Thursday, January 26, 2012

අකුරු සතර...!



       ලියන්නට කවක්
         සෙව්වෙමි බෝ කලක්...!

      නොහදුනන වදනක්
         සොයමින් තේරුමක්....!

බලාහුන් පෑන
   ආසාව හඩවමින්...!

ඇවිදින් දිනක්
        පිටාර යනු මෙලෙසින්...!

හඩපන් දෑස
        නොහදුනන කදුළු ඇයි දැයි ?

    බැහැ! පෑන නවතියි
     ඇයි දැයි නොතේරෙයි...!

දිය හැකිද වදනක්
    හදුන්වනු මේ අසහනය...!

වදන නම් ඒ
       හැඩවූ අකුරු සතරක්...!

5 comments:

  1. ගොඩක් අය හඬවපු අකුරු හතරක්.....

    ReplyDelete
  2. හදුනනා වදනක්
    නොහදුනන අයුරින්
    කිමද සොයමින් අරුතක්
    මොහොතකට වසා දෑස්
    අසාපන් හදවතින්
    ලියන්නට හැකිදැයි
    කෙතරම් මිහිරි කවක්
    විදවනා නොව
    විදිනා ආදරක් ගැන
    අන් කිසිවෙකුටත් වඩා
    එය දන්නේ නුබේ
    හදවතම පමනයි

    ReplyDelete
  3. හදුනනා වදනක්
    නොහදුනන අයුරින්
    කිමද සොයමින් අරුතක්
    මොහොතකට වසා දෑස්
    අසාපන් හදවතින්
    ලියන්නට හැකිදැයි
    කෙතරම් මිහිරි කවක්
    විදවනා නොව
    විදිනා ආදරක් ගැන
    අන් කිසිවෙකුටත් වඩා
    එය දන්නේ නුබේ
    හදවතම පමනයි

    ReplyDelete
  4. හම් උත්සහ කරමු..

    ReplyDelete

කොමෙන්ටු දාන්න..