමින් මුවග..
වියලි ගිය මලානික සිනාවක් ..!

නැවතත් කොහේ දෝ හුන් පෑනක්..
අවුදින් රැගෙන පෙරනිමිත්තක්..
මොට වූ අද බලාපොරොත්තුවක්..
මැවේ යයි හෙට යලි සිනා පොදක්..

දිනෙක වූ හදවත බරින්
දේශයක මළවුන් අතර මොර නගමින්
නොමල වුන් සොයමින්
අනාගතයෙන් එන්නවුන් වෙනුවෙන්..

අනේ තිබූ පුංචි බලාපොරොත්තුවක්
වසී  මේ දෙරනට දිනෙක වැස්සක්
පුපුරවමින් දෙකන් බීරුමක්
සෝදා හරිනු ඇත මිනී හලු මීදුමක්

එදා මා දිව්ව හැටි
අපේ උන් සමග වැටී
උරෙන් උර ගැටි ගැටි
නගමින් සිනා වැටි

මා එදා නගන විට මළවුන්ගේ විලාපය
මුමුනමින් හුන් එවුන්
නිදා වැටෙමින් වැනෙන
එක් වුනා පිබිදුනා දිනෙක යලි හිනැහෙන්න

එකිනෙකා අත් වලට මෙල වුනා පස් පිඩක්
දෙන්න දායාදයක් එන්නවුන් අනාගතයෙන්
උනුත් මෙහි ඇවිදින් අදට දින ගනනක්ම
උන් එවුනුත් ගොහින් මළවුන්ගේ සාප ලද

මා මිටට මෙල විච්ච පස් පිඩත් ලත වෙච්ච
හැකි නොවුනි දී ගන්ට ආපු ඒ පරපුරට
දැන් ඉතින් ආයෙමත් පිලිනුවූ පසුබත්
මූසලවු සුලගත් මිනී මල් රොත්තත් වැජබේවි නැවතත්

අනේ මා මුතුරනේ
නැගිටියව් දැන්වත්
නොහැගේද තවමත්
වැටෙන බව අප යලිත්

නොහැකිනම් නිදපියව්
බදාගෙන සොහොන් කොත්
ලෙව කමින් බැදපු පෙද
පිලිනු වුනු සොහොන් කොත්

අදහසක් නොමැත් මේ
නුබලාගෙ මල සිරුරු
මුකුත් නොවුනා විලස
බදාගෙන නිදපියව්

අනේ මළවුනේනේ
මාද මිය යන්නේ
ඊට පෙර කියන්නේ
අයි නොපිබිදෙන්නේ

තවමත් අපට හැකි
පෙරසේම හිනැහෙන්න
සියොතුන්ව පියබින්න
අදහස් පුබුදුවන්න
මේ දෙරන පණ ගන්න
නැවත ජීවය දෙන්න
එකා මෙන් නැගිටින්න..!
දිනෙක යලි හිනැහෙන්න..!


මා නිතර ගැවසේන සුන්දර මතක පිරි සුන්දර ස්ථානයක අරාජිකත්වය ඉවසනු නොහැකි වස් ලියැවුනු දෙවැන්න...............

 .... මෙන්න පළවැන්න ....

Thursday, May 26, 2011

sms මිතුරි ....

නුඹට මතක නම්!
විටෙන් විට එක්වුන,
sms මිතුරිය!
මේ කයිය පිටුවට!

පෙරදා අවසනට - ආ මැසේජෙට
ආ මුත් මසිතට - නොහැකි විය දෙන්නට
සවිස්තර පිළිතුරක් - නිදි වැදුනු නිසාවෙන්
නුඹ නැගූ පැණයට!


දන්ව නම් කියන්න
ලෝකෙම උතුම් වස්තුව?
ඇහුවා ඈ මගෙන්
කොටල මැසේජෙක!

අම්මා විය මගේ
එකම ක්ෂණික පිළිතුර!
පිළි ගනිමින් ඇයත්
නැවත එව්වා මෙලෙස

ගැහැණිය තමයි ලොව
එකම උතුම් වස්තුව
ඒ අවසන් වෙන්න
ආ මැසේජෙයෙ රැදුන!

නොහැකි වුනු යවන්නට
කියා මා සිත නැගුන
පිළිසදර ඒ නමින්
ලියමි මෙහි මෙලෙසින්ම!


ගැහැණිය උතුම්!
පිළි ගනිමි මම!
ගැහැණියට උතුම්!
තැන දුන්නේ කවුද?

ගැහැණියක පිරිමියක
වරින් වර විටින් විට
උතුම් වස්තුව වේය
එක් එක් කෙනා හට

තරැවක් වන්නට - නොහැක කිසිදිනක ලොව
නොමැති කල රසිකයන් - කරන්නට ඔහු තරැව!


ෆොන්සේක ගාමිණි අපේ තරැවක් නේද?
ගෙනිහිල්ල වැටුනොතින් අත්වැරදීමකින්,
කදවුරක් ඉදිරියට තලෙයිබාන් ගරිල්ලන්!
ඒ අවසන් කොටස රගපාන ඉදිරියේ
කැමරාව එල්ල වුන දෙනු පිනිස පනිවුඩය
ගරිල්ලන් ලෝකයට දන්දෙමින් ශිර්ෂය..!

උතුම් බව ලබන්නට තරැවක්ව සිටින්නට
ඇවැසි වේ යම් කෙනෙක් නුඹට බුහුමන් කරන
පිරිමයද ගැහැනියද පළක් නෑ ඒ හැගුම
රැග ගනින් නුබ පුදන ගරැකරන ඒ මිතුර!

Wednesday, May 11, 2011

බලු උපහාර !



තමන්ට තමන් ඇරැනම,
අම්ම තාත්තත් අයින් කරමු!
කවුද ඊලග ලගම මිතුරා?

 මමද?
පෙම්වතී ??
පෙම්වතා ??
බිරිද ?
ස්වාමි පුරැෂයා ?

බල්ලෙක් !!! ???

    
ඈ ???
මේ මොන විකාරයක්ද ?

දැකල තියෙනවද ?
අහල තියෙනවද ඔබත් ?
මිනිසෙක් මිනිසෙක්ට බැදි ,
සබැදියාව දියවී ගිය වග!
ඉ දිරියේ ,
  කොහෙද යන ,
   බල්ලෙක් !!!

පැරදුනොත් ඔබ....
බිරිදක් විදිහටත්....
බල්ලෙක් ඉදිරියේ ??
ඔබේ ස්වාමිපුරැෂයාට ...
බැදි ලබැදියාව ඔබ !
කුමක් සිතේවිද 
 නුඹට ??

පැරදුනොත් ඔබ....
පුතෙක් විදිහටත්....
බල්ලෙක් ඉදිරියේ ??
ඔබේ තාත්තාට ...
බැදි ලබැදියාව ඔබ !
කුමක් සිතෙයිද 
 නුඹට ??

බල්ලෙක් ...!!!

ඔව් බල්ලෙක්...!
කෝමද ගත්තෙ ඒ තැන??
අපි කාටත් ගන්න බැරිවුන!!

ලියල මේ පද ටික !
දමමි බල්ලෙක්ට !!

උප හාරයක් !!!

ලංනෙවිය හැකි තැනක!
නොඉල්ලා මුකුත්!
නොපෙල්වා ලෝකයාට!

    “හචී“ උඹ,
   බල්ලෙක් !!!
ඇත්තමයි බල්ලෙක්... !!

ලැබිය යුතු ගෞරවයක් ...!
මේ මිනිස් ලෝකයෙන් ...!

මේං මං බලු වුනා...
පුද දෙන්න බල්ලෙක්ට ...
කවි පදයකින් වත්...
කරන්නට නොහැකි නම්..
මිනිස් මට එහෙම වත්..
ඔං අවසරයි නුබට..
කියාපන් කට ඇරල මට..
උඔත් මහ බල්ලෙක් ..


story is linked in me about me

Friday, May 6, 2011

පාවිච්චිය!



මේ ලෝකේ අපි හැමෝම!
පාවිච්චි වෙනව!
ඉටු කරන්න!
කාගේ හෝ අරමුණක්! 

දැනුවත්ව හෝ නොදැනුවත්ව!
අකමැත්තෙන් හෝ සමහරැ කැමැත්තෙන්!

සාධාරණද? අසාධාරණද?
කෝමද මනින්නේ?

ඔයා මට!
මම ඔයාට!
නෑ කියන්න බෑ..
ඒ තමයි හැටි!

Wednesday, May 4, 2011

නිහඩ උපහාර!


මෙතෙක් කලක් නොලියු කවියක් ලියමි
කොහොම පටන් ගන්නෙම් දෝ නොදන්නෙමි
ලොවක් හැදුන ලොව හදුනන චරිතයකි
පළමු වරට මා මේ ගැන කියන්නෙමි

දෙනෝ දහක් දන්නා අය දන්න දෙය
මම විතරක් වෙන විදිහට කරන්නෙය
පුද දිය යුතුය තම වැදගත් දෙමවිපිය
පළමු උගැන් වුම වේ දෙන දරැවකුට

සය වැනි දශකයත් ඉක්මි සත් වැන්න
නුඹ අත්දුටු දෑ මට බෑ දැකගන්න
බොරැ ආටෝපයෙන් වෙන්වී නුඹ මට දුන්න
දරැ සෙනෙහස මම කෙලෙසක පවසම්ද

පෙරදින නුඹත් සහ මම ගල් වැටිය මත
ගිමන් හරින හැටි සිහිවේ දැනුත් මට
වෙව්ළන බවක් පෙනුනා මට නුඹෙ දෑත
නොදුටු ලෙසින් උන් මා දුටුබව දන්නෙ නැත

එදින උදෑසන අවදිව 5 විතර
උදෑසනට ආහාරත් මා සමග
එතැන් පටන් දිගටම වැඩ කල අතර
මම ඇහැරැනේ 9ට මෙන් මතක ඇත

සිහියට නැගුන හින්දා යුතුකමක් මට
නැතිනම් කීයකට වත් මම නොඑනු ඇත
ඇද්දා පස් ගොඩක් නුඹ හා මා එක්ව
ගිමන් හරින්නට ගල් මත ඉද ගත්ත

උබ පලයන් මේ ටික මම කරන්නම්
කියනා විටත් මම හන්ටර් නුඹ පසෙකින්
ඒ කියනා විටත් වෙව්ළන නුඹෙ දැතින්
මා වෙව්ළුවා කිසි දින පෙර නොවු විලසින්

පුංචිම කාලෙ ඉදලා අපි දන්න දෙය
දෙමව් පියන්ටම දන ඇන වදින එක
මමත් ඉදල හිටලා ඒ කරන එක
අම්මට පමණක්ය බව මා සිහි කරයි අද

නුඹට හට මෙමා තුල ඇති ඒ හැගීමක
රැව පෙන්වන්ට මා තුල ඇති පැකිලීම
නෑ නෑ ඒක ඇති ගුණ මකු කමක් නොව
එලෙස පුදා නුඹ දුර තබනුව නොහැක

මා ඒ දරන සම්මත නොවනා හැගුම
ආභාෂයක්දෝ නුඹගෙන් මා ලද්ද
පියෙකු පුතෙකු හට සගවන ඒ හැගුම
අමුතුම එකක් මනිනට හදමුද මිම්ම

අප්පා කියා හිනි පෙත්තේ තබන්නට
නුඹ මට ආවකාශයන් අහුරා ඇත නිබද
සහොදරෙකු ලෙස ලංවෙන තව විටෙක
එවිටම ගෙනෙයි ගරැ හැගුමක් ඒ සමග

පිය සොහොයුරෙකු යන විලසට නම් කෙරැන
මේ මායිම් දෙකට මැදිවි නුඹ රගන
චරිතෙට මමත් අබ්බැහි වි ඇති ලෙසක
මේ පළවැන්න මම වැනු න‍ඹෙ ගුණ කවක

Friday, April 29, 2011

පාපොච්චාරණය!




ඒ දවස් වල,
  පුංචි කඩියෙක් මං!
ඉක්මනට ඉක්මනට යන,
 කූඹි ගුලක් මැද්දෙන්.
  කව්රැත් නොතකන,
  පැක් වෙච්ච පාරක,
   1.30 ට.

ඕං යනකොට මං,
 ඒ වෙනකොට සුදු කලිසම!
 තවත් එකෙක් එක්ක කට කැඩිච්ච..

පෑන හිරවුනා... මම ගොළුවෙලා..
 යං යං ඇදගෙන ආයෙත්,
  ෆැන්ටසියට !!

කෙල්ලො දෙන්නෙක් !
   ඕන තරං දැකපු තාලෙ !
     ඉස්සරහින් !

සමා වෙන්න !
 විනාඩි ගානක්,
  හොද වචන හෙව්ව !
    ලියන්න මං ,
 වෙනුවට කියන්න, කෙල්ලො දෙන්නෙක් !!!

කොන්ඩ කරල් දෙකක් මම දැක්කෙ..!
 තරහෙන් නමුත් බයෙන් !
   හැරිල බැළුවෙ පුංචි හිනාවකින් !
     හෙනයක් කෙටුව වගේ මගෙ ඉහ මැද්දෑවට !

මම දන්නෑ ඇයි මම ගොළුවුනේ කියල..
 මම ගියාද ?
  ගෙදර ආවද ?
     මාව ඇදගෙන ගියාද ඌ?
      ඈව මා පැත්තට හරවාපු,
  කියල කට කැඩිච්ච කතාවක්..!

ආයෙත් දැක්ක මම දම්සොවෙ ඇතුලෙදි !
  හෙව්ව මම කාටත් හොරෙන්,
     ඒකි ගැන!

මේං මම හාරනව තඩි මිනී වලක්!
 වල දාපු මිනියක්!
  මම මරල දැම්ම කාලෙකට කලින්!
මතකය උගේ නම!
  දැක්ක දවසෙම,
  ඒකි !
  තවකෙක් එක්ක,
   මගෙ ඉස්සරයට!

දැකලත් දවස් දෙක තුනයි,
 අදටත් මම මිනී මරැවෙක්...!







Saturday, April 16, 2011

Happy New Year !


එරබදු මලක් බෙහෙතකටත් සොයනු බැරී
කොහා දකින්නට දෙහිවල යන්ට වුනී
මොනා වුනත් cyber යේ ඉන්න සකී
පතමි නුබට නව වසරක් සතුට පිරී

Monday, April 11, 2011

ජීවිතය,ආදරය,ඈ,සීමාවන්,මා.....




ජීවිතය සංකීර්ණ ශී‍්‍රතයකි !
වසම සහවසම ගැන,
නිච්චියකුදු නොදැනි තිබුනු මොහොතක,
මතකයි ජීවිතය නැගූ පථය !
උච්චාවචනයන් සමග නතිවර්තන.....

තේරුමක් කිම !
අංශු මාත‍්‍රයක් නොහැගුනු නිමේශයක....

ඈ ඇවිදින්,
මා ජීවිතය අවකලනය කරන ලදි .....

ලැබුනු අමුතු නව ශී‍්‍රතය
ආදරය යැයි නම් තැබීමි
අරුත් නොදැන හුන් මුත්
ඈ ත් සහ මම....!

කලක් යන විට නව නලූ ශී‍්‍රතය
නැවත කිසිදිනක 
‍මා ජීවිතය ස්පර්ෂ නොකරන බැව් පෙනිනි...!

දෙවැනුව ආ නුඹ !
  කුමක්දෝ කලා ජිවිතයට ...!

පසක්වෙමින් ඇත සොදුර ,
නුඹ අනුකලනය කරමින් යන බැව්
මා ජීවිතය සීරැවට....!
යොදා දෙකෙලවර සිමාවන්
කොක්කෙහි අනුකල !!