ගෙනිහිල්ල දැම්මොතින්
උබ බෝම අතීතෙට...
දැන් උබට විසි පහයි
ඔන්න උබ දකිනවා
ලස්සන ම කෙල්ලක් ...
ඒ මූණ... ඒ මූණ...
උබ දැන් පිස්සුවෙන්
හරිම ලෙන්ගතු හුරැව
ආදරය හිතුන උබට...
තවත් ඉන්නව කොල්ලෙක්
දැකල පුරුදුයි වගෙ ඌත්
ඌටත් විසි හතක් ඇති..
දැන් ඉතින් කතාවේ - දුෂ්ටයා තමයි මේ....
උබත් ඇ වෙනුවෙන්
ඌත් ඈ වෙනුවෙන්
ඈ උබට පුරැදුයි
ඌත් ඒ වගෙමයි...
මේ ප්‍රේම යුද්ධයෙන්
ඕන් උබ දිනුවා...
දැන් ඈගෙ ආදරේ
ඔං උබගේමයි....
දන්වද කව්ද මේ
උබේ මේ සුන්දරිය ?
අත්තම්ම වුනා නම්
ඒ උබේ අතීතය..
කව්ද එතකොට මේ
කතාවේ දුෂ්ටයා
ඒ උබේ මුත්තමයි
වුනානම් එහෙමම
දෙයියනේ දැන් ඉතින්
උබ කොයිද ? උබ කොයිද ?
වෙච්චි පට ලැවිලි ගොඩ!
ඒ හින්ද කෙල්ලකට
ලයින් දානව නම් එහෙම
පොඩ්ඩක් හිතාපන්
දැකල පුරුදුද එහෙම ?
දැකල නැති වුනත් පෙර..!
.... සටහනක් ....
අනර්ගයාට වැරැදීලා වගේ...
ReplyDeleteතේරුනේ නෑ සහෝ..
ReplyDeletetherenne na mchn, hariyatama anthima kiyanan hadanne mkdda kiyala?
ReplyDeleteඑක නියමයි.වෙනස්..
ReplyDeleteහම් ඔව් අන්තිම ටික අපහැදිලි කියල මටත් තේරුනා. මට කියන්න ඔන වුනේ දැන් අපි ඉන්නෙ මොන කාලයේද කියන එක අපිටම මගහැරෙන වෙලාවල් තියෙනව වගේම අපි අයිති මොන කාලයටද කියන එක හිතාගන්න බැරි දේවලුත් වෙන නිසා. අත්දැකල තියේද කවද හරි. මේ දැන් දකින සිද්දියක් කෙහේදි හරි කවද හරි කලින් දැකල, තියේ මේවිදිහටම අත් දැකල තියේ කියල.අන් ඒවගේ. අපි මේ දැන් කරන සුළු දේවල් වලින් අපිට හිතාගන්න වත් බැරි පුදුම සහගත අනාගතටක් නිර්මාණය වෙනව වගේම ඒක මොහොතෙන් මොහොත වෙනස් වෙනව.ඉතින් අපි කොච්චරනම් දේවල් කරනවද? ස්තූතියි කොමෙන්ටු වලට..
ReplyDeleteවෙලාවට පහලින් පැහැදිලි කොරලා තියෙන්නෙ, මමත් අඤ්ඤකොරොස් වෙලා හිටියෙ ......
ReplyDeleteඇත්ත ඇත්ත.මංඥංවෙනව තමයි.මට වැරදිලා...
ReplyDelete