Sunday, January 9, 2011

අවුරැදු තෑග්ග....


ඔන්න බබෝ 11.58 යි...
       ටික් ටික් ටික් ......
 දුවපි ඉරාගෙන කට්ට..  ඔරලෝසුවේ....!

11.59 ....යි ..
   තවත් සද්දෙ වැඩි වෙලා
                    කට්ටෙ...
 ඔන්න ඩාං ගාල එකපාරම 12.00 !!

එකම කාලගෝට්ටියයි....
         අවුරැදු අවිදින් ...
 
වීසිවෙච්ච උඩ..! මගේ phone එක,
වැටෙන්න හමුවුනේ නෑ.. අයෙ බිමට,
එනව වැල නොකැඩී...
   මගෙ ජීවිතේට නොදැක්ක කඩ්ඩෙන්...

දැකපු නම්බර්, නොදැකපු නම්බර්..
සිංහලෙන්, කඩ්ඩෙන්, පින්තූර...!
මල හත්තිලව්වයි sms පිරිල...

මහන්සියෙන් මාටිය ගහල
  දාගත්තු රැපියල් 100
ඉවර වෙනකම්ම රිප්ලයි කරන්න වුනා
  ඒවට
තව ණයත් එක්ක ඩයලොග් එකට..!

මේං අහපි..
  Y R U wish me?
   any wy” thkanks n U 2…!

කිරි අප්පට  dog බුරපි...

යැව්ව මම,
    මට එවපු sms එක,
      ආයෙත් ඒකටම.
ඒ නිසයි විශ් කලේ.. ඔයාට...!

ආවකෝල් එකක් මට
   අහල මා ගැන ?
සමාව ඉල්ලුවෙ ... වැරදීමට...!
මලා....! කෙල්ලක්...!

ඔං ඊට පස්සෙ,
  කිව්ව මං ඔය කතාව,
     sms Friend ට.

නැවතුනා එකපාරම sms !
“mata nidimathai.. gd9t ! “
මොනා කියල කරන්නද?
  හදුනගන්නට නොහැකි
               නිසිලෙස
මින්ස් සිතුවිලි නගන අර්බුද...!

හිතුවද ඔයාල මේ අවසාන
    කවිය කියල ??????
ලියවුන sms friend ගැන..!

නෑ.. නෑ... නෑ...

තාමත් එනව sms !

ඒ තමයි හැටි..!
    මිනිස් සිත් වල..!

වුනේ නැත්නම්
    එහෙම
  ලියන්න වෙනවද
    මට මේ කව..!

ඒක තමයි සොදුරැ,
     ලෝකයේ හැටි
දන්නව ඒක මම  !වෙනසක් නෑ ආයෙත්..
ඕකයි අලුත්ම තත්වෙ sms …!!
      05.01.2011

2 comments:

  1. නිව් ඉයර් වලට මැසේජ් ය්වන එක මම නම් නැවත්තුව...මොන වදයක්ද??

    ReplyDelete
  2. ඔව් මමත් මුන්ට කියලමයි ගෙදර ගියෙ එකෙක්වත් එවන්න එපා කියල. කෝ මුන් ද ? තාත්ත මහින්ද මාමා වගේ කඩ්ඩ වනල මැසේජ් කරල. ඒවට රිප්ලයි කරලත් බෑ නොකරත් බෑ.

    ReplyDelete

කොමෙන්ටු දාන්න..