Wednesday, May 4, 2011

නිහඩ උපහාර!


මෙතෙක් කලක් නොලියු කවියක් ලියමි
කොහොම පටන් ගන්නෙම් දෝ නොදන්නෙමි
ලොවක් හැදුන ලොව හදුනන චරිතයකි
පළමු වරට මා මේ ගැන කියන්නෙමි

දෙනෝ දහක් දන්නා අය දන්න දෙය
මම විතරක් වෙන විදිහට කරන්නෙය
පුද දිය යුතුය තම වැදගත් දෙමවිපිය
පළමු උගැන් වුම වේ දෙන දරැවකුට

සය වැනි දශකයත් ඉක්මි සත් වැන්න
නුඹ අත්දුටු දෑ මට බෑ දැකගන්න
බොරැ ආටෝපයෙන් වෙන්වී නුඹ මට දුන්න
දරැ සෙනෙහස මම කෙලෙසක පවසම්ද

පෙරදින නුඹත් සහ මම ගල් වැටිය මත
ගිමන් හරින හැටි සිහිවේ දැනුත් මට
වෙව්ළන බවක් පෙනුනා මට නුඹෙ දෑත
නොදුටු ලෙසින් උන් මා දුටුබව දන්නෙ නැත

එදින උදෑසන අවදිව 5 විතර
උදෑසනට ආහාරත් මා සමග
එතැන් පටන් දිගටම වැඩ කල අතර
මම ඇහැරැනේ 9ට මෙන් මතක ඇත

සිහියට නැගුන හින්දා යුතුකමක් මට
නැතිනම් කීයකට වත් මම නොඑනු ඇත
ඇද්දා පස් ගොඩක් නුඹ හා මා එක්ව
ගිමන් හරින්නට ගල් මත ඉද ගත්ත

උබ පලයන් මේ ටික මම කරන්නම්
කියනා විටත් මම හන්ටර් නුඹ පසෙකින්
ඒ කියනා විටත් වෙව්ළන නුඹෙ දැතින්
මා වෙව්ළුවා කිසි දින පෙර නොවු විලසින්

පුංචිම කාලෙ ඉදලා අපි දන්න දෙය
දෙමව් පියන්ටම දන ඇන වදින එක
මමත් ඉදල හිටලා ඒ කරන එක
අම්මට පමණක්ය බව මා සිහි කරයි අද

නුඹට හට මෙමා තුල ඇති ඒ හැගීමක
රැව පෙන්වන්ට මා තුල ඇති පැකිලීම
නෑ නෑ ඒක ඇති ගුණ මකු කමක් නොව
එලෙස පුදා නුඹ දුර තබනුව නොහැක

මා ඒ දරන සම්මත නොවනා හැගුම
ආභාෂයක්දෝ නුඹගෙන් මා ලද්ද
පියෙකු පුතෙකු හට සගවන ඒ හැගුම
අමුතුම එකක් මනිනට හදමුද මිම්ම

අප්පා කියා හිනි පෙත්තේ තබන්නට
නුඹ මට ආවකාශයන් අහුරා ඇත නිබද
සහොදරෙකු ලෙස ලංවෙන තව විටෙක
එවිටම ගෙනෙයි ගරැ හැගුමක් ඒ සමග

පිය සොහොයුරෙකු යන විලසට නම් කෙරැන
මේ මායිම් දෙකට මැදිවි නුඹ රගන
චරිතෙට මමත් අබ්බැහි වි ඇති ලෙසක
මේ පළවැන්න මම වැනු න‍ඹෙ ගුණ කවක

4 comments:

  1. ලස්සනට ගලපල තියනවා........

    ReplyDelete
  2. ස්තූතියි බොහොම!

    ReplyDelete
  3. රොම්බ තෑන්ක්ස්zz!

    ReplyDelete

කොමෙන්ටු දාන්න..