Monday, November 27, 2023

අවනඩුව

 බෙදලා දීලා හැමෝටම මං

මාව උන් ඉල්ලුවම ගානට

හැරිලා බැලුවම මටත් ඩිංගක්

ඉතුරු නෑ ඇබිත්තක් වත් මට


ලඟදි දවසක ගැනි ඇහුවම

තමුසේ මොනවද කළේ මා හට

ආව ගොන්නක් තල්ලු කරගෙන

 හිතත් අස්සෙන් කඩන් එළියට


කටෙන් පැන්නොත් උන්ව එළියට

කනෙන් රිංගන් එයා අස්සට

පුපුරනවා සත්තයි ගොඩක් සද්දෙට

ඇහෙනවා පොඩි එකා ඒ හඬ


ඉතිං මොකටද මගේ වෙනුවෙන්

නැගෙන සිතුවිලි දාල එළියට

හඩක් නගලා බේරාගන්නට

පොඩි එකා බය වෙනවා දැක්කම


සුවහසක් මිනිසුන් හිතෙන් තව

මෙහෙම හිතනවා ඇතිනේ නිහඬව

කියලා මවුණා  කන්දකුත් උස

පිරිමි උඩුකය දැවුණු අව්වට


උපහරක් වී එහෙව් පිරිමිට

ලිව්වා මේ කව බිත්තියේ තද

උබත් ඒ වගේ කන්දකුත් උස

එකෙක් නම් හිනැහියන් මේ දැක 




Saturday, November 11, 2023

කාලේ තාලෙට අලුත් Business

 


දැකල කලෙක ඉඳන් මන් මේ - බුකියෙ බහුරු කෝලම්

අදුන ගත්තා මරුම බිසිනොස් - idea පොඩ්ඩක්

හරිම අඩුවට පොඩිම මිලකට - ඇඩෙන විදිහට මං 

ඔබට ඕනම වැකිය දාලා හදලා දෙනවා - ඔබට පෝස්ටුවක්


දකින්නට වත් වසර ගානක් නොගිය - තම පිය මව්

ඔබට ඕනෙද කියා දෙන්නට වටිනා කම ගැන

- දෙමව්පිය සැලකුම්

හදලා දෙන්නම් ඇඩෙන ගානට දුක හිතෙන - කවියක්

දාලා ෆිල්ම් එකෙන් කපලා ගත්තු - මරු සෙරුවක්


ඔබට ඕනෙද කියා දෙන්නට - සහෝදර කැක්කුම්

ඔබේ සොයුරත් මරා ගත්තත් - ඉඩම් ගන්නට ගොස්

ඔන්න හදලා දෙන්න පුළුවන් - නියම පෝස්ටුවක්

දාලා දෙන්නම් ඔයැයි කියනා - ලස්සනම වැකියක්


හිතේ තියෙනා කුහක කම් ටික - වහන්නට ක්‍රමයක්

ලෝකේ උන්දැලා රවට්ටන්නට - පුංචි මරු වැකියක්

අන්ත අසරණ වයස උන්දෙක් - ගේ ගනිපු සෙරුවක්

දාලා හදලා දෙන්නේ මන් - හරි ඇඩෙන පෝස්ටුවක්


ඔබේ කේලාම් කියන හතුරා - තවම ලිස්ට් එකේ නම්

ඌට ඇනෙන්නට එක එක දේවල් - ලෝකෙට කියනවා නම්

ඔන්න ඇවිල්ලා නියම චන්ස් එක - හදලා මම දෙන්නම්

හරිම ගානට නියමෙට ගැලපෙන - වදනක් මම දෙන්නම්


හිතේ තියෙන කුණු හැම වහන්නට - ලෝකෙට කියමුද බං 

ලස්සනම බුදු රූපයක් දමලා - 

දම් පද මම දෙන්නම්

පුංචි හමුරු නමක් රූපේ - background දෙන්නම්

හිත් නිවෙන බැක් සවුන්ඩ් දාලා - සුපිරියට දෙන්නම්


ඉතින් ඔහෙලට ලෝකේ හදනට - 

ආදර්ශමත් වගේ පෙන්නන් ඉන්නට

එක එකා page වලින් දාපුව - ගලපා ගලපා ඉන්නේ නැතිවම

කෙලින්ම කියන්න මොකද්ද ඕනැ - හදල දෙන්නම් සනිකයෙන්


ඉතින් කාලෙට ගැළපෙනා - ඔයා වෙනුවෙන්මයි ගෙනා

ලොකු ගණන් ගන්නැ මේමා - ඉන්බොක්ස් එන්න කෝ මෙයා 

Like දාලා ෆලෝ කරලා - 

සප් එකක් දෙන්නකෝ මෙයා


ප.ලි.

මගෙන් බුසිනොස් කොරණ අයට මං

වෝරොන්ටියකුත් දෙනව seasonal

ඉතින් බල බල ඉන්න මොකටද 

ඉක්මනින් ඉන්බොක්ස් කොරන් 


ඔන්න මන් දෙන පෝස්ට් දැකලා - කිවෝතින්  කව්රුත් මුකුත්

සනික inbox දාන්නකෝ මන් - දෙනව එකට පිළිතුරක්


"මගේ බිත්තියේ දන්නේ මන් - මට අවැසි ඇමූනුම් ගොඩක්"

" ඒවා බලලා ගන්නේ මොකටද - ඔහෙල හිත් කරදර වගක්"


ඔන්න ඔය වගෙ දෙනව වැකියක් - කින්ඩියක් වගේ පෝස්ටුවක්

ගන්නවා මන් පුංචි ගානක් - ඒවගේ එකකට ටිකක්

ඉතින් කොහොමත් නැගලා යනවා - මේ වගේ බුසිනෙස් ගොඩක්

ඔන්න ඔහේලා හින්දමයි මේ - එන්න hurry up ඉතිං