Tuesday, September 6, 2011

උබලාගෙ ඉරණම් සලකුණ...



12 යි 20 ට  ඔරලෝසුවෙ
එලියට ගියේ හුජ්ජ බරට

හීනියට තෙමුනු බැළතණ යා‍යෙ
බයවුනේ මං උබට!

අම්මා පල්ල මේ මහරෑ
මක් කරනවද හීතලේ?
මාසයක් වත් නැද්ද උබට?

හිරිකිතයි කියන්නත්
සමාවෙයන් බැලුවට
උස්සල පස්ස ගාත්
තියෙනවද පුංචි ඇණයක්?

ඒතමයි සළකුන
විසදෙන උ‍බේ ඉරණම!

සමාවෙයන් බලු රාල
කොහෙන් ආවත් උබ
අවසරයක් නෑ මට
විසදන්න උබේ ඉරණම
නෑ තිබ්බෙ සලකුණ

තාමත් කූං - සර - සර
කෝ මේ රෙද්ද?
සීතලයි අද හරිම
වැහුනාම කන්දෙක
සනීපෙට නිදි මම!

5 comments:

  1. කවුරු කොහොම
    කොයි විදියට විසඳන්න හැදුවත්
    ඉරණම....
    ස්ත්‍රී වර්ගයාට අයිති උන නිසාවට
    විසඳෙයිද කවදාවත්
    ජාතේකේ ඇති උන තැන...

    ReplyDelete
  2. ඉරණමේ සළකුණ
    බලා නොහැදූ ඇය
    සිටියා දස වසරක්
    අපිත් එක්ක එක ගෙය..

    ReplyDelete
  3. ඒක හරිම අසාධාරණයි, කවුරුත් පණ ඇති සත්තු ......

    මාරම ගතියට ලියලා තියනවා ......

    සුපර්බ් .......

    ReplyDelete
  4. අමු ඇත්ත කතාවක් හරිම සංවේදී විදියට ලියලා තිබෙනවා , ඇත්තටම හරිම අගෙයි පද වැල ....

    ReplyDelete
  5. @ දිල්...

    ජාතකේ ඇතිවුනු තැන
    නෙවෙයි මේ ගැටළුව
    නිසාවෙන් නොවුන ඒක
    විසදිය හැකිද ඉරණම
    අවස්ථාව හිමි ජීවත් වන්ට
    එයත් අහිමි නම් ඒකට
    කොච්චර සාහසිකද ඕක?

    @ දිනේෂ්

    නියමයි සහෝ නියමයි
    නැත්තෙම නෑ මිනිස්සු

    ඒත් බහුතරයක්
    ඒක මහ මතයක්

    මුල් බැස ගත් සමාජයක්
    මතකද ආන්ඩුවත්
    කාලෙක එක්වරක්
    ජාතික පියවරක්
    වද ගරන්ට බැල්ලන්
    කරපු මහ හුට පටයක්

    ඇත්තමයි ඉන්නව
    මිනිස්සු තාමත්
    හදවතට කවදත්
    මුල් තැන දුන්නු පිරිසක්

    ආන් ඒ පිරිසෙත්
    උබත් උන්නු නිසාත්
    සතුටුයි මටත්

    @ පන්සල් හන්දිය

    ආන් ඒක තමයි
    කාරණය වැදගත්
    උනුත් තව ජාතියක්
    හිමිකම් ඇවරි පිරිසක්
    යදින නිහඩ අයිතියක්
    ගෙවන්නට දිවියක්

    @ මහේෂ්

    බෝම ස්තූතියි.ඉන්නවට පිරිසක් අඩුම තරමේවත් ඒකත් කතාවක් කියන්නට නිකමටවත්.


    @ හැමෝටම

    බෝම ස්තූතියි... ආයෙත්ම ස්තූතියි!

    ReplyDelete

කොමෙන්ටු දාන්න..