Monday, November 27, 2023

අවනඩුව

 බෙදලා දීලා හැමෝටම මං

මාව උන් ඉල්ලුවම ගානට

හැරිලා බැලුවම මටත් ඩිංගක්

ඉතුරු නෑ ඇබිත්තක් වත් මට


ලඟදි දවසක ගැනි ඇහුවම

තමුසේ මොනවද කළේ මා හට

ආව ගොන්නක් තල්ලු කරගෙන

 හිතත් අස්සෙන් කඩන් එළියට


කටෙන් පැන්නොත් උන්ව එළියට

කනෙන් රිංගන් එයා අස්සට

පුපුරනවා සත්තයි ගොඩක් සද්දෙට

ඇහෙනවා පොඩි එකා ඒ හඬ


ඉතිං මොකටද මගේ වෙනුවෙන්

නැගෙන සිතුවිලි දාල එළියට

හඩක් නගලා බේරාගන්නට

පොඩි එකා බය වෙනවා දැක්කම


සුවහසක් මිනිසුන් හිතෙන් තව

මෙහෙම හිතනවා ඇතිනේ නිහඬව

කියලා මවුණා  කන්දකුත් උස

පිරිමි උඩුකය දැවුණු අව්වට


උපහරක් වී එහෙව් පිරිමිට

ලිව්වා මේ කව බිත්තියේ තද

උබත් ඒ වගේ කන්දකුත් උස

එකෙක් නම් හිනැහියන් මේ දැක 




No comments:

Post a Comment

කොමෙන්ටු දාන්න..