skip to main |
skip to sidebar
බලන්න තිබ්බනෙ එන්න කලින්......
අදුරෙන් මිනිසුන් මුදන්න
සත්‍යය වෙනුවෙන් අරගල කරන්න
ඇත්ත මේකයි වටහල දෙන්න
පස්මහ බැලූම්ම බලන්න වුනාලූ ,
අප මහ සිදුහත් කුමරුට
මේ ලෝකෙට ආගමනය කරන්න.....!
අදුරෙන් මිනිසුන් මුදන්න
සත්‍යය වෙනුවෙන් අරගල කරන්න
ඇත්ත මේකයි වටහල දෙන්න
මැරෙන්නම වුනා
යේසුස්ට ....!
පස්මහ බැලූම් නොබැලූ වරදට !
මේ ලෝකෙට එන්න කලින්.
පහත් කුළේ උපන් නිසා
ඉහල එවුන් නොතැකු නිසා
මැරෙන්න වුනා යේසුස්ටත් !
නිකමට හරි බලන්න තිබ්බා,
කාලය,දීපය,දේශය, කුළය සහ මව
එන්න කලින් අපි අතරට.
අඩුම තරමෙ කුළය විතරක් වත් !
ඔල මොට්ටල මේ ලෝකෙට
කුණු මොළ ඇති මේ ලෝකෙට
අසාධාරණ මේ ලෝකෙට !
බලන්න තිබ්බනෙ , එන්න කලින් ...
අපි අතරට !
No comments:
Post a Comment
කොමෙන්ටු දාන්න..