ඉබේ වැවුන කොන්ඩෙ !
ඉබේ වැවෙන නිසා වැවුන රුවුල !
වවුලෙක් වගේ ? නොනිදන !
දකින්න නැති නිසා වැඩිපුර ගෙදර !
නැති වුනාද නුබට නුබේ පුතාව ??
වයසයි දැන් ටිකක් නුඹට !
දුර්වලයි ටිකක් විතර !
නැතිවුනාද නුඹේ ආත්ම විශ්වාසය
තිබුන වෙනද නුඹට නුඹේ පුතා ගැන !!
නැතිදා හපන්නට දත් !
දන්නව මමත් තපින්නට වෙන බව ගිනි !
උක් දඩු වලටත් !
දස දහසක් දෙයියෝ සමාකරන්ඩ !
අහිතකින් නෙවෙයි වැඩි වුනේ හඬේ සැර !
අහනකොට අහනකොට
කවවදද උඹේ ඹ්ක ඉවර වෙන්නෙ ?
දිගටෝම !
යතාර්ථය මා ගිනියම් කල නියාවෙන් !
නුඹ දකින ටයිකෝට් හීනය මා ගැන !
දැන සිටින මුත් නොමැති අතපෙවෙන මානයක !
කියන්නද කෝම කටක් හැර මං නුඹට !
ඉඩ නොහරින්නම් දැනෙන්නට නුඹට
රග පොවන බව
කදෝ පැණි චරිතයක් නුඹ !
සුන්දර ලෙසින් දකින රුදු ගිනි දැල්ලක
කුමරු තිස් කළ ලෙසට මරණස දුටුගැමුණු හට
කොත් නිම කරමි පිළියෙන් සුදෝ සුදුවට !
තිස් තුන්කෝටියක් දෙයියෝ
දිරි දෙන්ඩ අයියෝ
ගොඩ යන්ඩ !
ලේ නහර කකියවමි
එළි කරන්නට සිහිනය දකින නුඹ !!!
13/12/2010
ganan ganna epa machan,
ReplyDeleteඔව්ව ඔහොම තමයි ...!
ReplyDeleteමොනා කරන්නද ?
kawuththa kiwwahama enen maha darunu, amuma amu hageemak ne. eaken patan ganna kotama kaviyata kela wenawa. ea wage vachan daana kota meeta passe hithala daanna.
ReplyDeletegood luck
බොමහාම ස්තූතියි !
ReplyDeleteකියවන කෙනාට එහෙම පේනව කියන්නෙ මම අසාර්තකයි.මම ඒක පිළී ගන්නව.
මට ඕන වුනේ මේ හැගීම මගේ ලේ නහර කකියවන තරම් මාව සසල කරන අවස්ථාවක් කියන එක පෙන්නන්න. ඒකයි අමුවෙන්ම ගැහුවෙ.
සුළුවෙන් බොළද විදිහට සුමටව රසයක් මතුකරන්න උත්සාහ කලා නෙවෙයි. මට ඕනැ වුනේ මෙකෙ අනුවේදනීය බවක් හගවන්න.
තිස්තුන් කෝටියක් දෙයියෝ දිරිදෙන්ඩ අයියෝ.... වගේ වැකි.
යතාර්තය තිත්ත නිසාවෙන් එය සගවා බොරැවක් පෙන්වීම සාහසික බවක් බව අමුවෙන්ම තේරැම් කරන්න මම උත්සාහ කලේ.
නමුත් කියවනකෙනාට එහෙම නොපෙනුනා කියන්නෙ මම අසාර්ථකයි.
ප්රතිචාරයට තුත්මල් මිටක් පුදන්නෙමි.....
ඔබ වගේ තව සිය ගණනක් මේ ප්රශ්නේ නිසා විදවනවා
ReplyDeleteඇත්ත.ඒත් ඒක සමාජ ප්රශ්ණයක්... යන විදිහට නම් විසදුමක් පේන මානෙකවත් නෑ වගේ...
ReplyDelete