Monday, July 18, 2011

නගෝ කවියෙක් වෙන්න.......!


අකුරෙන් අකුරට බැදෙනා
වචනෙන් දම් වැල් සැදුනා
ඒ වැල් පද වැල් ගෙතුනා
එතකොට කවි පද සැදුනා

අකුරට අකුරක් බැදුනට
වචනෙට තව ඇමිනුණාට
ඒ වැල් එක් රැස් කෙරුවට
නගෝ බැරිය කවි නෙලනට

කවියෙක් වන්නට ඕනේ - කියල නුඹට හිතෙනව නම්
වචන අකුරැ කෝම වෙතත් - පද ගැලපිලි කොහොම වෙතත්
නුඹෙ හදවත හදාරපන් - ලෝකය ගැන හදාරපන්
ගහට කොලට හාද වෙයන් - මහ පොලොවට පය තියපන්

6 comments:

  1. එල!
    එක නෙවෙයි ඇයි නගාටම කියන්නේ?

    ReplyDelete
  2. මේ පිළිතුරු කවියක්. නගෙක් අහපු ප්‍රශ්නෙකට. ස්තුතියි!

    ReplyDelete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  4. මේ අයින් කරපු කමෙන්ට් එක තිබ්බෙ කුණුහරුපෙන් අම්ම මතක් කරල.එහෙම කමෙට් දාන අයත් ඇති.ඒත් අයෙ ඒවගේ කමෙන්ට් දාන්න එපා. බලන්න බැරි නම් නොබල යන්න.බැනල කමෙන්ට් කරන්න අවුලක් නෑ ඒත් ඒවගේ කුණුහරුප භාවිතා කරන්න එපා. කාරුණික ඉල්ලීමක්...!

    ReplyDelete
  5. ලස්සන පද වැල් ටික .......

    ReplyDelete
  6. ලස්සනයි

    ReplyDelete

කොමෙන්ටු දාන්න..