Monday, November 27, 2023

අවනඩුව

 බෙදලා දීලා හැමෝටම මං

මාව උන් ඉල්ලුවම ගානට

හැරිලා බැලුවම මටත් ඩිංගක්

ඉතුරු නෑ ඇබිත්තක් වත් මට


ලඟදි දවසක ගැනි ඇහුවම

තමුසේ මොනවද කළේ මා හට

ආව ගොන්නක් තල්ලු කරගෙන

 හිතත් අස්සෙන් කඩන් එළියට


කටෙන් පැන්නොත් උන්ව එළියට

කනෙන් රිංගන් එයා අස්සට

පුපුරනවා සත්තයි ගොඩක් සද්දෙට

ඇහෙනවා පොඩි එකා ඒ හඬ


ඉතිං මොකටද මගේ වෙනුවෙන්

නැගෙන සිතුවිලි දාල එළියට

හඩක් නගලා බේරාගන්නට

පොඩි එකා බය වෙනවා දැක්කම


සුවහසක් මිනිසුන් හිතෙන් තව

මෙහෙම හිතනවා ඇතිනේ නිහඬව

කියලා මවුණා  කන්දකුත් උස

පිරිමි උඩුකය දැවුණු අව්වට


උපහරක් වී එහෙව් පිරිමිට

ලිව්වා මේ කව බිත්තියේ තද

උබත් ඒ වගේ කන්දකුත් උස

එකෙක් නම් හිනැහියන් මේ දැක 




Saturday, November 11, 2023

කාලේ තාලෙට අලුත් Business

 


දැකල කලෙක ඉඳන් මන් මේ - බුකියෙ බහුරු කෝලම්

අදුන ගත්තා මරුම බිසිනොස් - idea පොඩ්ඩක්

හරිම අඩුවට පොඩිම මිලකට - ඇඩෙන විදිහට මං 

ඔබට ඕනම වැකිය දාලා හදලා දෙනවා - ඔබට පෝස්ටුවක්


දකින්නට වත් වසර ගානක් නොගිය - තම පිය මව්

ඔබට ඕනෙද කියා දෙන්නට වටිනා කම ගැන

- දෙමව්පිය සැලකුම්

හදලා දෙන්නම් ඇඩෙන ගානට දුක හිතෙන - කවියක්

දාලා ෆිල්ම් එකෙන් කපලා ගත්තු - මරු සෙරුවක්


ඔබට ඕනෙද කියා දෙන්නට - සහෝදර කැක්කුම්

ඔබේ සොයුරත් මරා ගත්තත් - ඉඩම් ගන්නට ගොස්

ඔන්න හදලා දෙන්න පුළුවන් - නියම පෝස්ටුවක්

දාලා දෙන්නම් ඔයැයි කියනා - ලස්සනම වැකියක්


හිතේ තියෙනා කුහක කම් ටික - වහන්නට ක්‍රමයක්

ලෝකේ උන්දැලා රවට්ටන්නට - පුංචි මරු වැකියක්

අන්ත අසරණ වයස උන්දෙක් - ගේ ගනිපු සෙරුවක්

දාලා හදලා දෙන්නේ මන් - හරි ඇඩෙන පෝස්ටුවක්


ඔබේ කේලාම් කියන හතුරා - තවම ලිස්ට් එකේ නම්

ඌට ඇනෙන්නට එක එක දේවල් - ලෝකෙට කියනවා නම්

ඔන්න ඇවිල්ලා නියම චන්ස් එක - හදලා මම දෙන්නම්

හරිම ගානට නියමෙට ගැලපෙන - වදනක් මම දෙන්නම්


හිතේ තියෙන කුණු හැම වහන්නට - ලෝකෙට කියමුද බං 

ලස්සනම බුදු රූපයක් දමලා - 

දම් පද මම දෙන්නම්

පුංචි හමුරු නමක් රූපේ - background දෙන්නම්

හිත් නිවෙන බැක් සවුන්ඩ් දාලා - සුපිරියට දෙන්නම්


ඉතින් ඔහෙලට ලෝකේ හදනට - 

ආදර්ශමත් වගේ පෙන්නන් ඉන්නට

එක එකා page වලින් දාපුව - ගලපා ගලපා ඉන්නේ නැතිවම

කෙලින්ම කියන්න මොකද්ද ඕනැ - හදල දෙන්නම් සනිකයෙන්


ඉතින් කාලෙට ගැළපෙනා - ඔයා වෙනුවෙන්මයි ගෙනා

ලොකු ගණන් ගන්නැ මේමා - ඉන්බොක්ස් එන්න කෝ මෙයා 

Like දාලා ෆලෝ කරලා - 

සප් එකක් දෙන්නකෝ මෙයා


ප.ලි.

මගෙන් බුසිනොස් කොරණ අයට මං

වෝරොන්ටියකුත් දෙනව seasonal

ඉතින් බල බල ඉන්න මොකටද 

ඉක්මනින් ඉන්බොක්ස් කොරන් 


ඔන්න මන් දෙන පෝස්ට් දැකලා - කිවෝතින්  කව්රුත් මුකුත්

සනික inbox දාන්නකෝ මන් - දෙනව එකට පිළිතුරක්


"මගේ බිත්තියේ දන්නේ මන් - මට අවැසි ඇමූනුම් ගොඩක්"

" ඒවා බලලා ගන්නේ මොකටද - ඔහෙල හිත් කරදර වගක්"


ඔන්න ඔය වගෙ දෙනව වැකියක් - කින්ඩියක් වගේ පෝස්ටුවක්

ගන්නවා මන් පුංචි ගානක් - ඒවගේ එකකට ටිකක්

ඉතින් කොහොමත් නැගලා යනවා - මේ වගේ බුසිනෙස් ගොඩක්

ඔන්න ඔහේලා හින්දමයි මේ - එන්න hurry up ඉතිං 

Thursday, June 1, 2023

අනේ බුදු හිමියනි බුදු දහම බේරා දෙන්න


Source: https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.dailymirror.lk/assets/uploads/image_318e64ebcd.jpg
 

අනේ බුදු සාදු මගේ බුදු සාදු 

අපේ දහමට මටත් දැන් දැන් 

බයයි බුදු සාදු 


ඔබේ දහමට අයිති කම් ඇති 

තෙද බලැති මැති ඇමති රුචියට 

හරිම අවිහින්සකම වූ ඒ 

අපේ දහමත් යටයි දැන් සාදු 


පුංචි දේටත් රිදෙනවලු සාදු 

උන්ට පමණක් අයිති ලු සාදු 

ලොවම තේරුම් ගත්ත වුව ඒ 

බුදු දහම අනතුරේ ලු සාදු 


වචනයක් වුව උන්ට ඕනෑම 

විදිහටම අපි කිව්වේ නැත්නම් 

ඔබේ ආගමේ නමේ විකුණන් 

දඩුකදේ උන් ගහනවලු සාදු  


ඔබේ දහමත් අදහන්නට වුව 

අපිට දැන් දැන් බය හිතෙයි සාදු 

Friday, May 19, 2023

භූතයෙක් මම



ඉතින් මං ගැන කියනවා නම්

ඇත්තටම මම භූතයෙක්....

පුංචි සිරිලක් මුහුදේ නැතිවුණ

කැස්බ පැටියෙක් භූතයෙක්....


හරිම සතුටින් හිටියේ මං මෙහෙ

හැමෝ එක්කම සමගියෙන්

හිටපු හැටියේ වතුර කළු වුණ

හුස්ම හිරවෙල මරුණ මන්....


නැවක් ඇවිදින් ගිනිත් ගත්තලු

තෙලුත් හැලුනළු ඒ වටේ

නැවත් ගිළුනළු අපිත් මරුනළු

ඒත් ඒ හින්දා නෙවේ


වාරකන් හින්දලු ඉතින් ඒ

මමත් දැක්කා පත්තරේ

ඒත් අවුරුදු සියක් හිටි උන්

මැරුනේ මේ පාරම ඔහේ


අපිව මැරුණට නැවේ කට්ටිය

වන්දියක් දෙනවාලු බොලේ

අන්න ඒකත් හොරා කාලලු

ඇහුණ ඒ ගැන මැති සබේ


ඒකේ නඩුවත් අහන හැටි ගැන

අවිස්සිනකොට වටපිටේ

ආගමක් ගැන කොනක් අල්ලන්

උණුන් ගුටි ඇන ගති වදේ


මෙහෙව් කෙලියක් වෙලා තිබිලත්

මෙහෙ මිනිසුන් මේ වගේ

රැවටෙනා හැටි දකිනකොට නම්

පුදුම කල කිරුමක් හිතේ


භූතයෙක් වත් වෙලා මේ රටේ

ඉන්න එක දැන් හිතේ මගේ

ලජ්ජා හිතෙනා හින්දා හෙට මං

යනවා ඉතියෝපිය රටේ..


යන්න කලියෙන් ඔන්න ඔහෙලට

කියලා යන්නයි මේ වගේ

ලිව්වේ කවියක් ඇරන් ඉන්නට 

දේ ඇස් දැන්වත් මිනිසුනේ...









 

Thursday, April 20, 2023

නැවත ආවෙමි


 ඊයේ මහා රෑ  දෙගොඩ ජාමේ 

හරි විකාරයි දැකපු හීනෙ 

තවම සිහිවෙයි ඒ විකාරේ 

ඒකමයි මං  ලිව්වේ මෙ  


හාත්පස ගන අදුරු අහසක 

හරි මැදින් එක සීරුවේ 

සිහින් එළියක් මැදින් වැටිලා 

ඒ මැදින් ආ රුව රැයේ 


අහස තරමට උසේ උසකට 

කශේරුව සෘජු  රුව මෙසේ 

දෙඅත් බැදගෙන එබී බැලුවා 

ඔරවා ඔරවා මගෙ දේසේ 


මාව මතකද ගිරුම් සද්දේ 

තවම රැව් දෙයි මගේ හිතේ

කවිය ලිව් උබේ පෑන මතකද 

උඩ ගියා මං මහ රැයේ 


දිනෙන් දින හරි අමුතු වැඩ වෙන 

මෙන්න මේ වගේ කලියුගේ  

මාව අමතක කරල උබ නිදි

නැගිටපන් දැන්වත් වදේ 


කියල ගිගුරුම් සද්දේ දැම්මා 

උඩ ගිහිල්ලයි ඇහැරුනේ 

ඒ වෙලාවේ ඉදන් නිදි නැ 

හිතෙනවා එක එක ඔහේ 


ඔන්න එතකොට මතක් වුන මට 

තරුණ කාලේ කල රගේ 

ඉතින් අයෙත් පෑන අහුලන් 

ඔන්න අවා අයෙ මෙහෙ