Tuesday, November 2, 2010

මා මිතුරනි මේ අහන්න....




සහොදරය සහෝදරිය
ඒපා ඇමති සිත් තලන්න
නුඹ ආවේ ඉගෙන ගන්න
අම්මලාගෙ සිත් හදන්න

හෙට එන උන්ටත් කියන්නෙ
සමාජයෙන් වැඩැක් නැතේ
නුබට පුතේ හෙටක් ඇතේ
ඒක ඇත්තෙ ඇමති හිතේ

මගේ මිතුරනි මේ අහන්න
දේශපාලනේ කරන්න
හොදනෑ නොවැ ඉගෙන ගන්න
ඇමතිලාගෙ හිත් රිදෙයිනේ
නුඹ ආවේ ඉගෙන ගන්න

අහිංසකම අම්මලාගෙ
හිතේ අපිත් ගොඩම කියල
මගේ පුතා හරි හපනා
විශ්ව විද්දියාලෙ ගියා
අද හෙට එලියට එනවා
ඌ ලොකු ලොක්කෙක් වෙනවා

මගෙ මිතුරනි මේ අහන්න
ඇස් කන් දෙක පියා ගන්න
ඔන්න ඔහේ ඉගෙන ගන්න
දෙන මගුලක් ඉගෙන ගන්න
ඒපා ලොක්කො හිත් තලන්න

සොහොයුරියනි මේ අහන්න
ලොක්කන් හට ඉඩහරින්න
නුඹෙ කන්‍යාභාවය බලන්න
හැකිනම් සහතිකත් ගන්න
නොදැක්ක වගෙ ඉගෙන ගන්න

ඇමතිලාගේ ලොකු එවුන්ගෙ
ප්ලෑන් වලට වැඩ කරන්න
උබට පුතේ හෙටක් ඇතේ
හද මාමා කිරිගෙනෙතේ

අන්තර් මන්තරේ වගේ
ශිෂ්‍ය කි‍්‍රයා අකැප පුතේ
රට කිරීම ලොක්කො කොරයි
ඔහොම හිටින් නිදන් පුතේ

නුබෙ අම්මා හඩයි පුතේ
අන්කල්ලා තලයි පුතේ
ඒ හින්දා පුන්චි පුතේ
නුබ නිදපන් දොය්ය පුතේ

නැන්දෙ මාමෙ මේ අහන්න
ඇමති කියන දේ අහන්න
ඒපා වැරදියට හිතන්න
අනේ අපට සමාවෙන්න
අපේ ඇමති මාමලාට
අනාගතේ හදාදෙන්න
උපදින උන්ටත් කියන්න
අපි වාගේ නොහැසිරෙන්න

4 comments:

  1. වේවැල් කොටු නාරන් සියබලා අතු
    වෙනුවට කඩු ඩප්පි සයිකල් චෙන් අරන්

    පත්තර කොළ අතුට නිදි නොලබා දුක් තකා
    ලැග මහා උළු ගෙදර දෙවෙලට ගුටි කකා

    මල්ලියි ත්‍රිමයි අකුරට යන වෙලාවේ
    කුදලා ගොසින් වෙඩි කා ටයර් සැයේ කරවී

    රැකගත් අකුර හොරු ගෙනයන වෙලාවේ
    කට බලියන් සිටිමුද නපුන්සක විලාසේ ?

    ReplyDelete
  2. හහීන හතක් හිත තද කර කිටි කිටියේ
    උඩුගම් බලා අපි ආවෝ සරසවියේ
    යමක් කමක් තේරෙන කොට හොද සැටියේ
    නොනිදා ඉන්න බෑ බොල ඔල මොල සැටියේ

    දුටු තැන වැරැද්දක් උගතුන් විලා‍සෙට
    සාකච්චා කොලා නහුතක් දැන් ඇති අපට
    සරසවි කියන වචනය කන වැකෙන විට
    බඩ දගලනව සමාජයේ ගුටි දෙන්න

    ලොකුලොක්කො කොරනා මේ විනාසෙට
    වන්දිය ගෙවමු අම්මේ හෙට ලොව එක්ක
    නැති බැරි උන්ට යන්නට තැන නැති නොකර
    රැක ගමු සරසවිය යන නම මතු පරපුරට

    උන්ගේ උන්ට යන්නට සරසවි එනවා
    සල්ලි ගොඩක් දී උන් හෙට ගොඩ යනවා
    උබයි මමයි අපි දතකට ලෙව කනවා
    මුන් මේ කරදේ හෙට දින එළිවෙනවා

    අම්මේ අපි දිහා හොරැහින් බලනු එපා
    සරසවි සිසුන් අධමුන් මෙන් සිතනු එපා
    මුන් ගේ ගහට ගැටයේ පැටලෙන්න එපා
    අපිත් නැතොත් හෙට ලොව ගැන හිතනු එපා

    ReplyDelete
  3. එල පිළිතුර නියමයි කයියෝ...........

    ReplyDelete
  4. දිර් ගැන්වුමට තුති ...!

    ReplyDelete

කොමෙන්ටු දාන්න..