Sunday, October 24, 2010

ඔහොම ඉදින් ළමාවිය...

 ළපටි සියුමැලි ළමාවිය
    එපා .... නුඹ ලොකුවෙන්න....!
 
   සුන්දරයි  නුඹ..  පිවිතුරැයි... හද..!


      නෑ සුන්දර හිතන තරම්..!
             අධමයි කුරිරැ සමාජය...!


 කමාවෙයන් සොබාදහම...!
       ඉල්ලුවාට මම මේහෙම....!


ඒපා ලෙකුවෙන්න ...!


   ඔහොම ඉදින් ළමාවිය.....!

Saturday, October 16, 2010

sms මිතුදම....

කාලය පිස්සුවෙන් වගේ හැල්මෙ දුවද්දි....
       මගේ ‍phone 1 තාමත් busy....
 ඒදා වගේම තාමත් ලෙන්ගතු sms එනව වැල නොකැඩී.
    
      කෑවද බීවද නිදිද නැගිටලද ???
               හපොයි ඊට එහා ගොහින් ගොඩක් දැන්.
අවුරැදු වලින් කීවැකි ඉතිහාසය දැන්.

     කීව අගලක් නෑර ඈ  මට මම ඈට.
                  වග තුග ජීවිතේ හැඩ රැව ඇද කුද.....!

කලකදි සුදුළු දකිනා නිතරම කරමල් කුකුළු.
      එහෙම වුනා කියන්නම බෑ....................

සුන්දරයි තාමත් sms මිතුරැ.
      
      සමහර වෙලාවට off, waiting වුනාම 
                  ඇගට හිරි වගේ නැතිවුනාම miss, Sms  !

              සමාවෙයන් රළු වුනිනම් මා sms...
    වයින් වගෙයි මිතුදම sms sms.....

Friday, October 15, 2010

යතාර්ථයට ආවැඩීම...

අතීතය...!!!
                   සුන්දරයි...!
                          ඒ 
                              අතීතය නිසා.


අනාගතය... !! 
                      සුන්දරයි ...???
                        ඒ
                 තවම වර්තමානය නිසා.......!!!

Sunday, October 3, 2010

දැන් නුබත් මිනිහෙක් ..... !

පුර වැසියන් ලෙස ... චන්ද අයිතිය වත් නැති සද .....!!!

    කරදඩු උස නිසා ඇදගෙන ගියාම පස්සෙන් .......

                     මැති සද ........ !!!!

නුබ මාර බලවේගයක්   ..    දිනන්නට ඒ සද .....!!!

        කප්පරක් අන්ද බලාපොරොත්තු නුබ හිස මත......

             
            ලියන්නට , කියන්නට , සිතන්නට .....
                  නුබට ඇති අපූරු හැකියාව....,
                       ලොවක් තනන්නට , සිතන්නට...........
                              ඇති නුබේ ජවය ..


      මේ එකක් වත් නැති නාකි මොලයට ,
                  පෑගියන් පා දුහුවිල්ලක් විලසට ....!



ජය වේවා !!!

    අවසාන මහා උද්දාමයෙන් ...

         පුන්බපන් පපුව උජාරුවෙන් .....


දැන් නුබත් මිනිහෙක් ..... !!


දිනුව නොව මැති සද ...!

      අහෝ ෙඛ්නීය ෙයෟව්වනය ..... !

                 හති වැටී අැති සද ..!
                           
                        ෙමාට වූ තුරැණු විය.... !!

සමාවෙයන් blog පත්ත්තිරු තනි වුයෙන් .......

 පසුගිය කල වැඩ වැඩිවූ                      නිසාවෙන්
 අමතක වුනා නුබ තනිවූ                     නියාවෙන්
 cyber යේ නුබ තව                       හුදකලාවෙන්
 නොතබමි මගේ කවි ඇත        පෙරමග බලමින්

Wednesday, July 28, 2010

සිතුවිල්ල........

මා උගතෝකෝටිකයකි.

මටම

සමාජය ,

නුඔ නිවැරදියි, නුඔ වැරදියි

අලවනු ඇත ලේබල් , පින්තාරු කෙරූ කටවුට්

නමුදු , මම, මම මය .



මා මොහුය , තීරණය කලේ නුඔය

මා ආදරෙයි නුඔට

හරි හෝ වැරදි හෝ

සිතුවිල්ල ,

පත්කල නුඔ මා මෙලෙස සිතුමට.

25-07-2010

Saturday, July 17, 2010

ඇයි මේ මොකෝ ????

දවස ගානේ - උදේ හවස
යන එන කොට වැඩට වැඩට ..
මතක් වෙනවා අහල තියෙන
සංසාරේ අනිත්‍ය බව....

මහත මුහුණු .... හීනි මුහුණු
පට උලපු ගැහැණු මුහුණු
හිනාවෙන්න අමතක වුනු
ගාම්බිර පිරිමි මුහුණු.....

"තමුසෙට පිස්සුද ?? මගේ ඇගේ ඇලෙන්නේ ?? යනවකෝ ඉස්සරහට....

උයි ..... පගුව නේද මගේ කකුල!!! # $% !!! . bus 1ක යන්න දන්නේ නැද්ද??? #$##$^***!!!! "


"ඉසරහට යන්න ඉස්සරහට යන්න. ඔය මැදින් ඉඩ තියෙන්නේ..."


උජාරුවට පැද්දි පැද්දි කොරවක් ගමනින් ඇවිදින්
මේකප් 1 තට්ටු ගණන් .. පෝනි tail කොන්දේ බැදල
ලතාවකට පද්දන කොට, හරි සනීප... කස පාරක්
කේශ ලතා මගේ කටේ....


මැදන් අපු හදිස්සියෙන්.තැලිලා ඇදිල කමිසේ මගේ..
දනපොල්කටු ලග වෙනකම් අඩි වැදීලා කලිසමේ
මෙහෙම එන්නේ මොකටද මන්, හිතල බැලුව 10 පාරක්
නෑ හරියට තේරුනේ ....

Thursday, May 27, 2010

අනේ අපොයි පරම සත්‍යය !


කාටත් බැරි සොයා ගන්ට
  ලොවේ ඉහලම දාර්ශණිකය
    පරම සත්‍යය  - එකම සත්‍යය !

ඒ වෙනුවෙන් සටන් කරල
   ධන වාදෙට පයින් ගහල
      මිනිසුන් අතරට ගිහිල්ල
        නොකා නෙබී හිතල හිතල

කියා දීල - ලොව සනසල
      දෙනෝ දහක් එගොඩ කරල

    කියල දුන්නට පස්සෙත්
        ඇත්ත ...!
        අපේ මිනිසුන්ට....

හරව ගත්ත ඒක - ආගමකට
         මරා ගන්නව අපේ හැත්ත ...!
උපතේ ඉදල මරණෙ දක්ව - මුලා වෙලා මෝඩ වෙලා
වීසි කරල ඒකෙ තියෙන  - පරම සත්‍යය එකම ඇත්ත !

    දොහොත් මුදුන් දීල වැදං
    නහුතෙක ගාඨ පාඩං කොරං
    මෙලෝම තේරුමක් නැතිව
    උනුත් කියයි ලොක්කෝ වගේ

    4 පෝය සිලූත් අරං
    පිළිම,බෝධි දැක නැගිටං
හතර අතට වැදගෙන වැදගෙන වැදගෙන වැදගෙන .......
    ලෝකෙටම පෙන්න
    දාන මාන දාන දාන ...
දීගෙන දීගෙන දීගෙන දීගෙන ........

    අපේ හැත්ත කරපු දේට
    කියා දීපු ඒ ඇත්තට
    සිටියා නම් සිදුහත් තෙම !
    අද මේ විපරිත දකින්න....

සමා වෙන්ට මෙහෙම කීවට ... !
    ආයෙ යනව ගිහිගේ හැරල ...
    ලොව්තුරු බුදු බව ලබාන,
හැබැයි පුතෝ මෙදා පාර ... !
    බෑනෙ අපේ උන් හදන්ට
    පසේ බුදුයි වෙන්නෙ ඔං ....... !

බලන්න තිබ්බනෙ එන්න කලින්......

  
අදුරෙන් මිනිසුන් මුදන්න
  සත්‍යය වෙනුවෙන් අරගල කරන්න
     ඇත්ත මේකයි වටහල දෙන්න

පස්මහ බැලූම්ම බලන්න වුනාලූ ,
    අප මහ සිදුහත් කුමරුට
මේ ලෝකෙට ආගමනය කරන්න.....!

අදුරෙන් මිනිසුන් මුදන්න
  සත්‍යය වෙනුවෙන් අරගල කරන්න
     ඇත්ත මේකයි වටහල දෙන්න

මැරෙන්නම වුනා
    යේසුස්ට ....!
පස්මහ බැලූම් නොබැලූ වරදට !
    මේ ලෝකෙට එන්න කලින්.

පහත් කුළේ උපන් නිසා
ඉහල එවුන් නොතැකු නිසා
මැරෙන්න වුනා යේසුස්ටත් !

    නිකමට හරි බලන්න තිබ්බා,
කාලය,දීපය,දේශය, කුළය සහ මව
    එන්න කලින් අපි අතරට.

අඩුම තරමෙ කුළය විතරක් වත් !
    ඔල මොට්ටල මේ ලෝකෙට
    කුණු මොළ ඇති මේ ලෝකෙට
    අසාධාරණ මේ ලෝකෙට !
බලන්න තිබ්බනෙ , එන්න කලින් ...


අපි අතරට !

පන්තිය .....

හැන්ද සළු පිළි ඉවත ලා.....
    මග තොටේ ඔබ සැරි සැරුව හොත් ..!

සමාජය ඔරවා බලයි, නුඔ.....!
    සාධාරණයි එය කෙලෙස කීවත්.....!

එහෙත් සොහොයුර .....!
    මදක් සිතනුය.....!
ඇයි .....??
      සමාජය ඔරවා බැලූයේ.....?

ටයි කොට් නෙක පැලැන්තියෙ ඔබ.....!
    වැලද ගත් විට සි`ගන කොලූවකු.!

සැමරුම

මරු කතරක පුංචි මලක්. !
    ඵල දරනට පංචි වැලක්. !
නොහෙනා දැඩි අධිටනකින් මිහිකත මැවුනා ... !

ඒ අධිටන ඵල දරනට
    මරු කතරෙ  දිය සොයමින්
        මුල් දිව ඇදුනා.....!
ඒ මුල් මරු දෙරණ පාලා
    දිය වැල් මතු පිටට ගෙනැත්
        මරු මුව දුටුවා .....!
පුංචි වැලත් මල් මුවරද
    සිනා දකින සිහිනයෙන්ම
        මරු මුව වැටුනා .....!

ඉන් පසු ඒ දිය දෝතින්
    මල් දෝතක් හිනැහෙන
         නව ලොවක් බිහිවුනා .....!

ඒ මල් වල සිරි විදින්න
    ඒ උදාර පංචි පැලය
        තවමත් එහි සිටියානම් .....

    මා සිත කීවා .....! .....!

Friday, May 21, 2010

වාසනාවට අත හැරැනු සිහිනය ......

ඈතිත් ඈතට
  රෝද 6ක් උඩ
    මා හදවත
      නුඹ යන සද

මා සැම දින
  රිය අසුනක
    නුඹ පෙර මග
       මකුනො කකා....!

ඒක් දිනකදි
  මා හදවත
    “උරැලෑවෙකු”
      හා නැගි සද

වීසි කලෙමි
  ඒ සිහිනය
   ඒ අසුනෙම
    නියපොතු කා....!

ලග දිනයක
  ඈ නැගි සද
   පෙර විලසම
     මා අසුනක

සිනා සුනා
  මා සොමි සද
    පෙර කිසි දින
      සිනා නොවුන

පිරි නැමුවෙමි
  මගේ අසුන
    ඒ සොමි සද
      මවක නිසා

සිනා වුනා
  නොවේ ගියා
    තනිකඩ මට
      “උරැලෑවට”

උපේක්ෂාව......

දළ      රල     පෙල ....!
         සුදු     පෙණ     පිඩ ....!
                 මා     පැතු     ලද ....!
                         ඈ     ඌ     ලග...!

ගං වතුර...

දවස් 2ක්ම එක පිට එක
   වැස්ස වැස්ස මහ සද්දෙට
      ආ‍කාසෙට නිවනක් නෑ
         අකුණු,සුලං,වැසි ඔක්කොම.

 ඔන්න බොලේ ගං වතුර...!
 කවදත් නැති පැතිවලටත්..!

     කවදාවත් හොදක් නාහන කෙනා
       ආකාසෙනේ....
    මේසැරෙත් අහගත්ත ලුණු ඇඹුල් ඇතුවම.

“අමරෙගෙ ගේත් යටවෙලා                                   
     ඇයි නිමල්ගෙ...! සිරියාවතීලටත්...
          අඩි 3ක් උහට..!
     ඇයි කමලලාට ! අපිනේ උදව්කලේ....!”

“මොයෙං වාන් දානවලු - ඒකයි මේ..!
    වතුර බහින්නෙ නැත්තෙ..!
දැං වැස්සොත් කොහෙ යන්නද?”

  “ධර්මසේන මුදලාලි, උඩතට්ටුවෙලු -
      පහත සේරම ගහං ගොහිං..
  ඔය මනුස්සය, නරවෙල ගොඩකරලනේ ඔය ගේ
      ගැහුවෙ..!
               ඔව්ව තමයි ඉතින්..!
    කවද වෙච්චද මෙව්ව..!
    ඒක ඇත්ත..!
             අපිට කවද්ද ගංවතුර ආවෙ..!”

“එගොඩහ හන්දියේ උන්නු - දන්න කාලෙ ඉදන් හිටපු
80 වකට වඩා වයස - මාර ගහත් පෙරලිලාලු”

“අපේ එවුන් ‍වෙල් ගොඩකලා
    ඉස්සර මේ වෙල් යායනෙ..
ඉන්දියාවෙ ගස් වවලලු
    ඒ කනෙ මේ හැටි වහින්නෙ..”

නිමලගෙ වහලය විතරයි..
     ඒකගෙ මොනා යන්නද? අසරණය..
ඒක අතකින්.. මේත් හොදයි.. නැත්තං
ධර්මසේනට පොඩි උන් පෙනුනෙ නෑනෙ.
  දැන් ඔය අපූරැවට හිනා වෙන්නෙ...! “

ඔහොම වුනෙත් අපේ හොදට
     නොමළත් මළ මිනිස්සුන්ට
        ඉදල හිටල හරි ලාවට
            කොනිත්තන්ට ඕන නේද
      තාම නොමළ බව දැනෙන්ට..!

ඔං පුතේ ආකාසෙත් - බලං උන්නෙ හැම දෙයක් ම
    
    ඉතිං මදෑ කොනිත්තෙව්ව.....!

වෙසක් මූණු ....

වෙසක් මූණු , වෙසක් මූණු - පාට පාට , වෙසක් මූණූ
මතක් වුනා පුංචි කාලෙ - මට ගෙනාපු වෙසක් මූණූ


තාත්ත දවසක් ගෙනාව - යක් මූණක වෙසක් මූණ
කාඩ්බෝඩ් කොළ අලවපු - බයත් හිතුන වෙසක් මූණ


දැක්කම ඒක, මටත් බය හිතුන.
දාගත්තම ඒක, මට පහල එවුන් බයවුනා.


නැගල ගියා වෙසක් මූණ...! අනිත් එවුන් බයවුනාම.


ඔන්න අයෙ වෙසක් ආව
එතකොට ‍මම ටිකක් ලොකුයි...


වෙසක් මූණු ‍වෙසක් මූණු
පාට පාට වෙසක් මූණු


ගෙනාව තාත්ත මටත් එකක්.......!


කාඩ්බෝඩ කොළ අලවපු - බයත් හිතුන වෙසක් මූණ
නෙවෙයි ඒක...!
ප්ලාස්ටීක් පාට පාට - මිකී මවුස් වෙසක් මූණ


ඔන්න ඔහොම වෙනස් වුනා - පාට පාට වෙසක් මූණ...!


ඔන්න ආයෙ වෙසක් ඇවිත් - මේ 27 වෙසක් දවස
ලංකාවම වෙනස් වෙලා - ටවුන් එකත් වෙනස් වෙලා
වෙසක් මූණූ වෙසක් කාඩ් - රට වටේම ගම වටේම


“අන්න බං උබේ මූණ, කඩේ ඇතුලෙ...!”
කිව්වාම මගේ යාළුවෙක්, - හැරිල බැලුව මමත්
කඩේ තිබුනු මූණු දිහා....


ඇමරිකාවෙ, එන්ගලන්තෙ - වගේ එක එක රටවල්වල
“Hollow” දවස සමරනකොට - හොලිවුඩ් වල තිබුත තාලෙ
අලුත් වෙච්ච භූත මූණ
දිව ඇදිච්ච භූත මූණ
ප්ලාස්ටීක් වෙසක් මූණ
මෙදා පාර ගමට ඇවිත්


හිනා ගියා මට දැක්කම - මතක්වුනා පුංචි කාලෙ
තාත්ත මට ගෙනත් දීපු - යක් මූණක වෙසක් මූණ
කාඩ් බෝඩ් කොළ අලවපු - බයත් හිතුන වෙසක් මූණ

Sunday, May 16, 2010

හිනාව..

බක  බක  ගාල   -  මහා  හයියෙන්
හිහ්  හිහ්  ගාල   -  හීනියට
හිහ්  ගාල   -  නොන්ඩියට
කට  පුරාම  අවන්කවම  -  අමුතු  අමුතු  මාරු  හිනාව ....

මුතුවන්  කිරි  කිරි  පාටට
   බුලත්  කහට  රතු  පාටට
      පනුවෝ  කාපු  කළු  පාටට
         පුරවපු  රන්වන්  පාටට
  
කට  පුරාම  ඇදී  දෙකෙන්ම
  කට  කොනකින්  යාන්තමට
     එක  පැත්තක්  උඩ   ගියාම
        අක්මවත්  පෙනෙන  ලෙසට

එක  හිතින්ම  අවන්කවම
  මුනිච්චාවට  ලාවට
      හිතකොනකින්  පුපුරා  පුපුරා
         සමච්චලෙකට  සද්දෙට

රටක්  වටිනා  දුප්පතාට
  උජාරුවට  පෝසතාට
     ගොඩක්  වටිනා  දුප්පතාට
        නැතුවම  බැරි  ඇමතිලාට

හැමදෙනාම  දන්නා  කියන
බොහෝ  අයට  පිහිටට  එන
රට  වනසන  සිත  නලවන
අමුතු  අමුතු  මාරු  හිනාව  ..........!!!

(වේදිකා  නාට්‍ය  ආරක් ..)

රැඩිකල් කළගුණ...

බෝයිල් ලා ,   චාල්ස් ලා ,   නිදිමරාගෙන  හිතපු  ඒවගෙන්
            පටන්  අරන් .............!

        අන්ස්ටයින්  ,   පයිතගරස් ,   ඉයුක්ලිඩ්   ටත් ....
                   ඉන්නබරුව ...........!
        
            ඩිජිස්ක්රා  ,  පැස්කල් ,  ස්මිත්  ලත්    එකතුවෙලා ..

             අපට  කෙලිය .............! 

      පදුරක්  පදුරක්  ගානේ , වලක්  වලක් ගානේ ,
            දෙනෝදාහක්  කැම්පස්  කොල්ලෝ කෙල්ලෝ ,
                  නොකා  නොබී  නිදිමරාගෙන .....
           
               කීපාරක්  නම්  උන්ගේ  දෙමාපියෝ  මතක්  කරන්න  ඇත්ද  ???

සමාජය සම්මුතිය....

"අ " යනු  "අයනු " යැ   !
"1" යනු  "එක " මයැ  !

"අ " නම්  "එක " යයි  , තෙපුලේද  යමෙක්  !
"පිස්සෙකි " යි  මුළු  ලොවම  තෙපලයි ....

"අ ", "එක " නොවුයේ  කීම  ??
  අසනු  සබ‍දේ  එවිට  උන්ගෙන් ...
ලැබෙයි  පිළිතුර ,
      "සමාජය ","සම්මුතිය " යැයි  එය .

ඉනික්බිති  නුබ  අසනු  පෙරලා  !
 "කව්ද ?","ඇයි ?" එය  මෙලොව  බිහි  කලේ ??

එයයි  "ස්වභාවය ", ලෝකයේ  එන
   "ස්වභාව ධර්මය " පියා  යැයි  එහි .
        ලැබෙයි  පිළිතුර  නුබට  ඔරවා ......

අසනු  උන්ගෙන් , !! නොපෙනේද  නුබලට  ??,
     සදා  පවතින  අසාධාරණය  එය  !! ,

 නොහැකි  පියබින්නට  ගෙවා  ගව්දුර ....
 කැමති  වී  මුත්  මින්  රලක්  හට  .....

 හදුනගන්නට  නොහැකි  නිසි  ලෙස ...
 මිනිසකුට  තව  එකකු  හදවත  .....
        (2008.01.11)

campus සිහිනය..

 පෙර  දින  මා  සිහිනෙන්  දෙව්ලොව  සිටියා ...
       ස්වර්ණ  ද්වාරයක්  ඇරිලා  ඇත වැනුවා ....
          සිත  සතොසින්  පෙර  පියවර  මම  තැබුවා ....
               "අද  මොනාද ??" සික්කෙක්  "හල්පොත " බැලුව ...

      දෙවැනි  පියවරේ  "වටකෙස් " සිනාසුනා ....
        තෙවන  පියවරේ  "කාර්ඩ්  ගුනේ " එරවුවා ...
           උනුත්  පහුකරන්  එඩියෙන්  මම  ඇදුනා ...
              දැන්  දැන්  ඇත  රන්  දෙවොලක්  මට  පෙනුනා ..
     
        මගේ  මිම්මට  ලෝගුව  එහි  හිද  සැලුනා ...
            එදෙස  බල  පය  ඉක්මන්  කර  ඇදුනා ...
               එක  පාරට  බකමුනෙක්  හැඩතලුව ..
                  "අයි  අවේ .???" "නානා " මට  බැනවදුනා  ..
    
    "බස්නායක ","උඩුගම ","හේරත් " දෙය්යෝ  !!!
              "ගිහාන් ","ගීගනගේ ","නව්ෂාඩ් " තව  අය්යෝ  !!!
       මෙකි  නොකී  තව  තව  එක  එක  දෙය්යෝ  ...
          මා  යන  මග  දෙපසේ   තේජස්  පැවෝ  ...

  ඉහින්  කනින්  දාඩිය  ඇලි  ගලා ගියෝ ..
    දෙව්ර  දෙපය  වෙව්ලා  මැඩලින්  ගැහුවෝ .
       මුන්  දැක  මගේ  පය  පැකිලී  ඇද  වටුනෝ .
        ඇහැරෙනකොට  මම  මගේ  ඇද  යට  සිටියෝ ...

    (campus 1 හා  සබදුනි .....)

ආදරය - විරහව ..

 ආදරය  ~~~


    මෝහතකදී  ~ හමු  වුනෙමි ,,,
              කිසිදිනක  නොසිතු  ලෙස .....
    කිසි  දිනක  ~ වෙන්  නොවන්නෙමි ,,,
        කිසිවෙකුට  නොහැකි  ලෙස .....    
    කාලය  ~  ගෙවී  යයි,,,
        හැගීමක්  කුමට  ඒ  ගැන ....
    ජීවිතය  ~ හඩ  ගසන්නෙමි ,,,
        සුන්දර  විලසටම .....
    ඉදිරියට  ජිවත්  ~ විය  යුතුය ,,,
        අප  වෙනුවෙන්  ~ නොවෙනස්ව ...


විරහව  ~~~


    මොහොතකදී  ~ හමු  වුනෙමි ,,,
        හමුවන  බව , -  දන  නොඋන්නෙමි ....
    මොහොතකදී  ~ වෙන්වුනෙමි ,,,  
        වෙන්වන  බවද , - දන  නොඋන්නෙමි ....
    කාලය  ~ ගෙවී  ගොස්  ඇත ,,,
        ඒ  බවද , - නොතෙරුනෙමි ....
    ඉන්  පසුද  ~ ජීවත්වී  ඇත්තෙමි ,,,
        ඒ  බවද , - නොතෙරුනෙමි ....
    ඉදිරියටද  ~ ජිවත්  විය  යුතු  බව  හැගෙන්නෙමි ,,,
        ඒ  අයි  දී  , - නොදන්නෙමි ....

ඒ තමයි හැටි....

පුංචි  මලක්  ,
            පිපෙන්න  බලන්  උන්න ,
    එත්  එක  අඩුවක්  එයාව  නැවැත්තුව .....!

    ලස්සන  සුරංගනාවක්  දැකල ,
            මල  මෙහෙම  ඇහුව ...!

                  "අයි  මම  නොපිපෙන්නේ ??  මොනාද  අඩු ??"
          "ඔයාට  ඕනේ  ආදරය , මිතුදම , -
            ඒ  හින්දයි  මල්  පිපිලා  තියෙන්නේ .."
    සුරගන  කිව්වා ....!

    සොඋම්ය  සුර්ය  කිරණ  එක්ක  යාළු වෙලා
            ආදරයෙන්  ඒ මල  පිපුන ...!
  
        හැබැයි ......

    හවසට  ඒ  මල  පරවෙලා  ගිය ..

        හැබැයි ......

    "අයෙත්  හිරු  හිනැහේවි  - අයෙත්  මල්  පිපේවි - ඒතමයි  හැටි ...."
  
    සුරගන  හිනා  වෙලා  කිව්වා ....

       (එක්තරා  ශුවිශේෂී  පුද්ගලයකුගේ  ඉල්ලීමකට  ම  අතින්  නිමවුවකි ..)

පෙම්වතිගෙ හමුවීම....

"හොරෙක්  හොරෙක්
  අල්ලපියව්  හොරෙක්  හොරෙක්  ....!"
හඩ නැගුන  ගිගුම්  දිදී ....

ගමේ  හැමෝම  වගේ  හන්දියට  දිව්වා
  අල්ලගන්න  හෝරාව  බෙල්ලෙන් ...

අල්ලාගෙන  කොල්ලෙක්  අහම්ම්බෙන් ,
    "හොරද  මේ ?" "මොකක්ද  case   එක ?"

අයිය  නෙළුව  ගමකට  ඔළු..
    කෙල්ල  මරහඩ  දෙද්දී  .....

පැන්න  වරදට  හම්බවෙන්න
    පෙම්පතිව , ගෙට ...
කෑගහල  "හොරෙක්  හොරෙක්  අල්ලපියව්  හොරෙක්  හොරෙක්  !!"

කරුමෙටමනේ  අයිය  උන්නේ !
      කෙල්ලගේ  අයිය ! , කෙල්ලගේ  !
අපරාදේ  කොල්ලගේ  master plane 1.

අයිය  නෙළුව  ගමකට  ඔළු ..
    කෙල්ල  මරහඩ  දෙද්දී  .....
    
(2010.05.07 දින  උදේ  OUAC එක  ලග  වුනු  සත්‍ය  සිදුවීමක්  අලලුනි ...
    සිද්දිය  බලන්න  මම  ගැන  මම  පිටුවට  යන්නකෝ .........    )

Monday, May 10, 2010

sms මිතුරිය..... 2

"එදා ඉදන් හැමදාමත්.....
 කෑවද? බීවද? නිදිද? නැගිටලද?
   නිවනක් නෑ ‍‍phone 1 ට , අඩනව එකසිය ගානට ..."


වෙනසක් නෑ තාමත්......
    කිට්ටුයි දැන් අවුරැද්දකටත්....
      මිතුරිය..... sms මිතුරිය .....
         සොයනව මා ගැන ...
                 මම....!
         සොයනව ඈ ගැන....
                  අපි...!
        විමසනව අපි ගැනම.විවේචනය කරනව සමාජය,
                        විචාරනව ලෝකය ගැනම.......


"එදා ඉදන් හැමදාමත්.....
 කෑවද? බීවද? නිදිද? නැගිටලද?
   නිවනක් නෑ ‍‍phone 1 ට , අඩනව එකසිය ගානට ...!"
     හදවත ලගින්ම...!


තිබුනු ලෙංගතු කමටම ...‍ 
      දැම්ම ඔයාල කලින් දැකපු නිසදැස ... !
           නම් කරපු SMS මිතුරිය...!
තිබුනු ලෙංගතු ආසාවටම ..
      ඇරයුම් කලා මිතුරියට,
                මගේ SMS මිතුරියට...
          බලන්න CYBER අවකාශයේ දිග හැරෙන,
               අපේ ලෝකය.....
           කවියකින් ගෙතී ඇතිබව
                මගේ BLOG අඩවියේ පිටුවක.!




                                 ඒත්............


      මගේ කවි ආරම ...
                        මටම සරදම් කල අපූරැව....  !!




"එදා ඉදන් හැමදාමත්..... කෑවද? බීවද? නිදිද? නැගිටලද?
   නිවනක් නෑ ‍‍phone 1 ට , අඩනව එකසිය ගානට ...!"


 දැකල මේ පද ටික.......
      දුක හිතිල ඇයට .....
          හැගිල ඇයට..........
              ඇය මට කරදරයක් වූලෙස ......
                     දැකීමෙන් මගේ කවි ආර ........!


   බිදිල ඒකිගෙ හිත.......
      පොල්ලකින් ගැහුව වගේ....
                  මගෙ මළුවට ....!


  අසරණ මගේ කවි ආර......!


      ඒත් .....
"එදා ඉදන් හැමදාමත්.....
 කෑවද? බීවද? නිදිද? නැගිටලද?
   නිවනක් නෑ ‍‍phone 1 ට , අඩනව එකසිය ගානට ...!"


තාමත්....
  හදවත ලගින්ම ලෙන්ගතු කමට..!


"I'm srry !!!
           I ddn't mnd t ..!
                     4 gv me...
                           4 my poor poetry ..!!
       U R Nt a disturbe 4 me evr.....!   BS & TC....."

Wednesday, May 5, 2010

කොහෙන් ආපු එවුන්ද ?

සමාජය  !!! ....   
කවුද  හැදුවේ  මේක  ?
මොකක්ද  උගේ  ජාතිය ? ආගම?
ඌ මොන  කුලේද  ?

ආදරේ  කාලේ  සුන්දර  කමට  !
          ලස්සනයි  ..!  ගතිගුණත්  අනර්ගයි ..!

####
   ගැලපෙන්නේ  නෑ  ඕකි  අපේ  එකාට !!!
    

      කොහෙන්  ආපු  එවුන්ද  ?????????????

^^^^^

 ඒකී  අවෙත්  මන්  ආපු  තැනින්මයි !!
    මන්  ආපු  විදියටම ..!
        නුල්  පොටක්  නැතුව ....!


  ජාතියක්  ආගමක්  හොයන්න  එකක්  තිබුනේ  නෑ 



                         තිබ්බේ  එකයි   .....

                     එකී  ගැහැණු  මම  පිරිමි    !!!!!!!
   
  එත්  කියනවා ,
        කොහෙන්  ආපු  එවුන්ද  ?????????????

ජනතාව බුද්දිමත් ......


රුපවාහිනී  සංවාදෙකට  ඇවිත් ...
    "රට  දියුණට  ඉදිරි  දැක්ම " මතෘකාව. !

    තුන්  පැත්තෙන්  3 දෙනයි ..
    අරඹය  අනර්ගයි  ..
       ඉතා  හරවත් .. !!

"මම  ජනතාව  පවා  දුන්නේ  නෑ - රට  යන  අත හරි  නිසයි  මේ  පැත්තට  අවේ ..!"

"අපි  දන්නවනේ  ඔබතුමාලා  ඒ කාලේ  කල  හැටි ..!"

     දැන්  උණුසුම්  !!!

"අපි  දිනනවා  නියතයි   - 70% යි ...!!!"
"බොරු  වාර්තා ~~ ජනතාව  අපිත්  එක්ක  80%න් අපි  දිනනවා ..!!!"


    "ජනතාව  බුද්දිමත්  ...!!!!!!"

        තාත්තට  හරි  සතුටුයි ...!

තාප්පේ .....

    තාප්පේ   !
        ලගදි  නේ  වැඩ  ඉවර  කලේ ....
                   සන්තෝසයි   මට .
    පුළුවන්   කමකට  නෙවෙයි ...
        පොඩි  ඒකිගේ  කොටහළුවට
            පෙනුමට  එපයි ඉතින් ....!
    කොයි  පාටද  ලස්සන  ?
        අළු  පාට ගෑවේ   ඊයේ ...!!

    අද  උදෙන්ම  ඇහැරුනා ..!
       
        තාප්පේ ..........!!!

තරබාරු  - විලිස්සුනු  මුණු  -  පෝලිමක්  .................................................!

    මොන  පාටද  ලස්සන  ?


           තාප්පේ  ..!



   

යෞව්වන ‍ඛේදාන්තය .......

ආසයි  ආදරේ  .........!
        එත්  !  තවම  නැ  මන්  ලෑස්ති  ..!

     ####
    අම්මටත්  අසනීපයි !
        වයසයිත්   නේ  දෙන්නටම  !
             මමත්  විතරයි  නේ  !
                 දිග්රියත්  නෑ  තම  !
    එත්......
    අසයි  ආදරේ .........!


        එත්  ! 

              තවම  නෑ  මන්  ලෑස්ති  ..!

ජාතික කවිය......

    යන  විදියට  ඔන්න  ඔහේ           යමල්ලා
    තලා  ගන්න  බෑ ගල්වල  ඔළු      හප්පා
    අපි  කියලා  කරනු  කිමද            බොලල්ලා
    ඒ  හින්ද  තව  තරගෙට               නිදියල්ල

sms මිතුරිය......

 
 Ring වුනා දවසක්
        phone එක !.
ඇවිත්  කෙටි  පණිවුඩයක්  
   අහල  සැප  දුක  !.

නොදන්නා  අංකයක් 
         අදුනන්නේ නැ මම  !

කීවාම  ඒ  වග , 
        සමව  ගත්ත  අහල  " ඇත්තමද ?"

එදා  ඉදන්  හැමදාම , 
"කැවද  ?","බීවද ?"  ,  "නිදිද  ? ","නගිටලද ?" "කොමද  ඔයාට ?"
නිවනක්  නැ   phone  1 ට   අඩනවා  එකසිය  ගානට .

මිතුරියක්  ! SMS මිතුරියක්  !
 හමු  වෙලා  මට .

"Hi  Ada  Komada  Oyata?   BS & TC "  
 

Tuesday, April 27, 2010

ඇරඹුම....

එ ඒ කාලෙ පොත් පිටු වල ලිව්      ඒවා
ඉන්පසු තෙලිතුඩට ඉදගෙන ලිව්       ඒවා
අන්තිමෙ ලියන්නත් අමතක වුනු      ඒවා
කොටලා තබමි මේ පිටුවේ තව       ඒවා......