Saturday, June 18, 2011

උත්තානය.....! .......... 2


පෑන ඇවිදින් මුමුනමින්
කියන්න නැවතත් ඒ වග
දිනෙක කියූ ඒ මළවුන්ගේ දේශයේ අදෝනාව....

මූසල පුසුබබට ඉවකරන දෛවය !
සරදම් කරන අපූරුව...
ගත් පෑනද අවසන් විය ලියා පද එකහමාරක් ..!

හදවත බරවේ.. නගමින් මුවග..
වියලි ගිය මලානික සිනාවක් ..!

නැවතත් කොහේ දෝ හුන් පෑනක්..
අවුදින් රැගෙන පෙරනිමිත්තක්..
මොට වූ අද බලාපොරොත්තුවක්..
මැවේ යයි හෙට යලි සිනා පොදක්..

දිනෙක වූ හදවත බරින්
දේශයක මළවුන් අතර මොර නගමින්
නොමල වුන් සොයමින්
අනාගතයෙන් එන්නවුන් වෙනුවෙන්..

අනේ තිබූ පුංචි බලාපොරොත්තුවක්
වසී  මේ දෙරනට දිනෙක වැස්සක්
පුපුරවමින් දෙකන් බීරුමක්
සෝදා හරිනු ඇත මිනී හලු මීදුමක්

එදා මා දිව්ව හැටි
අපේ උන් සමග වැටී
උරෙන් උර ගැටි ගැටි
නගමින් සිනා වැටි

මා එදා නගන විට මළවුන්ගේ විලාපය
මුමුනමින් හුන් එවුන්
නිදා වැටෙමින් වැනෙන
එක් වුනා පිබිදුනා දිනෙක යලි හිනැහෙන්න

එකිනෙකා අත් වලට මෙල වුනා පස් පිඩක්
දෙන්න දායාදයක් එන්නවුන් අනාගතයෙන්
උනුත් මෙහි ඇවිදින් අදට දින ගනනක්ම
උන් එවුනුත් ගොහින් මළවුන්ගේ සාප ලද

මා මිටට මෙල විච්ච පස් පිඩත් ලත වෙච්ච
හැකි නොවුනි දී ගන්ට ආපු ඒ පරපුරට
දැන් ඉතින් ආයෙමත් පිලිනුවූ පසුබත්
මූසලවු සුලගත් මිනී මල් රොත්තත් වැජබේවි නැවතත්

අනේ මා මුතුරනේ
නැගිටියව් දැන්වත්
නොහැගේද තවමත්
වැටෙන බව අප යලිත්

නොහැකිනම් නිදපියව්
බදාගෙන සොහොන් කොත්
ලෙව කමින් බැදපු පෙද
පිලිනු වුනු සොහොන් කොත්

අදහසක් නොමැත් මේ
නුබලාගෙ මල සිරුරු
මුකුත් නොවුනා විලස
බදාගෙන නිදපියව්

අනේ මළවුනේනේ
මාද මිය යන්නේ
ඊට පෙර කියන්නේ
අයි නොපිබිදෙන්නේ

තවමත් අපට හැකි
පෙරසේම හිනැහෙන්න
සියොතුන්ව පියබින්න
අදහස් පුබුදුවන්න
මේ දෙරන පණ ගන්න
නැවත ජීවය දෙන්න
එකා මෙන් නැගිටින්න..!
දිනෙක යලි හිනැහෙන්න..!


මා නිතර ගැවසේන සුන්දර මතක පිරි සුන්දර ස්ථානයක අරාජිකත්වය ඉවසනු නොහැකි වස් ලියැවුනු දෙවැන්න...............

 .... මෙන්න පළවැන්න ....

8 comments:

  1. හොඳ අර්ථයක් තියනවා ......

    ReplyDelete
  2. මම නිතර ගැවසෙන බෝම මතකයන් ඇති සුන්දර ස්ථානයක් අරිජික වෙමින් යනව බලන් ඉන්න බැරැව මේකෙ පළවැන්න ලියවුනා.ඉන්පස්සෙ කට්ටියක් ටික කලක් සෙට්වුනා.දැන් ආයෙමත්........!
    ස්තූතියි අයියෙ..!
    මේක දකින්න ඔන එවුන්ට පේන්නෙ නෑ....

    ReplyDelete
  3. කනත්තක නවතින්නෙ මළ මිනියක් හරි සොහොන් පල්ලෙක් හරි තමයි උබත් මැරිල නම් කරන්න දෙයක් නෑ ඒත් උඹ සොහොන් පල්ලෙක් නම් වෙන ජොබ් එකක් හොයාගනින් කෙස් හැලිච්ච මහසෝනට උගේ පාඩුවෙ පරවෙච්ච අරලිය මල් ඇහිඳින්න දීලා

    ReplyDelete
  4. ඒකත් ඇත්ත. ඒක තමයි ලේසි දේ.හැමෝම කරන්නෙ ඒමයි. ඇයි මම විතරක්? ඇත්ත. වෙන ජොබක් හොයාගන්ට ඕන....
    :)

    ReplyDelete
  5. මං හිතුව පර්සියන් කාරයින්ට තියෙනෙන් රතු රැවුලක් කියල. දැන් මම දන්නවා රතු රැවුලක් තියෙන පර්සියන් කාරයෙක්

    ReplyDelete
  6. කියන්න බැරි තරම් ලස්සනයි.ඔයා ගේ කවි එකින් එක කියවගෙන යනගමන් මෙ.

    උත්තානය කියන්නේ පිබිදීම කියන තේරුමද ?හුග කාලයක් තිස්සේ මම උත්තානය කියන වචනේ හරි තේරුමක් හොයන්නේ.

    ReplyDelete
  7. ස්තූතියි!ස්තූතියි! ඔව් උත්තානය කියන එකේ තේරුම පිබිදීම තමයි ලාවට. ඒත් ඇත්ත වචනෙ එන්නෙ මම හිතන්නෙ ක්‍රිස්තු චරිතයත් එක්කල.මමත් හරියටම දන්නෙ නෑ. ක්‍රිස්තු වහන්සෙ කුරුසියේ මරණින් පසු.නැවත මළවුන්ගෙන් පණ ලබනව කියල වගේ තමයි ක්‍රිස්තු චරිතයේ අහල තියෙන්නෙ.ඉතින් මේ සිද්ධාන්තෙන් තමයි උත්තානය කියන වචනෙ ආවෙ කියලයි මගේ හැගීම. ඒ දිනය තමයි පාස්කු කියල සමරන්නෙ මම හිතන්නෙ.ක්‍රිස්තු කොනෙක්ගෙන් හරියටම දැන ගන්න පුළුවන් වෙයි. මම තාම බයිබලේ කියවන ගමන්.තාම මග.

    ස්තූතියි මගේ කවි කියවනවට. ඒක මට උත්තේජනයක්. මෙතනින් මම ආ කවියකුත් තියේ. “මම මැරිල“ කියල කාලෙකට කලින් දාපු එකක්. ඒකත් කියවන්නකෝ.. ඕනෙ නම් මේ මගේ සේරම කවි පොතක් විදිහට pdf 1ක් දෙන්නම්. මට මේල් එකක් දාන්න.(sanath86lk@gmail.com)

    ReplyDelete

කොමෙන්ටු දාන්න..