බක බක ගාල - මහා හයියෙන්
හිහ් හිහ් ගාල - හීනියට
හිහ් ගාල - නොන්ඩියට
කට පුරාම අවන්කවම - අමුතු අමුතු මාරු හිනාව ....
මුතුවන් කිරි කිරි පාටට
බුලත් කහට රතු පාටට
පනුවෝ කාපු කළු පාටට
පුරවපු රන්වන් පාටට
කට පුරාම ඇදී දෙකෙන්ම
කට කොනකින් යාන්තමට
එක පැත්තක් උඩ ගියාම
අක්මවත් පෙනෙන ලෙසට
එක හිතින්ම අවන්කවම
මුනිච්චාවට ලාවට
හිතකොනකින් පුපුරා පුපුරා
සමච්චලෙකට සද්දෙට
රටක් වටිනා දුප්පතාට
උජාරුවට පෝසතාට
ගොඩක් වටිනා දුප්පතාට
නැතුවම බැරි ඇමතිලාට
හැමදෙනාම දන්නා කියන
බොහෝ අයට පිහිටට එන
රට වනසන සිත නලවන
අමුතු අමුතු මාරු හිනාව ..........!!!
(වේදිකා නාට්‍ය ආරක් ..)
දුඹුරු තික් ගැහැනියකගේ පාපොච්ඡාරණය
-
හම දුඹුරු වෙන තරමට වාත අඩුයි කියල තමයි අපෙ අයියා මට කිවුවෙ. හැබැයි එහෙම වාත
අඩු නෑ. අයියට මම පෙන්නුවා මට ඉන්ස්ටග්‍රැම් එකට එන එක එකාගෙ බිජ්ජවල්වල දිග
පළල...
1 year ago




No comments:
Post a Comment
කොමෙන්ටු දාන්න..