Monday, November 28, 2011

නොකී කව...!




දිනෙක මා මියගිය
මිහිදන් කරව දෙන මිහිමත
සුවිසල් දවග කොත් මත
නොලියා කුරුටු බොරුවට
පැළ කරන් වතුසුදු ඉතක් මා මත

දිනෙක ඒ මුල් මත
ඇදී යලි මිහි මත
හිනැහෙමි ලොවට ලෙස අද
එයයි මා උන් බවට සාධක

අවිදින් ඒ දිනට
නුඹට හැකිනම් ඒවෙත
කියපන් නොකී කව
කියා ගත නොහුන් මා වෙත

ඉතින් මා හිනැහෙමි
නුඹට මල් පුද දෙමි
යලිත් මා දිවි ගෙවමි
ලෝකයට සිනාවෙමි.

8 comments:

  1. තවත් එක බලාපොරොත්තුවක්

    ලස්සනයි..

    ReplyDelete
  2. හම් බලාපොරොත්තුවක්...!!!! ස්තූතියි...

    ReplyDelete
  3. www.cinelanka.net

    ReplyDelete
  4. ලස්සන පද පේලි ටික .......
    එහෙම උනොත් හොඳා .....

    ReplyDelete
  5. අයියත් එන්ඩ ඔනැ එදාට.. ස්තූතියි ඈ...!

    ReplyDelete

කොමෙන්ටු දාන්න..