Monday, April 28, 2014


ගාලු පුරවර බලා දිවයන
සියක් උන් තෙරපෙච්චි බසයක
තුනේ අසුනේ ඇතුල් කෙලවර
ඉබේ ලියැවුනි මෙසේ කවි පද

සියක් උන් එක එකා තෙරපී
ඉහල ගත් පය තබනු නොහැකී
මුවින් නොම බැන උනුන් හිදිතී
කවන්දය මෙහි සිත නොමැත මෙහි

අනෙක් දෙදෙනා නිදි සුවෙන් ඇත
විරූපී ඒ බලනු රිසි නැත
ජීවිතේ ඇති අරුත පසිදනු
නුබට හැකි නම් කියාදෙනු මට

ඉදිරි අසුනේ නැවුම් යුවලක්
ජීවිතේ සොදුරුව කියාදෙත්
ලගින් හිටගෙන යනෙන උන්ගේ
ජීවිතේ සෙදුරුව විදිති නෙත්

කළුතරින් ඒ නැගපු යුවතිය
දුටුවතින් මා පහන් විය සිත
ඇපල් පණුවන් කනව මයි යන
පසක් විය ඒ සැනෙන් නියමය

දවස තිස්සේ ඔට්ටුවුනු ඒ
කෝඩ් ලොකෙන් බැහැර වුනු මන්
ගෙදර යන මේ බස් එකේ උන්
දැකල හොල්මන් ඔන්න නිදි මන්

1 comment:

  1. කන්දෙකේ ඇඹ දෙකක්
    එක අතෙක දුර-බනුවක්
    දෑස නිදිබරව මෙන්
    නොයනු මන්දැයි තම කැමැත්තෙන්

    ReplyDelete

කොමෙන්ටු දාන්න..