Tuesday, March 31, 2015

~ඔන්නොහේ හැදුන කවිය~


මදුරුවන් හිග මදුරු දැල තුල
දහඩියෙන් තැවෙමින් ඇදේ
උඩ බලා ගෙන කොටමි කවිපද
දුරකථනයේ මෙමරියේ

සිතුම් පැටලී stuck වෙලා මන්
උඩබලන් ඉන්නාවෙලේ
සිතුන කවියක් ලියනවා මන් 
මොනාහරි ගැන ඔන්නොහේ

ආදරේ ගැන බර වැඩී මට
රින්ගන්න බෑ කවි පදේ
ඔහේ එනදේ ලියනවා මන් 
හැදෙයි කවියක් ඔන්නොහේ

code කොටලා දවල් කාලේ 
මොලේ encrypt වී ඇතේ
එන්නෙ නෑ හරි වචන ලස්සන 
මිරිකුවත් දැන් මගෙ මොලේ

බෝඩිමේ මා එක්ක ඉන්නා
අනිත්කොල්ලා ලග ඇදේ
සැනෙලි දැල්වෙයි මල් කඩන විට
හෙන වදින ලෙස කළුවරේ

අසල නිවසක සෙට්වෙලා උන් 
කියන බයිලා පද බොලේ
තාලයක් ගැන හැගීමක් වත් 
නැතුව ගුවනේ රැව් දෙතේ

බිත්තියෙන් වෙන් වෙලා තියෙනා
අනිත් බොඩිමෙ මේ වෙලේ
කොටන් ඉරනා ලෙසට ගුම් දෙයි
ටයිල් ලොරි ඩ්‍රයිවර් මලේ

වරෙන් කවි පද කොහේ හරි ඉද
පෙලින් පෙල තනිවූ ඇදේ
නින්ද නෑ ලග උඩ බලන් මං
ඉන්නවා තව ඔන්නොහේ

දෙනෝ දාහක් ඉන්නවා ඇති
මේ වෙලේ සුව සිහිනයේ
කී දෙනෙක් නම් ඇතිද මං වගෙ
උඩ බලන් තනි වූ ඇදේ

දුරකථනයේ නැගෙන එළියට
කවි කොටනකොට මං ඇදේ
අනිත් ඌ හිතනවා ඇති මං
මල් කඩනවා ඌ වගේ

ඉතිං සතුටුයි ඔන්න ඔහෙ මං
හැරුන කුරුමිණියෙක් වගේ
මෙට්ටෙ පෙරවන් කොට්ටෙ උඩ මං
නිදා ගන්නව ඌවගේ.

4 comments:

  1. අඩේ ගති බං..

    සෑහෙන්න කාලෙකින් උඹේ පෝස්ට් එකක් කියෙවුවේ..

    ReplyDelete
  2. අඩෙ ස්තුතියි බන්. ලියන්න අසයි වැඩ් වලට හිර වෙල බ්න්. එත් පුලුවන් වුන ගමන් ලියනව. මම හිතුවෙ කවුරුත් බලන එකක් නැ කියල.

    ReplyDelete
  3. වාව්! වෙරි ක්‍රියේටිව්. යු හෑව් ටැලන්ට්. වයි ඩෝන්ට් යූ රයිට් අ සෝන්ග්, කොම්පෝස් අ මෙලඩි ඇන්ඩ් සින්ග් ඉට්? හූ නෝව්ස්, මේබි වී කැන් හියර් යූ ඔන් රේඩියෝ සම්ඩේ...

    ReplyDelete
  4. Thanks for come and see. mmm Thats a good idea. lets try to do that also some day! :p

    ReplyDelete

කොමෙන්ටු දාන්න..