Wednesday, December 8, 2010

අනේ අපේ හාමුදුරුවනේ !





‍පුංචි කාලේ දහම් පාසල් යන කාලෙ
  තිබ්බා පුදුම භක්තියක්  !
මඩ වලක වුනත් දණ ගසා නමදින්න හිතෙන තාලෙ  !


අහෝ කාලයා මට කල හදිය !!!


දැන් පුදුම අරුමයක් !
  නෑනෙ කිසිම භක්තියක් එන්නෙ හදවතට !


ලේ නහර කකියගෙන යන දුකක් ! වේගයක් !
   එන්නෙ දැන් දකිනකොට !


අනේ දහසකුත් එකක් සමාවෙන්ඩ දෙයියෝ !
   අපේ හාමුදුරුවනේ    සමාවෙන්ඩ !


 නුඹට තිබුන ගෞරවේ හදවතේ යස අපුරුවට 


       හොරු අරන් දුවාපි    !


චීවරේ විතරයි ඉතුරු ! වදින්නද ඒකට මං !!!




ඒ කාලේ රෑප පෙට්ටියේ බැලූවහම 
  හැම නාලිකාවකම පාහේ 
     හාමුදුරුවෝ උන්නා බණ දෙසන !


මේ ලගදි දැම්මාම  !
  හේරත් අත්තනායක , හරිස්චන්ද්‍ර උන්නැහේ,
      සිල්වා සරත් එන් ,
කියපි  හිටගෙන බණ  !
    අපෙ හාමුදුරුවො උන්නා වැඩල !
 ජතහඬේ ! තුලාවේ ! රතු ඉරේ ! 




නහුතයක් පාලි ගාථා !
        මටත් කටපාඩම් තිබ්බා පොඩි කාලෙ !
 කියෙව්වාම ඔයටික කටපාඩමේ


      මමත් සිරිමත් මගෙ සකි !!!


අනේ අපේ හාමුදුරුවනේ ඒපා දෙසන්න ඔය ගාථා  !
   හූදී ජනයාට නෑ තේරෙන්නෙ  ඕව !!!

කියා දෙන්න අපෙ හාමුදුරුවනේ උන්ට !!!
    හිතන්න හරියට !
        හරිදේ හරියට ! වැරදි දේ වැරදියට !
    දකින්න ජීවිතේ ල ජීවිතේ විදිහට !


ඒ පිනම ඇතිවේවි
   බුදුවෙන්නම නෙවෙයි
       නිවන් යන්නටත් නෙවෙයි 
  අඩුම තරමෙ සෝවාන් වෙන්නට වත්   !



අනේ අපෙ හාමුදුරුවනේ
   ගමකට දෙක ගානෙ තියෙනකොට පන්සල්ල
      ඒපා දේවාල අරින්න  !


 පුලූවනි නුඹට මුලූ රටම හදන්න


        දුර්වලයට කියල දෙන්න
      
           හරිදේ දකින්න
     
        උන්ට ජීවත් වෙන්න !


අන්න එදාට පුලූවන් වදින්න
  දණ විතරක්යැ
      මුලූ සරුවාන්ගෙම බිම ඔබාගෙන !
මතු මත්තේ බුදුවේවා !
       අනේ අපේ හාමුදුරුවනේ !


06/12/2010

No comments:

Post a Comment

කොමෙන්ටු දාන්න..