Tuesday, June 21, 2011

හැකි නම් සොයා දෙන්න....



මා කුමක්ද ?
මා කලයුත්තේ කුමක්ද ?
නුඹට පවසනු හැකි නම් ...!


මම ද මම සොයමි....
සොයා දෙන්නට නුඹට හැකිනම්...


මා ගෙන් පලක් කිම?
මා විය යුත්තේ කුමක්ද ?
පැටලී අගක් මුලක්
ලෙහන්නට නුඹට හැකිනම්......


රගමින් උනුන් අභි මුව
විසුළු චරිතය මා පණ පොවන
පැසසෙයි විටින් විට
නුඹ මුවින්........
කරමින්, චරිතයක් !
මා නුඹලා අතර වැජබෙත්


විටෙක බර වෙන සොයමින් මා සැගවුනු
දළු නැගෙයි විටින් විට
බුර බුරා සොයන මා ඹහුද ?


හැකිනම් සොයා දෙනු
මා සොයන මා මෙමට
සැගවිච්ච නුඹ අතර මුවා වුනු විසිළුවට...


අමතකයි මා මටත්
නුඹ නිසා රගන මම
චරිතයද ඇත්තටම ?

6 comments:

  1. පලමුවටම කිව හෑක්කෙ ඔබෙ බොලගය කිසිම පිලිවෙලක් නොමෑති බවයි ලියන කරුනු ලස්සන වෙන්න බොලොග් එකෙ පිලිවල බලපානවා බලන්න මාගෙ බොලොග් එක ඈව්ල්ලා http://wrestlingsl.blogspot.com

    ReplyDelete
  2. සොයා දෙන්නට නුඹට හැකිනම්...
    සොයා දෙනු මැන මට මාවම...

    වෙනස් නිර්මාණයක්...හුඟාක් සැලකිලිමත්ව වචන තෝරා බේරගෙන නිර්මාණය කරලා තියෙන්නෙ...හරිම අපූරුයි

    ReplyDelete
  3. සොහාන් >>
    ඇත්ත මම පිලිගන්නවා.මට එච්චර වෙලාවක් නෙට් බන්න ලැබෙන්නේ නැ. මම පිළිවෙලක් කරන්නම් .
    දිල් >>>
    ස්තුතියි!

    ReplyDelete
  4. මා මටවත් සොයා ගත් නොහැක ....
    ලස්සනට ගලපලා ලියලා තියනවා .........

    ReplyDelete
  5. ස්තූතියි අයියෙ! ඇත්තටම වෙන දෙයක්....

    ReplyDelete
  6. Don't
    try to
    find u
    just
    find u
    and
    there u r

    ReplyDelete

කොමෙන්ටු දාන්න..