Wednesday, February 23, 2011

sms මිතුරිය .....



දිනෙක පසුගිය..
  සනිටුහන් කල දිනයේ අවසන,
    ලැබුන sms පනිවුඩය
          නුබේ නමින් මා දුරකතනයට !


ඇරයුම් කරලා තිබුනි,
  බැහැල මොහොතකට ඔය,
       මහප්‍රාණ ලෝකයෙන්...
   ඇවිදින් යන්න මොහොතකට,
                මම ඉන්න..
"සීනිබෝල ලෝකෙට"
     වචනයෙන් හැදින්වෙන ඔයාගෙම,
  එක මොහොතකට...!

මොකක්ද මම දෙන උත්තරේ...??
    අහක දාන්න පුළුවන්ද ? ඒ අහිංසක ඇරයුම!
තේරැම් ගන්න පුළුවනි, නොකියැවෙන දේ...
   
උන් දෙන්න අහිංසකයි..
      නෑ තේරෙන්නෙ උන්දෙන්නට..
    අනේ යවන එකයි,
              පෙන්නන එකයි විතරයි....
 උන්ගෙ කාරිය.!


අහිංසක උන් කෝම තේරැම් ගන්නද?
  හිතක් කියල එකක් නෑනෙ ෆොන් වලට.!


අකුරෙන් අකුර ඇමිනිලා,
    වෙලා ඩිගිටල්..
           පැටලිලා සංඛ්‍යාත..
                  විසිවෙලා කණුවකින් කණුවකට..
        බයිටයෙන් බයිටය, මොන තරම් නම් දේ..
  කියනවද? නොතේරෙන්න.. ඩයලොග්ලට..!


ඇත්තටම උඔ සු‍විශේෂයි..
   ආයෙ කියන්න ඕන නෑ ඒක පුන පුනා..
සම්මතයක්.... සධාචාරයක්... සමාජයක්... ගුණ ධර්ම....
  වචන..! ඝාම්බීර..!


 හදා ගම්මු .. මේකටත් නමක්...!
   යාකරන උබෙත් මගෙත් දුරකතන...
           හදුනා නොගත් හරි හැටි තවම..
උබත් මමත් !!!

2 comments:

  1. කුමක් ලියන්නද
    ඒ කෙටි පණිවිඩයට මම
    හමු වෙනවාද නැද්ද
    මගේ හිත දෙගිඩියාවක..

    ReplyDelete
  2. සත්තයි මිතුර සුන්දරයි ඒ සබදියාව...
    සැගවී මුවාවී ලෝකයෙන්, ගොඩනැගෙන
    දුරකතන දෙකක් අතර...!
    දිගහැරෙන නිර්ලෝබීව ජීවිතය තවකෙකුට..
    වගකීමක් දිය නොහැකි.. ගතනොහැකි..
    මේ මම, මෙයානෙ ඔයාගේ.. කියන්නට
    නොදත් නමක් නැති සබදකම...
    නමුදු සුන්දරයි! වගකියන හැගීමකට අනෙකා ගැන.

    ReplyDelete

කොමෙන්ටු දාන්න..