Sunday, January 30, 2011

මම මටම.... !


කොච්චර නම් සුන්දරද?
        කියන්න තියෙන එක
 හිතේ ඇතිවෙන පුංචිම පුංචි
        ප්‍රාථමික හැගීමක් වුනත් ත‍වකෙකුට!

හදවතේ අන්තිම පතුලෙ
    ඉලිප්පෙන ලේ නහරයක් වුනත්
ඇදල පෙන්නන්න තරම්
    විවෘත වෙන්න ඇත්නම් තවකෙකුට!

ආසාව නේද? සුන්දර කමට!
     දැනෙන ඒ කීරි ගැහෙන විශ්වාසය !
හිතුවද ඒත්! නුබ !
     තේරැම් ගත්ත කියල ඔහුව!
ඒ ලෙසම අන්තෙටම !

පොඩ්ඩක් හිතන්න මිතුර !
    ආත්මාර්තයද?
ඒ සැගවුනේ ආසාව යට !
   දැනුන ඒ සුන්දර කමට !

No comments:

Post a Comment

කොමෙන්ටු දාන්න..