Wednesday, January 19, 2011

චින්තනය ....


කදුලක් වැ‍ටෙන්නට අවැසි මොහොතක 
                    වැටෙන්නට කදුලක් !
කදුලටම ලොබ බැදන් 

                 නොඉද හිත බෙරි කරන් !
සිතන්නට නැගෙන්නට 

                  ඇහැකි නම් යමෙක් හට
සුන්දර නොවන්නෙද 

                       ඔහු රැගත් චින්තනය !

සම්මතය තුලම හිද 

             විමසමින් අසම්මතය
විත්තියට කරැණු කියූ 

                සධාචාර චින්තනය !
ගතිකයේ ගතානුව 

                    දෙදරවන  වචනය
කියන්නට හරි යැයි 

               කරැණු ඇති චින්තනය !

ගතානුව ගතිකයේ 

                 අද කෙරැව මොළ වලට
ටොකු ඇනපු කොනිත්තපු 

                       අධම මිනිසා නුඹය!
ආදරේ කරන එක 

                        පරම අයිතිය නිසැක
දරන නිවැරැද්ද යැයි

                           තමා මනසේ ජාත !
පහර දී අනියමින් කල 

                             ආරෝපණය නුඹ !
සධාචාරම දැයි ? 

                         පශ්ණයක් තවකෙකුට !

No comments:

Post a Comment

කොමෙන්ටු දාන්න..