Saturday, February 5, 2011

උත්තානය.....!







රගන්නට නළුවන් නොමැති
බලන්නට රසිකයන් නැති නාට්‍යක් ගැන
පාඨකයන් නැතිමුත් කථාවක් ලියමි!


පෑන නතරවී කොළයත් අතත් අතර
පැටලිලා සිතුවිලි ගගක
අමුණනු වස් උගතෝකෝටිකයක් ගැන
වැකි- අකුරෙන් අකුර !


මළවුන්ගේ දේශයක- නොමළ වුන්
සොයයි කියන්න ඒ කතාව  !
දිනක මේ කතාන්දරය
කියූ වග නැතිමුත් පාඨකයෙක් !
 කියනු ඈත එන්නෙකුට
   අනාගතයෙන්---
සුලගට වැනෙන මේ කොල කැබැල්ල
  සොහොන් කොතක ඇමිණී !


ලෝකයක් නිහඩය ! පුංචි කෙදිරිලි
පමණයි එකිනෙකා මුමුණන
නොමළ යැයි කියන්නට සාධකයක්
නොමැති දේශයක සිරවී මළවුන් අතර!


දිනක මෑත - මතකයි නැගුනු හසරැල්
ජය ඝෝෂා ! මතකයන් දළු දමයි
හාරමින් හදවත රැධිරය වෑහෙන---


පංචිම පුංචි අන්ධ බලාපොරොත්තුවක්
අනාගතයෙන් එන්නවුන් ගැන
කුමක් කරමුද උන්ට
 කිමද දෙන දායාදය උන්ට !
මෙළ විලා මිටට!පස් පිඩක්!
 පිරිනමයි අනාගතයට
  මේ මළවුන්ගේ දේශයෙන්--!


කල යුතුව ඇත යමක්--
  කීරි නැගෙයි හදවත---
   දෙනෙත බරවේගෙන එනව---


මොර නගමි පැලෙන තුරැ ගිරිය
 නැගිටියව් නිදන මිනී වලවල් වලින්-- !!!


මා මටම පහර දෙයි--!
මේ මළවුන්ගේ දේශයේ
 මාද මළ එකකු මෙනි--
  කව්ද කියනු මා නොමළ බවට සාධකය !


එකම එක කොල කෑල්ල
මේ වැටෙන සුලගට සොහොන් කොත මත!
  කිසිවෙකු නෙත නොගැටෙන!
  ගැටුනද නොගැටුනා බදු--!!!


(එක්තරා මා ගැවසෙන සුන්දර මතක ගොන්නක් රැදි ස්ථානයක, ආරාජිකත්වයට එරෙහිව නැගී සිටිනු වස් ලියැවුනි)....

4 comments:

  1. ආදරය රජකරනවිට බලය පලායයි..බලය රජ කරනවිට ආදරය පලායයි.........!

    ReplyDelete
  2. ආදරය !!! බලය !!!
    වචන දෙකක්....
    තේරුම් 2ක්....
    ගැටීමක්??????

    "ආදරය රජ කරන විට බලය පලායයි!..."
    කම් නැත..!
    "බලය රජකරන විට ආදරය පලායයි....!"
    බැහැ ඉඩදෙන්න...!

    ආදරයත් බලයත් කෙසේ වෙතත්.නිද්‍රාශීලී වුවන් ගොන්නක් අතර හිරැ නැගෙන්නේ කුමට..???

    ආදරය හමුවේ බලය..... පලායන්න...! සත්තයි මම එකගයි...! විරිය දෙමි නැගෙන්නට පර්වතයක් ලෙස ආදරයට...!

    කල හැකිව දෙයක් තිබියදී..
    මළවුන් නගති කෙදිරිලි..
    එපමණයි....!
    ලොවක් නැගෙන්නට.. අවදි විය යුතුයි නිදන සොහොන් තුලින්...
    ආදරය බලය හැප්පුනාවෙ.. එක ස්වභාවිකයි...!

    ReplyDelete
  3. සිතත් හරියට පැරෂුට් එකක් වගේ...වැඩක් ගන්න පුළුවන් වෙන්නේ විවෘත වෙලා තියෙන වෙලාවට විතරයි.................

    ReplyDelete
  4. හම්....
    ඇත්ත...
    උපමාවනම් මරැ....!

    ඔව්. හිත මාර එකක්. මාරමාර දේවල් අපිට කරන්නෙ. කවියෙක්.විප්පව වාදියෙක්..බල තන්හාකාරයෙක්.. කලාකාරයෙක්..මේ සේරටම වගකියන්න ඕනේ ඌ තමා...

    ඇත්ත පැරිෂුටයක්...!
    විවෘත වුනොත් රත්තරං...!
    ඇහිරැනොත්....
    කිසිම තේරැමක් නෑ...! දෙයියන්නේම පිහිටයි..

    ගුවන් කරනම් කරැවන්ට. පැරෂුටේ දිගහැරගන්න තේරෙනව.. වෙලාවට දිග නොහැරැනොත් ????????????????????
    ඉලංදාරි දෙයියන්ගේම පිහිටයි...!

    අපිටත් පැරිෂුට් කරැවෙක් වෙලා හැමදාම ඉන්න ඇත්නම් මරැ...


    කොමෙන්ටුවලට.. රොම්බ තැන්ක්ස්zzzzz...!

    ReplyDelete

කොමෙන්ටු දාන්න..