Sunday, January 30, 2011

බස් කවිය......!




බාගෙට ඇරිල..
 බස් එකේ ජනේලෙ..
  තුන් ඈදුනු ආසනේ ..
    තෙරපිලා මුල්ලෙ ..!
      නාදුනන ඒ දෙන්න ..
        නිදි තව පුංචෙකුත්..!
ගොඩක් දේ පහු වුනා..
  අසුරැ සැනින් ..!

තම්බපු කඩල මල්ලක් ..
දුම් දමමින් ... වැරහුනු අතක එල්ලී ...
ගෝර හඩ අයැදිමින් ජීවිතය ...!

  අළුත් ගම !
      බහිනවද ??
ලංවෙන්න.. ලංවෙන්න..
  බහින අය !

ලෝකයක් වලි කද්දි රැක ගන්න..
සම තුලිතයක්! අනවරත චලිතයක ..!
කොළයක් නොමැති ! ලියන්නට සිතුම් පෙළ !
හැඩි වෙන බව නොදැනි .. කෙහෙ රැළී තාර සුළගට..!
ටිකි ටිකි හඩින් නුඹ..
කෙටුන දුරකතනයේ..
  මෙමරියේ බයිටයක..!


<<<<<<<<<<<< ..පසු වදන කවිය..>>>>>>>>>>>

හදිසියෙන් හැඩ වෙලා...!
  ලහි ලහියෙ කලබෙල් ...!
Test plan,CaseStudy,QA
දෙන්න කියල viva... !

යන ගමන් කැම්පස්...!
 ගෙදර ඉදන් කලබෙල් ...!
  අතර මග බස් ඒකේ ..!
  ජෙන්ලෙක හප්පාන ..!
  ඔළුව නැගූ සිතුවිල්ල...!
  කෙටුන sms කවිය..!

29.01.2011

මට ආදරේ හිතුන දවසට උඹට වෙනදේ...!


කාටවත් නොකීව රහසක් කියන්නද මම උඹට ?
හත්තිලව්වේ ... ආදරයක් !!! ඕයි ආදරයක් !!!
ඇතිවෙලා මට .........!
හුහ් හූ.... හිකිරි ඩප්ඩ ඩා......

දැන් ඉතින් මොර දියන් !හිනැහියන් !නටාපන් !
දැන් ඉතින් නුඹට නිවනක් නෑ...
          ලියනව කෙල වෙන්න...!
          උබේ පිටු පිරවෙන්න ...!
          පළමු වැනි වතාවට ...!
          ආදරේ ගැන කවි...!
නුඹට දරාගන්න වෙයි ඔන්න...
  මම නටන පිස්සුව...
   ‍‍‍උබේ බ්ලොග් පිටු එක්ක !!!

කැඩපත...!



කැඩපත ! | කැඩපත !


ලෝකයක් මුකුළු ‍වෙන !
කවදාවත් බොරැ නෙකියන !
වෛවර්ණ පාට ලෝකයෙන් !
ඇත්ත පෙන්වන නුඹ පුදුම මිනිහෙක් !
පුළුවනි නම් කතා කරන්නට !
කියාවි නුඹ ඕනම කෙනෙක් ඇඹරෙන දේවල් !

හිනාව හදාගත් හැටි !
ඇදුම් වල හැඩ බැලූ හැටි !
කුරැලෑ ටික වනසපු හැටි !
ආදරේ කියපු හැටි !
ඉන්ටව් දීපු හැටි !
.. ලැජ්ජාවෙ බෑ..!

උබ මාර චරිතයක් !
ඔරවද්දී
නියවද්දී
හැඩ වෙද්දී
රග දෙද්දී
හිනා වෙවී නුඹ නිහඩයි !

ලෝකයේ ඉන්න උබල සේරම
කතාකරන දවසක !
බලන්ට පුළුවන් ඔය ජේත්තු කාර !
විසේ කාර !උජාරැ අය කීයක් නම්
ලැජ්ජාවෙන් ඇඹරෙන අපූරැව!

ඉතින් ගැඹුරැ නිහඩ මිතුර !
ඔහොම ඉදින් හැම දාමත් !

KATAPATHA | KATAPATHA

මාංඥමික සිතුවිලි...



මන්දාරම් අහස් කුස  !
    දේ දුන්නක් පසෙක   !
       ඉරැ සදු නැගිල එකට  !
           පැටලිලා ඇඹරිලා  !
 පීනගෙන යනව මාළුවෙක්
  ඉඩෙදෙමින් වේගයෙන් ඇදෙන
  කොක් ගමණකට !
   අහස් ගැබේ !!
      මංඥංද මන්ද මට !

මම මටම.... !


කොච්චර නම් සුන්දරද?
        කියන්න තියෙන එක
 හිතේ ඇතිවෙන පුංචිම පුංචි
        ප්‍රාථමික හැගීමක් වුනත් ත‍වකෙකුට!

හදවතේ අන්තිම පතුලෙ
    ඉලිප්පෙන ලේ නහරයක් වුනත්
ඇදල පෙන්නන්න තරම්
    විවෘත වෙන්න ඇත්නම් තවකෙකුට!

ආසාව නේද? සුන්දර කමට!
     දැනෙන ඒ කීරි ගැහෙන විශ්වාසය !
හිතුවද ඒත්! නුබ !
     තේරැම් ගත්ත කියල ඔහුව!
ඒ ලෙසම අන්තෙටම !

පොඩ්ඩක් හිතන්න මිතුර !
    ආත්මාර්තයද?
ඒ සැගවුනේ ආසාව යට !
   දැනුන ඒ සුන්දර කමට !

Wednesday, January 19, 2011

චින්තනය ....


කදුලක් වැ‍ටෙන්නට අවැසි මොහොතක 
                    වැටෙන්නට කදුලක් !
කදුලටම ලොබ බැදන් 

                 නොඉද හිත බෙරි කරන් !
සිතන්නට නැගෙන්නට 

                  ඇහැකි නම් යමෙක් හට
සුන්දර නොවන්නෙද 

                       ඔහු රැගත් චින්තනය !

සම්මතය තුලම හිද 

             විමසමින් අසම්මතය
විත්තියට කරැණු කියූ 

                සධාචාර චින්තනය !
ගතිකයේ ගතානුව 

                    දෙදරවන  වචනය
කියන්නට හරි යැයි 

               කරැණු ඇති චින්තනය !

ගතානුව ගතිකයේ 

                 අද කෙරැව මොළ වලට
ටොකු ඇනපු කොනිත්තපු 

                       අධම මිනිසා නුඹය!
ආදරේ කරන එක 

                        පරම අයිතිය නිසැක
දරන නිවැරැද්ද යැයි

                           තමා මනසේ ජාත !
පහර දී අනියමින් කල 

                             ආරෝපණය නුඹ !
සධාචාරම දැයි ? 

                         පශ්ණයක් තවකෙකුට !

තේ කොප්පෙ.....


ආදරෙයි මං නුඹට
   වත්කරං කැලැත්තෙන
    සිතුවිල්ල
       කොලේකට

විභාගේ....

මේ පාර ඒ A/L
    ගිය පාර A/L
මේ පාර O/L
  ගිය පාර O/L


A 10 කීයක්ද ?
A 4 කීයක්ද ?

 මේ පාර පේපරේ
  හරිම ලේසියි ගණන්
ඒ හින්ද ගොඩක් අය
  පාස් නොවැ O/L !

ගිය පාර අමාරැයි  මේ පාර ලේසියි
ගිය පාර අමාරැයි මේ පාර ලේසියි
මං ආර්ට්   මම සයන්ස්

 අංක පතිශන ගණන් වෙනස් විය වුනු සමත්
 නිවාගෙන ඇමති මොළ මෙතෙක් රත් වුනු මහත්
 ආර්ථික අවපාත මහත් වු බදු බරත්
විසදිලා ඇවිත් ණය චීනෙන්  වරායක් !

සිහින ටොන් දෙක තුනක්
  ගොඩ ගැහිල යට කරන්
 ජීවිතේ මොක වෙතත් අපට එන හෙට දිනක්
   අපිත් ජාතික විරැවො ගොඩ ගත්ත ජාතියක් !
  පාස් වී  O/L ! තෝ සයන්ස් මම ආර්ට් !

Sunday, January 16, 2011

කියවන්න . . .


තනිකමක් දැනෙනවද ?
    පුංචි නිහැඩියාවක් . . . . ?
මොනව තිබුනත් අසම්පූර්ණ ගතියක් . . . . ?

ඔව් . . . ඔබ අගුළු දමල. . .
    කළුවර දැව මුවා පතරංග ලෑලි . . . !!
අගලක්ම ගනකම !
      මළකඩ යකඩ පට්ටම , දෑමු ලොකු ඉබ්බෙක් . . . !

හිතනවද ?   හංගන්න පුළුවන් කියල ?
     ඔය ඇහෙන්නෙ . . .
        ඔය ඇහෙන්නෙ . . .
            හීනියට ශබ්දයක් ඇතුලතින් . . . !

එපා ඉඩදෙන්න ! ! !
  ඇරිස්ටෝටල්ට , ‍ෙලනින්ට , මාකස්ට . . . කාටවත්. . .
       තියා . . . ‍ෙබාදු වදනටවත්. . . !
කොටු කරන්න !
   යෝද කළුගල් කොටු පවුරු බැමි වලින් . . . !

ඉඩ දියන් නුඹට . . . නු‍ෙඹ්ම එකම එක ඹහුට. . .

ඇතුලතින් මොර නගන
    පවුරු බැමි ඇතුලතින් . . .!

නැගනියණි බැහැපන්න. . .
   ඔය සීනිබෝල සුරගන ලෝකයෙන් . . .
       පෙම් බදින කදුලටම . . . !
            සිහිකරන්  වියැකුනු පෙමක් ගැන . . . !

මල්ලියේ එපා ලැජ්ජවෙන්න. . . !
  පිලිගන්න කියනදේ  ඇතුලතින් . . . නුඹේ අර දොර තුලින්. . .
දැන දැනම එය නොවේ . . . !
   හඩ නගනු එපා නුඹ. . . !
     වීරයෙක් නුඹ කාඩ්බෝඩි. . . ! !
          ඔහොයියෝ ! ! !

මොර දියන් ! බැරිනම් ගිගිරියන් ! කම් නෑ ඒ හඩට. . . ඇතුලතින් එන . . .

‍ෙයාව්වනේ සිහින . . .!
     අද කලාද නුඔව . . . ??
ඉඩදෙන්න කාලයට
    විසදන්න නුඹේ ඒ ඉරනම . . . !
 ගසාපන් දුම්මල . . . නටාපන් බලි තොවිල් . . .
පන්නන්න නුබේ කළුකුමාර දොස් . . . !

කුහක කම . . . ! ! !
   පෑල දොරින් යනු ඇත . . .
හැරපන් නු‍ෙඕ දොර
    සහෝදර කමට ලෙන්ගතු . . . !!!

නිහඩයි . . . මමත් . . . නුඹත් . . . ! ! !
 කල හැකියි දෙයක් අපට . . .
     එන්න . . . !
        බෙන්ච් එකෙන් නැගිට එන්න . . . !
 ඔය සෙට් එකත් අරගෙනම එන්න . . . !

කාලය ඇවිදින් දෙයියනේ . . . ! ! !

සංවෘත කාලකන්නිකම . . .
   හැරදමා ගොඩ නගමු ආවෘතය තුල විවෘතය. . . !

එන්න අපි කතා කරමු . . . !
  ‍ෙසෟහුර්දත්වය ගැන . . . සෞන්දර්ය ගැන. . .
  පොතක් ගැන. . . නාට්‍යක් ගැන. . . කවක් ගැන. . .
  අපි ගැන . . . හෙට ගැන . . . ලෝකය ගැන. . .

දන්නව මම . . . !

   නොවැටෙන බව පිළිතුරු මේකට . . . !

නුඹ නාඩන් තෙලිතුඩ . . . ! ! !


               අවියක් . . . !
                    හමුවෙලා අවියක් . . . !

කවි කොලේ . . . !!!  හුලගට වැනෙන එල්ලිලා ඇල්ලපෙනෙත්තක . . . !

                      අරූ  ගහල
    අපිට . . . ! ! !      
                     මට. . . මට. . .
                               මං නම් නෑ ආයෙ ඕවට . . . !

පුළුවනි එහෙමත් පාවිච්චි කරන්න . . .
    ආයුදේ . . . එල්ලිලා වැනෙන ඇල්ලෙනෙත්තක සුළගට. . . !

නැතිනම් . . .

            කවියක් . . .
                   සදැස් පද ගොන්නකින් . . .
     වුවත් . . .
    
         ඇරඹුය හැකියි යුද්ධයක් . . .
            සෞහුර්ද විවෘත යුද්ධයක් . . .

අප වෙනුවෙන් . . .
    අප වෙනුවෙන්ම . . . ! ! !


11 01 2011   (තෙලිතුඩට ලියූවකි.)

කවියෝ …….


ඇහුවොතින් යම් කෙනෙක්
ලස්සනද කවියක්  ?
නුබත් කවියෙක් නම්
නෑ ඒකෙ ලස්සනක්
පුළුවන්ද කියන්නට ?
තියෙන කොට කවි සිතක් !!!

නැගිටීම ……


කදුල දුන්නෙ දුක නිවන්න
දෝරෙ ගලල හිත හදන්න
කදුලට ආදරේ කරන්න
පුළුවනි හිත හදාගන්න  !

මේ පොලොවේ දිවිගෙවන්න
සිදුවෙයි කදුලට කියන්න
අනේ මිතුර සමාවෙන්න
වෙනව නුබට තිත තියන්න

කදුලට වෙයි සැගව ඉන්න
හිත අද්දර දෝරෙයන්න
සිනා පොදට දිරිය දෙන්න
ලොවක් එක්ක පොර බදන්න !

Mobile LOVE …….

ආසයි කවි පද බදින්න
නුබත් එක්ක කවි ගොතන්න
ගැහැම්බෙල්ට පින් පතන්න
අපි දෙන්නට චැට් කරන්න

සල්ලි නෑලු කෝල් ගන්න
අනේ අදට සමා වෙන්න
ඩයලොග් ලට හෙණ වදින්න
වෙනවා මට තිත තියන්න

Sunday, January 9, 2011

අවුරැදු තෑග්ග....


ඔන්න බබෝ 11.58 යි...
       ටික් ටික් ටික් ......
 දුවපි ඉරාගෙන කට්ට..  ඔරලෝසුවේ....!

11.59 ....යි ..
   තවත් සද්දෙ වැඩි වෙලා
                    කට්ටෙ...
 ඔන්න ඩාං ගාල එකපාරම 12.00 !!

එකම කාලගෝට්ටියයි....
         අවුරැදු අවිදින් ...
 
වීසිවෙච්ච උඩ..! මගේ phone එක,
වැටෙන්න හමුවුනේ නෑ.. අයෙ බිමට,
එනව වැල නොකැඩී...
   මගෙ ජීවිතේට නොදැක්ක කඩ්ඩෙන්...

දැකපු නම්බර්, නොදැකපු නම්බර්..
සිංහලෙන්, කඩ්ඩෙන්, පින්තූර...!
මල හත්තිලව්වයි sms පිරිල...

මහන්සියෙන් මාටිය ගහල
  දාගත්තු රැපියල් 100
ඉවර වෙනකම්ම රිප්ලයි කරන්න වුනා
  ඒවට
තව ණයත් එක්ක ඩයලොග් එකට..!

මේං අහපි..
  Y R U wish me?
   any wy” thkanks n U 2…!

කිරි අප්පට  dog බුරපි...

යැව්ව මම,
    මට එවපු sms එක,
      ආයෙත් ඒකටම.
ඒ නිසයි විශ් කලේ.. ඔයාට...!

ආවකෝල් එකක් මට
   අහල මා ගැන ?
සමාව ඉල්ලුවෙ ... වැරදීමට...!
මලා....! කෙල්ලක්...!

ඔං ඊට පස්සෙ,
  කිව්ව මං ඔය කතාව,
     sms Friend ට.

නැවතුනා එකපාරම sms !
“mata nidimathai.. gd9t ! “
මොනා කියල කරන්නද?
  හදුනගන්නට නොහැකි
               නිසිලෙස
මින්ස් සිතුවිලි නගන අර්බුද...!

හිතුවද ඔයාල මේ අවසාන
    කවිය කියල ??????
ලියවුන sms friend ගැන..!

නෑ.. නෑ... නෑ...

තාමත් එනව sms !

ඒ තමයි හැටි..!
    මිනිස් සිත් වල..!

වුනේ නැත්නම්
    එහෙම
  ලියන්න වෙනවද
    මට මේ කව..!

ඒක තමයි සොදුරැ,
     ලෝකයේ හැටි
දන්නව ඒක මම  !වෙනසක් නෑ ආයෙත්..
ඕකයි අලුත්ම තත්වෙ sms …!!
      05.01.2011